මියන්මාරයේ ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී අද (28) තායිලන්තයට පැමිණීමට නියමිතය. ඇය මෙසේ විදෙස් සංචාරයකට එක්වන්නේ 24 වසරකට පසුවය. සූ කී තායිලන්තයට පැමිණෙන්නේ නැගෙනහිර ආසියා රටවල ආර්ථික සමුළුවට සහභාගී වීමටය. මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් ද ඇය සමඟ එම සමුළුවට සහභාගී වීමට නියමිතය. ලබන 30 වැනිදා සිට ජූනි පළමු වැනිදා තෙක් පැවැත්වෙන එම සමුළුවට නැගෙනහිර රටවල රාජ්‍ය නායකයෝ, නියෝජිතයෝ සහ ව්‍යාපාරිකයෝ සහභාගී වෙති. සමුළුව පැවැත් වෙන්නේ තායිලන්තයේ බැංකොක් අගනුවරය. නව දේශපලාන ප්‍රතිසංස්කරණ හඳුන්වා දී, ඒවා නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම මගින් ලෝකයේ අවදානය දිනා ගත් මියන්මාරයට, නව වෙළෙඳ ගනුදෙනු ඇති කර ගැනීමට මෙම සමුළුව ඉතා ප්‍රයෝජනවත් වේවි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මියන්මාර නිදහස් සටනේ වීරයකු වන ජනරාල් අවුන් සාන්ගේ දියණිය වන සූ කී, විදෙස් ගතව සිට පැමිණ, ප්‍රථම වරට දේශපාලන විරෝධතා රැුළියකට සහභාගී වූයේ 1988 වසරේදීය. හමුදා රජයට එරෙහිව හටගත් එම විරෝධතා නිර්දය ලෙස මර්දනය කිරීමට හමුදා රජය කටයුතු කළ අතර 1989 වසරේදී සූ කී නිවාස අඩස්සියට පත් කෙරිණි. රට හැර යන්නැයි හමුදා පාලකයන් ඇයට බලපෑම් කළ ද රටින් පිටවුවහොත් ආපසු පැමිණීමට නොහැකි වනු ඇතැයි දැන සිටි සූ කී මියන්මාරයෙන් පිටවීම ප්‍රතික්ෂේප කළාය. 1990 වසරේ පැවැති මහ මැතිවරණයෙන් සූ කීගේ නායකත්වයෙන් යුත් ‘ජාතික ප්රජාතන්ත්රවාදී ලීගය’ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළත්, ඔවුන්ට බලයට ඒමට හමුදා රජය (හමුදා ජුන්ටාව) ඉඩ නොදුන්නේය. ඉන්පසු වසර 20 කට ආසන්න කාලයක් ඇය මියන්මාරයේ යැංගොන් නුවර පිහිටි ඇගේ නිවසේ සිරකාරියක වූවාය. 1991 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණු අවස්ථාවේදී එය ලබා ගැනීමට හෝ 1999 වසරේදී බි්රතාන්ය ජාතික සැමියා මයිකල් ඒරීස් මියගිය අවස්ථාවේදී හෝ ඇයට රටින් පිටවීමට අවසර නොලැබුණි. සූ කීට නිදහස ලබා දීමට හමුදා රජය කටයුතු කළේ 2010 වසරේ නොවැම්බර් මාසයේදීය. ඉන්පසු හමුදා රජය මහ මැතිවරණය පැවැත්වීය. මැතිවරණ නීතී රීති හමුදා පාලකයන්ට රිසි පරිදි සකස් කෙරුණු හෙයින් සූ කීට ඊට ඉදිරිපත් වීමට නොහැකි විය. මැතිවරණයෙන් ජය ලැබුවේ හමුදා පාලකයන්ට හිතවාදී දේශපාලන පක්ෂය. ඔවුන් එක්වී නව සිවිල් රජයක් පිහිටුවීය. ජනපති ධුරයට පත් වූයේ හිටපු හමුදා රජයේ ජනරාල්වරයකු ව සිටි ත්වෙන් ස්වෙන්ය. ඔහු හමුදා ධුරයට විශ්‍රාම දී මේ වනවිට එරට ජනපතිවරයා ලෙස කටයුතු කරයි. ජනපති ත්වෙන් ස්වෙන්ගේ රජය හඳුන්වා දුන් නව දේශපාලන ප්‍රතිසංස්කරණ යටතේ බෞද්ධ භික්ෂූන් වහන්සේ ද ඇතුළු දේශපාලන සිරකරුවන් දහස් ගණනකට නිදහස හිමිවිය. මියන්මාර සිවිල් රජය දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ප්රජාතන්ත්රවාදී මාවතකට පිවිසියේ විදෙස් සම්බාධකවලින් මිරිකී ලොවෙන් හුදෙකලා වූ නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් ආර්ථික, වෙළෙඳ ආදී වශයෙන් මියන්මාරයට සම්බාධක දැම්මේ එරට හමුදා පාලනය හෙළා දකිමින්ය. මියන්මාර නව සිවිල් රජයේ දේශපාලන ප්‍රතිසංස්කරණ යටතේ ඉකුත් අපේ‍්‍රල් පළමු වැනිදා මියන්මාරයේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර සූ කීට සහ ඇගේ ජාතික ප්රජාතන්ත්රවාදී ලීගයට ඊට ඉදිරිපත් වීමට අවස්ථාව උදා විය. එම අතුරු මැතිවරණයෙන් සූ කී විශිෂ්ට ජයක් අත්පත් කර ගත් අතර දැන් ඇය මියන්මාර පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරියක ද වෙයි.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වසර 24 කට පසු සූ කී අද විදෙස් සංචාරයක
සුභාශිනී Tuesday, 29 May 2012 09:57 AM
පෞද්ගලිකත්වය නොතකා රට ගැන සිතමින් තම ජීවිතයේ බොහෝ දේ අහිමිකරගත් රට වෙනුවෙන් කැපවුණ වීර බෞද්ධ කාන්තාව ඔබයි ඔබට ජය!!
රම්‍යා Tuesday, 29 May 2012 04:36 PM
මියන්මාරයට සුභ අනාගතයක් ලැබේවි...