IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වේවැල් කෝටු නාරං සියඹලා අතු

දරුවන්ට දඬුවම් කිරීමෙන් ඔවුන් දරදඬු වන බවත් වැරදි ක්‍රියා වලට යොමු වන බවත් නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත.

දෙමාපිය දූ දරු සම්බන්ධතා කෙසේ වුවත් දෙමාපියන් දරුවන්ගේ විනය පිළිබඳව ගන්නා ක්‍රියා මාර්ග දරුවන් කෙරෙහි දැඩිව බලපාන බව පර්යේෂණය සිදුකළ ඇමෙරිකා  විද්‍යාඥ කණ්ඩායම සොයාගැනීමට සමත් ව ඇත.

පර්යේෂණයට සම්බන්ධ වූ මිචිගන් සරසවියේ සමාජ ක්‍රියාකාරකම් අංශයේ නියෝජ්‍ය මහාචාර්යවරියක වන ෂවානා ලී පවසා සිටියේ අල්ලෙන් තට්ටමට ගැසීමෙන් දෙමාපියන් හා දරුවන් අතර ධනාත්මක බැඳීමක් ඇති වන බවට පොදු විශ්වාසයක් ඇති බවයි.

මේ පිළිබඳ පර්යේෂණ කළ ෂවානා ලී ඇතුළු කණ්ඩායම පවසා සිටියේ එම විශ්වාසය වැරදි බවත් එසේම පසුපසට අල්ලෙන් ගැසීමෙන් දරුවන් ආක්‍රමණශීලි වන බවයි.එසේම මෙම පර්යේෂණයෙන් තවදුරටත් හෙළිවුයේ දරුවන්ගේ විනය හැදීමට කායික ක්‍රම යොදාගැනීමේදි දරුවන් දරදඬු වන බවයි.

මෙම පර්යේෂණයට ඇමෙරිකා ,අප්‍රිකා හා ලතින් ඇමෙරිකා රටවල් වලින් අවුරුදු 1ත් 5ත් අතර ළමයින් 1200කගේ පමණ දත්ත එක්රැස් කර ඇත.

පර්යේෂණයට සහභාගී වූ මව්වරු හෙළිදරව් කර ඇත්තේ තට්ටමට අල්ලෙන් ගැසු විට දරුවන් දරදඬු ආකාරයෙන් කටයුතු කරන බවයි.

මේ අතර තවත් පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ වැඩි වියට පත් දරුවන් බියවැද්දීම හෝ බැනවැදීම නිසා ඔවුන් විෂාදයට ගොදුරු වන බවත් විනාශ කාරී ක්‍රියාවන්ට යොමු වන බවත්ය.

කායික පීඩා වලට හා  අපයෝජන වලට පත්වන වැඩිවියට පත්වන දරුවන් විෂාදයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයිද එම පර්යේෂණය තවදුරටත් අවධාරණය කර ඇත.

මෙම පර්යේෂණයෙන් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ කායික හෝ වාචික පීඩා වලට,අපයෝජන වලට හා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන දරුවන් විෂාදය හා මානසික රෝගාබාධ වලට ගොදුරු වන බවත් ඔවුන් මෙසේ පීඩා වලට පත්වන්නේ තම දෙමාපියන්ගෙන් බවත්ය.

(ඩේලිමේල් ඇසුරෙනි)



අදහස් (0)

වේවැල් කෝටු නාරං සියඹලා අතු

ඉර්ෆාඩ් Wednesday, 18 December 2013 10:52 AM

අපේ නබි තුමන් අවරුදු 1400 කට කලින්ම කියල තියනවා දරුවන්ව ආදරයෙන් මිස දඩුවමෙන් හදාගත නොහැකි බව.(නදී)

:       0       0

ගැමුණු Wednesday, 18 December 2013 11:33 AM

"...කමාකරන් මට කී දේ නාසන බාල බොළඳ පුතුනේ....තැලුවේ නුඹටයි, රිදුනේ මටමයි වේවැල කැඩුවා මං....'' (නදී)

:       0       0

රූපවතී Wednesday, 18 December 2013 11:35 AM

මම නම් ඔය එක සමීක්ෂනයකටවත් එකග නැහැ. මම පුංචි කාලේ හරිම දගයි. දවසක් මම අක්කගෙන් රුපියලක් හොරකම් කරලා අම්ම මාව කජු ගහක බැඳලා ගැහැව්වා. දිමියෝ කකා මම වරුවක් හිටියා ඒ කජු ගහ යට. ඒත් අපි දෙමාපියන්ට පිටින් නම් වැඩ කලෙත් නැහැ.(නදී)

:       0       0

නලින් Wednesday, 18 December 2013 12:29 PM

අනේ අනේ ආයෙමත් බටහිර පරීක්ෂණයක ප්‍රතිපලයක් හොයාගෙන. දැන් එතකොට ඔය විදිහට නොගහ හදපු අයද ඇමරිකාවේ ඉස්කෝල වල ගුරුවරුන්ට වෙඩි තියන්නේ. තමන්ගේ පාසලේ සහෝදරියන්ව දුෂණය කරන්නේ. අහල තිබ්බද කවදාවත් ලංකාවේ ගුටි කාපු දරුවෙක් ගුරුවරයාට වෙඩි තිබ්බා කියලා. මෝඩ මිනිසුනේ හැදී නොගහ හදන කිරි හොද්ද කැටි ගැහෙනවා මෙලෝ රහක් නැති වෙනවා.(නදී)

:       0       0

කුමාර Wednesday, 18 December 2013 12:37 PM

දරුවන්ට නිතරම ආදරය දක්වන විට ඔවුන් ඔබ වියපත් වු දා ඔබ සිතනවාට වඩා වැඩියෙන් ආදරයෙන් රැක බලා ගනිවි. (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 18 December 2013 01:53 PM

මේ තොරතුරු කියවලා හැමෝම තට්ටම වලට ගහයිද? (නදී)

:       0       0

දයාන් Tuesday, 17 December 2013 08:31 PM

එකිනෙකා කෙරෙහි අදරයෙන්ද, ගෞරවය දක්වමින්ද, ඒ වගේම අවබෝදයෙන්ද, සිටින දෙමපියන් සිය දරුවන්ට පහර ගැසීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. එවැනි පරිසරයක හැදෙන දරුවන් අතින් ද යම් හෙයකින් වරදක් සිදු උනානම් ඔවුන්ම දෙමාපියන් වෙත ස්වේච්චාවෙන්ම එය පවසා ඒ ගැන සමාව යදිනු නියතය.(නදී)

:       0       0

කරුණා Thursday, 19 December 2013 08:26 AM

නලීන්, කිරි හොද්ද හැදිල්ලෙයි ළමයි හැදිල්ලෙයි ලොකු වෙනසක් තියෙනවා. ඇමෙරිකාවේ තුවක්කු තියා ගැනීම තහනම් නැති නිසා තමා ඒ වගේ දේවල් සිද්ද වෙන්නේ. ළමයින්ට ගහල හදන්න පුලුවන්නම් ඇමෙරිකාව ඒක කරලා ගොඩක් කල්. (නදී)

:       0       0

ගාමිණී -සිරි Tuesday, 17 December 2013 09:04 PM

වේවැල් කොටු නාරන් සියඹලා අතු ,කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු, මෙහෙම ඉපල් මගේ දෑසට නොපෑ යුතු , පමා නොවී යමු අකුරට මෙයින් මතු...ඒ ..එදා.. අද ,,නවී කරණය වෙලා ...ගුරු ගෝල වෙනස ..පින් ..දුන්නෙත් .. පළමු ගුරුන්ටයි ..දෙවනුව දෙමව්පියන්ටත් කියලා. සැබෑ වෙනසක හැටි කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

සෝමසිරි Tuesday, 17 December 2013 09:33 PM

ඔය වගේ ගුටි කාපු අයත් අද පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ. ඒකනේ එතනත් සණ්ඩු වෙන්නේ.(නදී)

:       0       0

අමිත් Wednesday, 18 December 2013 04:48 PM

මට නම් ඔය බටහිර අයගෙ පරීක්ෂණ වලින් එන නිගමන ගැන එතරම් විශ්වාශයක් තියන්න අපහසුයි. මොකද අද කියන එක නොවෙයි හෙට වෙන එකක්. කොහොම වුනත් අතීතයෙ අපේ අය ක්‍රියා කරපු ආකාරයන් ගැන සොයබලා ගතහැකි දෙයක් තිබේ නම් ගත යුතුයි. නැතිනම් පාසැල තුල අවි අමෝරගත් පරපුරක් බිහිවීම නොවැලැක්විය හැකියි.(නදී)

:       0       0

ජයතිලක Thursday, 19 December 2013 11:45 PM

කිරි හොද්ද හැදිල්ලෙයි ළමයි හැදිල්ලෙයි ලොකු වෙනසක් තියෙන බව අපි හැමෝම දන්නවා. නමුත් සිංහල ප්‍රස්තා පිරුලක් තේරුම් ගන්න බැරි [ප්‍රස්තා පිරුළු ගැන අහලවත් නැති අය ] අය අනුන්ට [බයිලා කියනවා] දොස් පවරනවා.(අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 18 December 2013 06:49 PM

ළමයින්ට හරියට ආගම ධර්මය හොද නරක කියා දෙන්න. දෙමව්පියන් ආදර්ශමත් වෙන්න. හොඳ අධ්‍යාපනයක් දෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 72 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 63 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 53 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 18 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 285 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site