IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සුක්කානම නැති තිරිංග නැති කාරයක් එයි

තිරිංග පද්ධතියක් හෝ ජියර පද්ධතියක් නොමැතිව ස්වයං පාලන මෝටර් රථයක් හඳුන්වා දීමට ගූගල් සමාගම පියවර ගෙන ඇත. රථයේ සවිකැර ඇති සංවේදන උපකරණ මගින් අනතුරු හඳුනාගෙන ධාවන පථ මාරුකරමින්, ධාවනයේ යෙදීමටත් මාර්ග සංඥා හඳුනාගැනීමටත් මේ නව රථයට හැකියාව ඇතැයි ද නිෂ්පාදන සමාගම පවසයි.

ලෝකයේ ප්‍රවාහන ක්‍රමය කණපිට පෙරලීමේ සමත්කමක් ඇති මේ වාහනයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇස් ලෙසත් අධි සංවේදී ලේසර් සංවේදක පදධතිය නාසය ලෙසත් පෙනෙයි.

බරින් අඩු පොලි කාබනේට් මගින් රථයේ බඳය නිපදවා ඇත. ඉදිරිපස වීදුරුව නිපදවා ඇත්තේ ඇල්ලූ විට නැවෙන නම්‍යශීලී ප්ලාස්ටික් වලිනි. මෘදු ෆෝම් වර්ගයක් යොදාගෙන බොනට්ටුව නිපදවා තිබේ.

ගූගල් සමාගම පවසන්නේ මේ රථය මාර්ගයේ ධාවනය කරවීම සඳහා වීඩියෝ කැමරා, රේඩාර් සංවේදක, ලේසර් කිරණ, ජීපීඑස් සහ සවිස්තරාත්මක ත්‍රීඩී සිතියම් ද සම්පාදනය කැර ඇති බවයි. මේ සිතියම්වල මාර්ගය දෙපස ඇති කාණුවල හා බැමිවල ගැඹුර මෙන්ම උස ද සඳහන් කැර ඇතැයි එම සමාගම කියයි. මේ වාහනය භාවිතයට පැමිණි විට මාර්ග අනතුරු අවමකැරගත හැකිවේයැයි ගූගල් සමාගම විශ්වාසය තබා ඇත.

රථයේ සුක්කානම වෙනුවට ඇත්තේ ස්විචයක් පමණි. මෙතෙක් මාර්ගයේ ධාවනයට යොදා නැතත් ඉදිරි සති කිහිපයේ දී මාර්ගයට යොදවන බවත් සමාගම පවසයි. මේ රථයේ උපරිම වේගය පැයට කිලෝ මීටර 25කි.

1409427296447_wps_17_August_26_2014_Mountain_V - Copy 1409427453215_wps_19_August_26_2014_Mountain_V



අදහස් (0)

සුක්කානම නැති තිරිංග නැති කාරයක් එයි

ලෝචන අසංක Sunday, 07 September 2014 08:59 AM

මටම කියපු වාහනේ!!!! (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 04 September 2014 05:35 PM

ගුගල් සමාගමට පින්සිද්ධ වේචා! සුක්කානම නැති,තිරිංග නැති මෙය වඩාත් ඔබින්නේ අපේ රටටමයි. මිල අධික නිසා ඉන්ධනත් අනවශ්‍ය ඇති. උපරිම වේගය කි.මි 25 නිසා ගස් අස්සේ හැංගිමුත්තන්ගේ දඩ කොලයෙනුත් නිදහස් ! දුම් සහතිකයෙනුත් නිදහස් ! (නි)

:       0       0

පෙරේරා Friday, 05 September 2014 09:52 AM

ලංකාවෙත් පාරවල් වල අපූරුවට යනවනේ තිරිංග නැති, සුක්කනම් අඩපන, සංඥා ලාම්පු විදුලි ලාම්පු මොනවත් නැති වාහන. (අ)

:       0       0

දිනුකා Saturday, 06 September 2014 03:59 PM

දෙවැනි පොටෝ එකේ නම් පේනනේ කාර් එක පැ.කි.මි 150 විතර යනවා වගේ...(අ).

:       0       0

රිචඩ් Sunday, 07 September 2014 04:39 PM

මේකේ නැත්තේ බ්රේක් පද්ධතියක් නෙමෙයි. බ්රේක් පෙඩ්ල් එකක්. (නදී)

:       0       0

රිචර්ඩ් නිකපිටිය Sunday, 07 September 2014 05:35 PM

මේකේ නැත්තේ බ්රේක් පද්ධතියක් නෙමෙයි. බ්රේක් පෙඩ්ල් එකක්. (නදී)

:       0       0

තුෂාර Sunday, 07 September 2014 03:28 AM

රිය අනතුරකදී නීතිමය පියවර ගන්නේ මඟියාටද වාහනයටද? (නි)

:       0       0

අම්පාරේ දුමිත Friday, 05 September 2014 02:32 PM

ඕනා නම් රටකට එකක් එයි. ඒත් අපේ ගම්වල දාවනය කරන්න නම් මාර්ග පද්ධතිය කවදා හැදේවිද (නදී)

:       0       0

නුවන් Monday, 08 September 2014 02:19 AM

ලංකාවේ පාරවල් වලට මේවා දාන්න බොහෝ කල් ඉන්න වෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා
2024 අප්‍රේල් මස 15 3268 1

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය.


තවත් යුද්ධයක් එපා: ජගත් මහ ලේකම් කියයි
2024 අප්‍රේල් මස 15 938 1

මැද පෙරදිග කලාපයට හෝ ලෝකයට තවත් යුද්ධයක් දරා ගත නොහැකි බවත්, එම නිසා ඉරානයත් ඊශ්‍රායලයත්, අඩියක් ආපස්සට තැබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝන


මෝදිගේ ජනතා පක්ෂය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
2024 අප්‍රේල් මස 14 78 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළදැක්වීය.


ලෝක නායකයෝ ඉරාන මිසයිල ප්‍රහාරය හෙළා දකිති
2024 අප්‍රේල් මස 14 3026 5

ඉරානය සහ ඉරාකයේත් යේමනයේත් සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් පසුගිය 14 වැනිදා ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින් කළ ප්‍රහාරය


සිඩ්නි ප්‍රහාරකයා හඳුනා ගැනෙයි
2024 අප්‍රේල් මස 14 3892 3

ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැ


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7328 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 133 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1402 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site