IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශී‍්‍ර ලාංකික යුවළකට ඩුබායි රටේදී ඉපදුණ දරු දෙදෙනා පස්වතාවක් තාවකාලික පැවිදි දිවියට

පාසල් නිවාඩු සමය තාවකාලික පැවිදි ජීවිතයට වෙන්කර මෙම ආත්ම භවයේදීම මාර්ගඵල ලබා සංසාර ගමන කෙටිකර ගැනීම සඳහා සූදානම් වන ඩුබායි රටේ ඉගෙන ගන්නා සහෝදරයන් දෙදෙනකු වැලිමඩ බෝගහකුඹුර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී බණ භාවනාවේ නියැලෙන අයුරු එහි යන කාටත් දැකිය හැකි දසුනකි. සිය පාසල් නිවාඩු සමය තුළ සෑම ළමයෙකුම උත්සාහ කරන්නේ විනෝදයෙන් සැහැල්ලූවෙන් ගත කිරීමටය. වත් පොහොසත්කම් ඇති සමහර මවුපියෝ තම දරුවන් සමග විදේශ රටවල පවා එවැනි දිනවල විනෝද සවාරි යති. ඩුබායි රටේ රැකියාවක නියැළී සිටින ශ්‍රී ලාංකික මවුපිය යුවළක් තම දරු දෙදෙනාට දහම් සුවය ලබාදී මේ ආත්මයේදීම සංසාර ගමන නවතා ලීමට මග සලසන අන්දම ඉතාමත් අපූරුය. දරුවන් දෙදෙනා තාවකාලික පැවිදි ජීවිතයට යොමුකර ඔවුහුද ආගමික වතාවත් වල යෙදෙමින් බණ භාවනාවේ නියැළේ. මෙසේ 5වන වතාවටත් තාවකාලික පැවිදි ජීවිතයට ඇතුළත්ව සිටින බත්තරමුල්ලේ මහින්ද හිමියෝ මෙසේ පැවැසූහ. මගේ ගිහි නම තුසිතද සිල්වයි (15), මා සමග මහණදම් පුරණ බත්තරමුල්ලේ අසිත හිමියන් (13) මල්ලියි. එයාගේ ගිහි නම මිහිඳු සිල්වායි. අපි උපන්නේ ඩුබායි රටේදී. ඒ වුණත් අපේ මවුපියන් ලංකාවේ ඉපදුන බෞද්ධයන්. තාත්තා ධර්මපි‍්‍රය සිල්වායි. ඔහු ඩුබායි රටේ පෞද්ගලික සමාගමක උසස් නිලධාරියකු ලෙස වැඩ කරනවා. අම්මා රත්නා ද සිල්වා. ඇය ඩුබායි ජී.පී.එස්. ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක ලෙස වැඩ කරනවා.මල්ලියි මමයි ඩුබායි ජුමාරා පාසලේ ඉගෙන ගන්නවා. මම 11 වන ශ්‍රේණියේත් මල්ලී 8 වන ශ්‍රේනියේත් ඉගෙන ගන්නේ. ඇත්තම කීවොත් අපිට එකම සිංහල වචනයක්වත් කතා කරන්න බෑ. අපේ ගෙදර ඇත්තේ බෞද්ධ පරිසරයක්. ඒ නිසා අපි දෙන්නා කුඩා කල සිටම බුදු දහමට නැඹුරු වුණා. ඉතින් අපි දෙන්න මහණ වීමට සිතුවත් ඉගෙන ගැනීමට එය බාධාවක් වුණා. ඒ නිසා මවුපියන් අපි දෙන්නා තාවකාලික පැවිදි ජීවිතයට යොමු කළා. පාසල් නිවාඩු සමයේදී මීට පෙර අපි දෙන්න තායිලන්තයේ ධම්මකායි විහාරයේදී  හතර වතාවක් තාවකාලික පැවිදි බිමට ඇතුළත් වී තිබෙනවා.අපේ අධ්‍යාපන කටයුතු නිමවූ පසු ස්ථීරවම පැවිදි ජීවිතයකට ඇතුළත් වෙනවා. අපි ථෙරවාදී බුදු දහමට අනුව යමින් භාවනාවේ යෙදෙනවා. මේ නිසා අපගේ ජීවිත යම් අරමුණකට අනුව ගත කිරීමට හැකියාවක් උදා වුණා.. අපගේ එකම අරමුණ මෙම සංසාර ගමන දුකක්. එයින් මිදිය යුතුයි යන්නයි. ඒ නිසා අපි උත්සාහ දරනවා මෙම ආත්මයේදීම බුදු දහමේ ඇති මාර්ග ඵල ලබාගෙන සංසාර ගමනින් එගොඩ වන්න. එහි මුල් පියවර තමයි තාවකාලික පැවිදි ජීවිතය හරහා පුහුණුව ලබන්නේ. මෙම භාවනාවේ යෙදීම ඔස්සේ මනස නිරවුල් වීම නිසා අධ්‍යාපනයට විශාල පිටුබලයක් ලැබෙනවා. එසේම මානසික පීඩාවකදී භාවනා කිරීම තුළින් ලබන අස්වැසිල්ල කියා නිම කරන්න බෑ. කලබලකාරී සමාජයක වෙසෙන තරුණ මහලූ කාටත් භාවනාව ඔස්සේ මානසික සුවයක් ලබා මිනිසත්කම ඉස්මතුකර ගන්න හැකියි.ලෝකය අද වේගයෙන් විනාශය කරා ඇදී යනවා. එයින් මිදීම සඳහා හොඳම දෙය භාවනාවේ නියැළී නිවැරැුදි අවබෝධයක් ඇතිකර ගැනීමයි. ඒ නිසා තරුණ තරුණියන් පමණක් නොව වැඩිහිටි අයත් තාවකාලික පැවිදි බිමට ඇතුළත්ව සන්සුන් මනසක් ඇතිකිරීම හරහා සමාජය යහපත් වේවි. එවිට ලොවම සාමකාමී වීම ඉබේටම සිදුවේවි.අහුන්ගල්ලේ ධර්මපි‍්‍රය සිල්වා මහතා, මම ඉපදුනේ අහුන්ගල්ලේ. මගේ බිරිය රත්නා ද සිල්වා. අපි වසර 20ක් සිට ඩුබායි රටේ පදිංචි වෙලා ඉන්නේ. එහිදී අපිට තුසිත හා මිහිඳු කියා පුතුන් දෙදෙනකු ඉපදුණා. අපි ලංකාවේ ඉන්න විටත් බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වුණේ. රට වෙනස් වුණාට ආගමික පරිසරය වෙනස් කළේ නෑ. අපේ නිවසට විදේශ රටවල භික්ෂූන් ගෙන්වා ධර්ම දේශනා හා දානමය පිංකම් කළා. ඩුබායි රටේ වෙසෙන බෞද්ධ විශාල පිරිසක් මේ සඳහා විශාල සහයක් ලබා දෙනවා. අපි මුලින්ම ආනාපානා සති භාවනාව ප‍්‍රගුණ කිරීමට පටන් ගත්තා. ඉතින් ඩුබායි රටේ පරිසරය වෙනස්. එහි දරුවන්ගේ හැසිරීම් රටාවත් වෙනස්. අපේ දරුවන් එයින් මුදවා ගෙන බෞද්ධ දර්ශනයට ඔවුන් කැඳවා ගෙන ගියා. ඔවුන් දෙදෙනා කිසිවකුගේ බලපෑමකින් තොරව ස්ථීර මහණ දම් පිරීමට කැමැතියි. ඉතින් පාසල් දිවිය අවසන් වුණාම මොවුන් එය කි‍්‍රයාවට නංවන තුරු ඊට හුරුවීමට තාවකාලික පැවිදි දිවිය තෝරා ගත්තා. තායිලන්තයේ ධම්මකායි විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා අපගේ නිවසේදී දරුවන් දෙදෙනා දින 12ක තාවකාලික පැවිදි බිමට මුලින්ම ඇතුළත් කළා. ඉන්පසු පාසල් නිවාඩු අවසන් හතරකදී තායිලන්ත ධම්මකායි විහාරස්ථානයේදී තාවකාලික පැවිදි බිමට ඇතුළත් වුණා. පාසල් සමය අවසන් වුණාම මේ දෙදෙනා ස්ථීර පැවිදි ජිවිත ගත කරාවි. අපේ ඇත්තේ එක අරමුණයි. මේ භවයේදීම දරුවන් දෙදෙනා මග ඵලවලට පත්ව සංසාර ගමනට අවසාන තිත තබාවි යන විශ්වාසය මත අපි සිටිනවා. දරුවන් එසේ හැසිරෙද්දී මමත් බිරියත් භාවනාවේ නියැලෙමින් සිටිනවා. අපි උපන් මේ රටේදී දරුවන් දෙදෙනා තාවකාලික පැවිදි බිමට පත් කළ හැකි සුදුසු තැනක් සොයා බැලූවා. වැලිමඩ බෝගහකුඹුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ඊට වඩාත් සුදුසු බව වැටහුණා. ඒ අනුව අපි නිස්සලංක ස්ථානයක් වන මෙහි සිට බුදුන් වහන්සේගේ ගමන අනුගමනය කරනවා. පිටරට සිටින බෞද්ධ මවුපියන් කියනවා දරුවන් ආගමට අනුව හැඩ ගසන්න බැරි බව. අපිට සැලසුමක් දුර දැකීමක් ඇත්නම් නිස්සාර සර්ව පිත්තල ලෝකය කුමක්ද කියා දරුවන්ට පහදා දී ඔවුන්ට බුදු මග ඔස්සේ සැනසුම උදාකර ගත හැකි බව පෙන්වා දීමට පුළුවන්. ඒ සඳහා දරුවන් වසරකට වරක්වත් තාවකාලික පැවිදි බිමට ඇතුළත් කර ලෝකය දහම් ඇසින් බලන්න ඉඩ සලසන්න. එවිට ගිණි ගත් ලෝකය නිවා ලන්න දහම් සිසිල හරහා හැකි වේවි.බෝගහකුඹුර උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තලගල විමලධම්ම හිමියෝ. තලගල භාවනා මධ්‍යස්ථානයෙන් භාවනා ක‍්‍රම හැදෑරූ බෝගහකුඹුර එම්.එම්. මුතුබණ්ඩා උපාසක මහතා, 1984 දී සුළුවෙන් ආරම්භ කළ භාවනා මධ්‍යස්ථානය 1985.05.29 වනදා තලගල භාවනා මධ්‍යස්ථානයේ ශාඛාවක් බවට පත්වුණා. තලගල, වීදියගොඩ පේ‍්‍රමරතන හිමියන් විසින් මෙම භාවනා මධ්‍යස්ථානය අංගසම්පූර්ණ කිරීමට පටන් ගත්තා.අද තිබෙන මේ දියුණුවට බිබිලගමුවේ දායක දායිකාවන් පමණක් නොව මෙහි සේවය ලබා ගන්නා සතර දිසාවේ ජීවත් වන උපාසික උපාසිකාවන් දායකත්වය ලබා දුන්නා. උපාසික අසපු 15ක් හා උපාසක අසපු 10ක්ද මෙහි තිබෙනවා. 88-89 භීෂණය සම්බන්ධ නොමග ගිය තරුණ තරුණියන් 1800 ක්ද මෙහිදී පුනරුත්ථාපනය වුණා. විදේශ රටවල පිරිස්ද මෙහි පැමිණ භාවනාවේ නියැලෙමින් ඉගෙන ගන්නවා. බුරුමයේ (මියන්මාරයේ) ඇති ඉතාමත් ප‍්‍රචලිත තාවකාලික පැවිදිභාවය නූතන සමාජයට ඉතාමත් හොඳයි. ලංකාවේ බෞද්ධයන් එතරම්ම බණ දහමට යොමුවීම අඩුයි. ධර්ම දේශනා, පිරිත් පිංකම් කළත් ඒ අනුව හැඩ ගැසෙන්නේ නෑ. අද පවතින සමාජ ගිනි ගැනීම නිවාලීමට භාවනාව වැදගත්. ඒ නිසා ආගම් බේදය, නිකාය බේදය නැතුව  ඕනෑම අයකුට මෙහි පැමිණ සිත සන්සුන්කර ගත හැකියි. සංසාර ගමනේ නිස්සාර බව මෙනෙහි කර සසර ගමනින් එතර වීමට භාවනාවේ නියැලෙන අයුරු. තාවකාලික පැවිදි බිමට පත් සාමනේර හිමිවරුන්ට  මවුපියන් චීවර පූජා කරමින්...



අදහස් (0)

ශී‍්‍ර ලාංකික යුවළකට ඩුබායි රටේදී ඉපදුණ දරු දෙදෙනා පස්වතාවක් තාවකාලික පැවිදි දිවියට

ටෙනිසන් Thursday, 06 June 2013 04:55 PM

මොන තරම් හොද වැඩක්ද

:       0       0

damith salinda Thursday, 01 September 2011 07:48 PM

සංසාරයෙන් එතෙර වෙන්නට ශක්තිය පින් බලය උදාවේවා!

:       0       0

තිළිණක සුසිත Sunday, 28 August 2016 01:54 PM

මහා පුණ්‍යකර්මයකි (නි)

:       0       0

හෂිණි Friday, 02 September 2011 12:28 PM

තාවකාලික පැවිදි බව හැම ළමයකුටම දෙන්න පුළුවන්නම් හරි ප්‍රයෝජනයි.

:       0       0

සුරේෂ් Friday, 02 September 2011 05:30 PM

දරවන් පාපයෙන් ඉවත් කිරීමට වැදගත්ම ක්‍රමයක්

:       0       0

ගයාන් Friday, 22 June 2012 08:24 PM

හැම ‍දෙමාපියෙක්ම මෙහෙම නම් කොච්චර හොදද

:       0       0

ගයාන් Friday, 22 June 2012 09:05 PM

හැම ‍දෙමාපියෙක්ම මෙහෙම නම් කොච්චර හොදද

:       0       0

සෝමසිරි ගමගේ Saturday, 03 September 2011 09:20 AM

මේ දරු දෙදෙනා රටට පමණක් නොව ලොවටම සම්පතක් වගේම ම් දෙමව්පියන් දෙදෙනා ලොවටම ආදර්ශයක්

:       0       0

අනුරාධා Monday, 05 September 2011 08:39 AM

ගල් ගසා ප්‍රසිද්ධියේ මැරිය යුතුයි

:       0       0

උදය Wednesday, 05 June 2013 09:58 PM

අර අනුරාධා කියන තැනැත්තියගේ මානසික මට්ටම පොඩ්ඩක් හොයා බලන්න විදිහක් නැද්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 153 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 95 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 86 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 290 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 132 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site