වසර 60 කට පසු ලිබියාවේ පාර්ලිමේන්තු මැතිවරණය පෙරේදා (7) පැවැත්විණි. මැතිවරණය පැවැත් වූයේ ප්රචණ්ඩ කි‍්‍රයා සහ විරෝධතා මධ්‍යයේ වුවත් එරට මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ඡුන්ද පොළවලින් සියයට 98 ක කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු වූ බවය. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමෙන් පසු පාලන බලය අතට ගත් කැරැලිකාර පාර්ශ්වයේ දේශපාලන හඬ වන ලිබියානු ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ මැදිහත් වීමෙන් මැතිවරණ පැවැත්විණි. මැතිවරණ කටයුතුවලට බාධා කළේත් මැතිවරණය වර්ජනය කරන ලෙසට ලිබියා වැසියන්ට බලපෑම් කළේත් එම පාලක මණ්ඩලයට විරෝධය දක්වන කැරැලිකාර කණ්ඩායම්ය. කෙසේ නමුත් ලිබියා වැසියන් විශාල උනන්දුවකින් උදෑසන සිටම ඡුන්ද පොළවල සිටිනු දකින්න ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය. මැතිරණ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී බෙන්ගාසි නුවර එක් ඡන්ද පොළකට කඩා වැදුණු සන්නන්ධ පිරිසක් එහි පැමිණි සිටි පිරිසට වෙඩි තැබූ බව ද වාර්තා වේ. ලිබියාවේ වසර 60 කට ආසන්න කාලයක් පුරාවට පැවැතියේ කර්නල් මුවම්මාර් ගඩාෆිගේ ප්රජාතන්ත්රවාදයෙන් තොර ඒකාධිපතිවාදී පාලන ක්රමයකි. බටහිර රටවල් විසින් හඳුන්වනු ලබන ‘අරාබි වසන්තය’ නමැති විරෝධතා රැල්ල ලිබියාවට පැතිර ගියේ ඉකුත් වසරේ අපේ‍්‍රල් මාසයේදීය. එය අවසන් වූයේ කැරැලිකරුවන් අතින් ගඩාෆි අමු අමුවේ ඝාතනය වීමෙන් පසුවය. ඉන්පසු ලිබියානු ජාතික පාලක මණ්ඩලය අන්තර්වාර රජයක් පිහිටුවා නව ජනපතිවරයකු ද තෝරා ගත්තේය. කෙසේ නමුත් රටේ පාලන කටයුතු මෙහෙය වූයේ ලිබියානු ජාතික පාලක මණ්ඩලයේ ප්‍රධානී මුස්තාෆා අබ්දෙල් ජලීල්ගේ ප්‍රධානත්වයෙනි. පෙරේදා පැවැති මැතිවරණයෙන් මන්තී‍්‍රවරුන් 200 දෙනකුගෙන් යුත් මන්ත්‍රණ සභාවක් තෝරාගෙන අගමැතිවරයකු පත් කිරීමට නියමිතය. එමගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැණෙන අතර 2013 වසරේදී පූර්ණ වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීමටත් ද කටයුතු යොදා තිබේ. ලියා පදිංචි ඡුන්ද දායකයන් විසි අට ලක්ෂයෙන් 16 ලක්ෂයක් ඡන්දය ප්‍රකාශ කළේ යැයි ද මැතිවරණ කොමිසම නිවේදනය කරයි. විවිධාකාරයේ අදහස් දරන අපේක්ෂකයෝ 3.700 දෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වූහ. ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය අද (9) ප්‍රකාශයට පත් කිරීමට ද මැතිවරණ කොමිසම බලාපොරොත්තු වේ. ඊයේ සවස් වනවිට ලැබුණු නිල නොවන ඡුන්ද ප්‍රතිඵල අනුව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය පක්ෂ නියෝජනය කළ අපේක්ෂකයෝ ඉදිරියට පැමිණ සිටියහ.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වසර 60 කට පසු ලිබියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්