වසර 22 කට පසු මියන්මාරයට තානාපතිවරයකු නම් කිරීමටත්, ආයෝජන සම්බන්ධයෙන් එරටට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමටත් ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා ඊයේ (18) පියවර ගත්තේය. මියන්මාරයේ ඇමෙරිකා තානාපති ලෙස ජනපති ඔබාමා විසින් නම් කරනු ලැබ ඇත්තේ ඩෙරික් මිෂෙල්ය. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා මියන්මාරයේ කටයුතු සම්බන්ධයෙන් පත් කළ විශේෂ නියෝජිතයා ලෙස මේ වනවිට කටයුතු කරන්නේ ද ඩෙරික් මිෂෙල්ය. ඇමෙරිකා සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු විගස ඩෙරික් මිෂෙල් මියන්මාර තානාපති ලෙස පත් කර මියන්මාරයට යැවීමට ජනපති ඔබාමා සූදානම් වන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මියන්මාරය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට ඇමෙරිකා ජනපති ඔබාමා තීරණය කළේ මියන්මාර නව සිවිල් රජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කරමින්ය. ඇමෙරිකා ව්‍යාපාරිකයන්ට මියන්මාරයේ ආයෝජන කටයුතුවල නියැලීමට අවසර ලබා දෙන බව ද ජනපති ඔබාමා නිකුත් කළ ප‍්‍රකාශයක දැක්වෙයි. ඇමෙරිකාව පමණක් නොව බටහිර රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සමග එක්වී, මියන්මාරයට එරෙහිව සම්බාධක පැනැවූයේ වසර 60 ක් තිස්සේ එරට පැවැති දළදඬු හමුදා පාලනයට විරෝධය පළ කරමින්ය. එවකට බුරුමය ලෙසින් ද හැඳින්වුණු මියන්මාරය ලොවෙන් හුදෙකලා කිරීම එම සම්බාධකවල අරමුණ විය. මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා සූ කී නිවාස අඩස්සියට පත් කිරීම සම්බන්ධයෙන් ද විදෙස් ප‍්‍රජාවගේ උදහසට මියන්මාරයේ හමුදා ජුන්ටාව හසුවිය. 2010 වසරේදී සූ කීට නිදහස ලබා දීමෙන් පසු හමුදා ජුන්ටාව මහ මැතිවරණයක් පැවැත් විය. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ හමුදාවට හිතවත් දේශපාලන කණ්ඩායම්ය. එහෙත් ඔවුන් එක්වී සිවිල් රජයක් පිහිටුවීය. එම සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී, ඒවා කි‍්‍රයාත්මක කිරිමත් සමඟ ජාත්‍යන්තරයේ අවධානය මියන්මාරය වෙත යොමු විය. සූ කී සහභාගී වී ජයගත් අතුරු මැතිවරණය පැවැත්වූයේත් දේශපාලන සිරකරුවන් සිය ගණනකට නිදහස හිමිවූයේත් එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ නිසාය. ”මියන්මාරයේ තත්ත්වය සුබදායකයි. එරට නව දේශපාලන පෙරැුළියක් සිදුවෙනවා. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන රාමුවකට යොමුවෙලා තිබීම ප‍්‍රශංසනීයයි. මියන්මාරය සමඟ සබඳතා තර කර ගැනීමටත් ඇමෙරිකාව සූදානම්” යැයි ජනපති ඔබාමා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. ඇමෙරිකාව පමණක් නොව මියන්මාරයට එරෙහිව පැනැවූ සම්බාධක ලිහිල් කිරීමට ඕස්ටේ‍්‍රලියාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිටත් කටයුතු කර තිබේ. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා සහ දකුණු කොරියා ජනපති ලී මියුං බක් මේ වනවිටත් මියන්මාරයට පැමිණ එරට ජනපති ත්වෙන් ස්වෙන් සහ විපක්ෂ නායිකා සූ කී හමුවී සාකච්ඡුා පවත්වා ඇත. මියන්මාරයට පනවා තිබූ ආයෝජන සම්බාධක බල රහිත කරමින් ලිහිල් කළත්, කිසියම් විධියක අර්බුදකාරී තත්ත්වයක් ඉස්මතු වුවහොත්, ඒවා යළි බලාත්මක කිරීමට ද ජනපති ඔබාමාට හැකියාව ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වසර 22 කට පසු මියන්මාරයට ඇමෙරිකා තානාපතිවරයෙක්