IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වාසනාව බලන්න හිසේ පොල් ගසති

සෞඛ්‍යවත් හා සමෘද්ධිමත් දිවි පෙවෙතක් උදෙසා පොල් ගෙඩිය හිස් කබලේ ගසා බිඳ දෙවියන්ට කන්නලව් කිරීමේ අපූරු චාරිත‍්‍රයක් පිළිබඳව දකුණු ඉන්දියාවෙන් වාර්තා වේ.

19 වන සියවසේ සිට වර්ෂ ගණනාවක් පැවත එන මෙම පාරම්පරික චාරිත‍්‍රය සඳහා බැතිමතුන් දහස් ගණනක් තමිල්නාඩු ප්‍රාන්තය වෙත වාර්ෂිකව එක් රැස් වෙති. 

ගැහැණුන් හා පිරිමින් පමණක් නොව කුඩා දරුවන් පවා මේ සඳහා සහභාගි වෙති. හිසේ ගසන පොල් ගෙඩිය බිඳ දැමීමේදී එයින් පොල් වතුර විසිරී යන ආකාරය හා පොල් ගෙඩිය බිඳෙන ස්වභාවය අනුව එම වසරෙහි ඔහුගේ දියුණුව සංකේතවත් වන බව ඔවුන්ගේ අදහසයි.

චාරිත‍්‍රය ඉටු කිරීමෙන් පසු හිස් කබල දරුණු ලෙස තුවාල වීම නිසා මේ සඳහා ගිය පිරිස් රෝහල් ගත කැර ඇති බවත් ජීවිත හානි සිදු වී ඇති බවත් කියති.

එම නිසා මෙම චාරිත‍්‍රය නවතා දැමය යුතු බව වෛද්‍යවරු කියති.

 dilini dilini2

 



අදහස් (0)

වාසනාව බලන්න හිසේ පොල් ගසති

මාලිකා Friday, 15 August 2014 05:59 PM

ඉතින් වාසනාව ලැබුණද දන්නෙ නැහැ (නි)

:       0       0

චමින්ද Friday, 15 August 2014 09:02 AM

මමත් පොල්ගෙඩි කීපයක්ම ලෑස්ති කරගෙන ඉන්නේ, ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයෝ ටික අපේ ගෙදරට එනකම් (නදී)

:       0       0

හසිත් Friday, 15 August 2014 06:07 PM

මට නම් හිතාගන්නවත් බැහැ (නි)

:       0       0

අබේරත්න Friday, 15 August 2014 06:11 PM

ඇයි මිනිසුන් මේ විදියට හිතන්නේ? (නි)

:       0       0

ජයසිරි Friday, 15 August 2014 06:33 PM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

තිලා Monday, 18 August 2014 04:10 AM

බන්දුල පෙරේරා මෙතන ටිකක් ගොන් නොවෙන කතාවක් කියලා තියෙනවානේ (නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Friday, 15 August 2014 09:13 AM

තමිල්නාඩුවේ ඉන්න තරමක් ඉන්නේ පොල් බුරුවොම තමා. ජයලලිතත් අවුරුදු පතා මේ චාරිත්‍රය කරනවා ඇති එ්කනේ එයාට සරු ! (නදී)

:       0       0

නැනි Friday, 15 August 2014 09:17 AM

යොමා බුදුනෙත කුළුනේ. වඩිනු මැන නිදුකානනේ (නදී)

:       0       0

රන්ජිත් Monday, 18 August 2014 05:26 AM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නවද?(දිල්)

:       0       0

කමල් Friday, 15 August 2014 09:49 AM

මෙහෙමත් හරක් ඉන්න රටක් (නදී)

:       0       0

නුවන් Friday, 15 August 2014 09:52 AM

මේක අන්ද විශ්වාසයක් තමා නමුත් දේව මෙහෙය ඉවරවෙලා එලියට ඇවිත් අනිත් කට්ටියගේ බෙලි කපන්නේ නැති නිසා කමක් නැහැ (නදී)

:       0       0

ගංගා Monday, 18 August 2014 06:45 AM

මම දැකලා තිබෙනවා දේවාලෙකදී, දවසක් පොල් ගෙඩියක් නළලේ ගහලා බින්දා ලාංකිකයෙක්. (නි)

:       0       0

ශාන් Friday, 15 August 2014 10:06 AM

තමිල් නාඩුවේ කොහොමත් මෝඩයෝ ඉන්නේ ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 15 August 2014 10:14 AM

මේ පොඩි ළමයිනුත් ඔළු කටු පොඩිකරනවා නේද? ලංකාවේ අයියලත් මේක පුරුදු වෙයිද ? (නදී)

:       0       0

ශාමා දුලාරි Friday, 15 August 2014 10:16 AM

යන මිනිස්සුන්ට හොඳටම පිස්සු (නදී)

:       0       0

ගුණතිලක Friday, 15 August 2014 10:21 AM

බලාපල්ලකො මේ දෙවනි පින්තූරෙ ඔලුවට පොලේ වදිනකොට ඒ දරුවගෙ මූණෙ පිරී ඉතිරී යන සෞඛ්‍යවත් හා සමෘද්ධිමත් බව..මාත් යනෝ ඉන්දියාවට! (නදී)

:       0       0

හේවාවිතාරණ Friday, 15 August 2014 08:26 PM

අර 'ස්කයි ලැබ්' එක ඇඟට කඩා වැටෙයි කියලා දිවි නසාගත් මිනිස්සු ඉන්න රටනේ (නි)

:       0       0

හේමන්ත Friday, 15 August 2014 10:37 AM

අදබාල මිනිස්සු, මෙහෙම අය කොහෙත් ඉන්නවා. තමන් කෙරෙහි විශ්වාසයක් නැතිව කොහොම ජීවිතේ ගොඩ ගන්නද? දේව චරිත රග පාන නළු නිළියන්ට වදින නුවන මද ජාතියක් මේගොල්ල. (නදී)

:       0       0

එරංග Friday, 15 August 2014 08:59 PM

ඉන්දියාවේ ඉන්න අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. (නි)

:       0       0

දුම්මලසූරිය. Friday, 15 August 2014 10:50 AM

අපේ අයියලත් මේක කරලා ෆොටෝ ගහල යුරෝපීය රටවලට යවාවිද දන්නේ නැහැ මෙන්න ආයෙත් අපිට හිංසා පීඩා කරනවා .....අපිව බේරගනිල්ලා කියල. (නදී)

:       0       0

සේනක Friday, 15 August 2014 10:50 AM

මේ අය හොදයි අකුණු ගහනකොට එලියට විසි කරන්න (නදී)

:       0       0

කුමාර Monday, 18 August 2014 08:21 AM

වාසනාව ඉතින් පොල් මුදලාලි මහතුන්ට ඇරෙන්න වෙන කාටද? (නි)

:       0       0

සුගුනවති Friday, 15 August 2014 11:55 AM

ලෝකේ කරන තරම් ගව වැඩ කරන අය ඉන්නේ ඉන්දියාවේ. අපේ හරකුත් වැඩි දවසක් නොගිහින් ඕවා කරන්න ගනීවි (නදී)

:       0       0

මාලි Monday, 18 August 2014 09:06 AM

පිස්සු බන්දුල පෙරේරා? හරි වැරැද්ද තේරුම් ගන්නවත් බුද්ධියක් නැද්ද? (නි)

:       0       0

නුවන් Sunday, 17 August 2014 05:34 AM

මේ අයට කියන්නේ පොල් බූරුවෝ කියලා (නදී)

:       0       0

චාමර අනුර සම්පත් කුමසාරු Saturday, 16 August 2014 02:07 AM

හරියටම මර්මස්ථානයකට (නිලයකට) වැදුනා නම් එහෙම‍ වාසනාව පෑදෙනවා. (නි)

:       0       0

අජන්ත Sunday, 17 August 2014 06:34 AM

මෙහෙම මිනිස්සු (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 August 2014 01:05 PM

ඉන්දියාව කියන්නේ මේ වගේ අවිචාර වැඩ වලට තෝතැන්නක්. මිනිසුන්ගේ මෝඩකමද නුගත්ත්කමද කියන්න නම් දන්නේ නැහැ . මම හිතන්නේ විචාරවත් බව අඩුයි කියලා (නදී)

:       0       0

ඩබ්ලිව්.ඒ ප්‍රභාත් Friday, 15 August 2014 06:43 AM

මෙහෙමත් හරක් ඉන්න රටක් (නදී)

:       0       0

නයනකාන්ත Friday, 15 August 2014 06:44 AM

ගොන් වෑඩ ඉවරයක් නෑ. මහ උන් ඔනෑ එකක් කරගත්තාවේ පොඩි ලමයි ගාවගන්නේ නෑතුව (නදී)

:       0       0

සෑම් Friday, 15 August 2014 06:52 AM

වාසනාවේ තරම කෙසේ වෙතත් මෝඩකමේ තරම නම් මැන ගත හැකියි. (නදී)

:       0       0

සෙනරත් Saturday, 16 August 2014 04:01 AM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. ඔය ළමයින්ට ඕවයේ ප්‍රතිපල එන්නේ අවුරුදු ගණන් ගියාම . එතකොට බොහොම ප්‍රමාද වැඩි. ඉක්මනින්ම තුවලවෙලා මැරෙන අයත් ඇති. එත් බහුතරය අනිත් ගොඩට වැටෙන්නේ. පොඩි ළමයෙක්ක්ගේ ඔලුවට පොල් නෙමෙ දෙල් ගෙටියක් වැටුනත් ලොකු හානියක් වෙනවා (දී)

:       0       0

හිමාල් Sunday, 17 August 2014 07:49 PM

ඒක ඒ මිනිසුන්ගේ කැමැත්ත (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 17 August 2014 07:49 PM

මේ කාටත් මම කියන්නේ, අනුන්ට ගරු කරන්න ඉගෙනගන්න මුලින්ම. මේක ඉන්දියාවේ සංස්කෘතියේ අංගයක්.ඒ අය ඒක විශ්වාසයෙන් කරන දෙයක්.අපිට කිසිම අයිතියක් නැහැ ඒවා විවේචනය කරන්න. (නි)

:       0       0

දුෂාන්ත - මාතර Friday, 15 August 2014 02:39 PM

අනේ මේ වගේ මිනිස්සු ඉන්න රටක්? (නි)

:       0       0

තාරක Friday, 15 August 2014 07:08 AM

මොන දෙවියන්ටද? (නදී)

:       0       0

උදිත කෝසල Saturday, 16 August 2014 04:25 AM

මේවා නම් මහා බොරු මිත්‍යා විශ්වාසයන් .... (දී)

:       0       0

විමල් Friday, 15 August 2014 07:23 AM

බත් කන ..... ඉන්න ලෝකෙ එකම රට (දී)

:       0       0

දිනේෂ් Saturday, 16 August 2014 06:09 PM

අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්! (නි)

:       0       0

සිදත් Friday, 15 August 2014 03:53 PM

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවේත් බහුතරය ඔය වගේ වැඩ කරනවා (නි)

:       0       0

පද්මිණි Saturday, 16 August 2014 07:42 PM

හරියටම තමන්ට ඔලුව තියෙනවද බලනවා වෙන්න ඇති. ලංකාවෙත් දේවාලවල, හදි හූනියම් වලට මුදල් විසිකරන මෝඩයොත් අඩුවක් නැහැ නේද? (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 16 August 2014 05:21 AM

මේ මිනිස්සුන්ට මොලයක් නැති නිසා ඔලුවේ ගහල පොල් කැඩුවට ප්‍රශ්නයක් නැහැ.(අ)

:       0       0

රජින්ද Friday, 15 August 2014 08:28 AM

මම එ්ත් මේ බැලුවේ වෙන රටක්වත්ද කියලා. නෑ මේ ඉන්දියාවමනේ. අවුලක් නැහැ. සතියකට සැරයක්වත් ඔහොම දෙයක් නෑසුනොත් තමා පුදුමයක් වෙන්නේ. (නදී)

:       0       0

හරින Saturday, 16 August 2014 06:11 AM

ඉන්දියාව ෆිල්ම් වලින් පුම්බලා තිබුනට, රොකට් යැවුවට, රටේ ඉන්නේ බාගයක්ම මෝඩයෝ (අ)

:       0       0

ශාන් Friday, 15 August 2014 08:40 AM

පොල් ගෙඩියේ එක තැනක් තියනවා පොඩි පහරකටත් බිඳෙන තැනක්. ඒක හරියට කරනවා නම් ලොකු අමාරුවක් නැහැ (නදී)

:       0       0

තිලක් Friday, 15 August 2014 05:29 PM

මෙවන් රටක මේකත් තවත් එක් සිද්ධියක් පමණයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 47 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 103 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 108 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1277 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 412 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 590 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site