IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වයස්ගත ම සීයා මියයයි

ලෝකයේ ජීවත්ව සිටි  වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුලත්ව සිටි ජපානයේ යසුටාරෝ කොයිඩෙ නගොයා නගරයේදී අද (19)  මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 112 කි.

පසුගිය වර්ෂයේ අගෝස්තුවේදී ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස නිල වශයෙන් ගිනස් වාර්තා පොතට එක්වී ඇති යසුටාරෝ උපත ලබා ඇත්තේ 1903 මාර්තු 13 වැනිදාය.

ගිනස් වාර්තා පොතේ නම සදහන් වෙද්දී තමුන් වැඩිම කලක් ජීවත්වීමේ රහස ලෙස ඔහු දක්වා ඇත්තේ දුම්පානයෙන් තොරවීම,මත්පැන් පානයෙන් තොරවිම සහ අනාචාරයෙන් තොරවීම මෙන්ම සතුටින් ජිවිතය ගෙවීම බවයි.

හෘදය අකර්මන්‍ය වීමෙන් සහ නියුමෝනියා තත්වයෙන් යසුටාරෝ මරණයට පත්ව ඇති බව වාර්තාවේ.

යසුටාරෝ ගේ අභාවයෙන් පසු දැනට ලෝකයේ සිටින වයස්ගතම පුද්ගලයා කව්රුන්ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

ගිනස් වාර්තා පොතට අනුව ලෝකයේ මෙතෙක් වැඩිම කාලයක් ජීවත්වූ පුද්ගලයාලෙස වාර්තා වන්නේ ප්‍රංශයේ ජිනී කාල්මන්ට් වන අතර ඇය  අවුරුදු 122 යි දින 164 ක් ආයු විඳ 1997 අගෝස්තු වේදි මිය ගියාය.



අදහස් (0)

වයස්ගත ම සීයා මියයයි

ටෙරන්ස් Thursday, 21 January 2016 12:41 AM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

විජිත් Sunday, 24 January 2016 05:47 PM

මගේ සටහනේ විරංජක කුඩු ලෙස මම අදහස්කළේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අඩංගු විරංජක කුඩු වර්ගයයි. (නි)

:       0       0

විජිත් Thursday, 21 January 2016 01:42 AM

මරණය කල්දැමීම හෙවත් දිගුකලක් ජීවත්වීමේ රහස " ඔක්ෂිජන් "ය. ඒ කියන්නේ " ඕ 2 '' ලෙස හඳුන්වන, ඔක්ෂිජන් "අනුව " හෙවත් ඔක්ෂිජන් වායුවයි.නමුත් මම කියන්නේ " ඕ " කියන ඔක්ෂිජන් පරමාණුව ගැනයි.මේ " ඕ " පරමාණුව හරිම විනාශකාරී එකක්. ඔබ හොඳින්ම දන්නා බ්ලිචින් පවුඩර් වල ක්‍රියාකාරී සංඝටකය මේ "ඕ "යි. විරංජන කුඩු ටිකක් ඔබේ ඇඳුමකට වැටුනොත් එහි පැහැය විනාශවෙන හැටි මතකද..අන්න ඒවගේම දෙයක් අපේ සිරුරෙහි ඇති සෛල වලත් සිදුවෙනවා. " ඕ " සිරුරෙහි සෛල විනාශ කරනබව දැන් සොයාගෙන තියෙනවා.මේ විනාශය අපේ ආයුෂ කෙරෙහි බලපානවාද , ඒ කෙසේද, එසේනම් එය නැවැත්විය හැක්කේ කෙසේද, යන්න සොයා ගැනීමටයි දැන් ලෝකයේ ජිව විද්‍යාඥයෝ වෙහෙසෙන්නේ. (බ)

:       0       0

භානුමති Wednesday, 20 January 2016 03:20 PM

අපේ නැන්දම්මාට දැන් අවුරුදු 300කට වැඩියි. (බ)

:       0       0

විජිත් Friday, 22 January 2016 10:55 AM

ඔබටත් මටත් මේ ජීවිතයේදී නැවැත්වීමට නොහැකි එක දෙයක් තමයි මේ " වයසට යන එක "කියන්නේ.දත්ත වාර්තා අනුව ලෝකයේ " ජීවත්වීමේ අනුපාතය " දැන් ක්‍රම ක්‍රමමයෙන් ඉහලට නැගෙමින් තිබෙනවා.අපේ රටෙත් දැනට සියවස් භාගයකට කලින් වයස අවුරුදු 65 ක් වැනි කාලයකදී බොහෝ දෙනෙක් සිය මෙලොව දිවිය අවසන් කලත්, දැන් නම් අවුරුදු 80 කට අසන්න කාලයකට ඒ අවස්ථාව දික්වෙලා ඇතිබව ඔබටම පෙනේවි. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම, නවීන පර්යේෂණයන්ගෙන් බිහිවූ බෙහෙත් වර්ග,ඒ මෙන්ම රෝග කල්තියා හඳුනා ගැනීම හා රෝගයන්ට එරෙහි ප්‍රතිදේහ මිනිස් සිරුරෙහි ඇතිකිරීමට හැකි " ඇන්ටිබයෝටික්ස් " වර්ග විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම සහ රෝගයන් පිළිබඳව ලෝ වැසි ජනතාව විශාල වශයෙන් " දැනුවත්කිරීම " නිසා මේ " ධන " ප්‍රවණතාවය ඇති වු බව කවුරුත් දනිති.මරණය කල්දැමීම හෙවත් දිගුකලක් ජීවත්වීමේ රහස සොයා යන විද්‍යා ඥයන්ගේ අලුත්ම " මානය "නම් අපි කවුරුත් හොඳින්ම දන්නා " ඔක්ෂිජන් "ය. ඔක්ෂිජන් වායුව නොමැතිව අපට ජිවත්විය නොහැකි බව ඔබ හොඳින්ම දන්නවා .ඒ කියන්නේ " ඕ 2 '' ලෙස හඳුන්වන, ඔක්ෂිජන් "අනුව " හෙවත් ඔක්ෂිජන් වායුවයි.නමුත් මම කියන්නේ " ඕ " කියන ඔක්ෂිජන් පරමාණුව ගැනයි. " ඔ "පරමාණු 2 ක් එක්වී හැදෙන ඕ 2 අනුවට තමයි අපි ඔක්ෂිජන් වායුව කියන්නේ.මේ " ඕ " පරමාණුව හරිම විනාශකාරී එකක් කියා කිවොත් ඔබ මොහොතකට වත් විශ්වාස කරන එකක් නැහැ.එත් ඇත්ත එයයි. ඔබ හොඳින්ම දන්නා, තුවාල පිරිසිදු කිරීමට ගන්නා " හයිඩ්රජන් පෙරොක්සයිඩ් " තුවාලයකට දැමුවිට ...කිරි පැහැති පෙන නංවමින් විෂ බිජ විනාශ කරන අයුරු මතකද..? මේ හයිඩ්රජන් පෙරොක්සයිඩ් වලත් " ක්රියාකාරී සංඝටකය " මම කලින් කිවූ " ඔ " පරමානුවයි..අන්න ඒවගේම දෙයක් අපේ සිරුරෙහි ඇති සයිල වලත් සිදුවෙනවා. සිරුරේ ඇති සයිල වල සිදුවන දහසක් වූ ජිව රසායනික ප්‍රතික්රියා නිසා නිපදවෙන " ජයාමාන ඔක්ෂිජන් " නොහොත් " ඕ " සිරුරෙහි සයිල විනාශ කරන බව දැන් සොයාගෙන තියෙනවා. මේ විනාශය අපේ ආයුෂ කෙරෙහි බලපානවාද , ඒ කෙසේද, එසේනම් එය නැවැත්විය හැක්කේ කෙසේද, යන්න සොයා ගැනීමටයි දැන් ලෝකයේ ජිව විද්‍යාඥයන් වෙහෙසෙන්නේ. මේ ප්‍රයත්නය සාර්ථක වුනොත් ඔබටත් මටත් තව අවුරුදු 100ක් 150ක් විතර " ලංකාදීප " ඔන්ලයින් බලන එක ඉතාම සාමානය දෙයක් වේවි.(අ)

:       0       0

විජිත් Wednesday, 20 January 2016 10:14 AM

ඔබටත් මටත් මේ ජීවිතයේදී නැවැත්වීමට නොහැකි එක දෙයක් තමයි මේ " වයසට යන එක "කියන්නේ.දත්ත වාර්තා අනුව ලෝකයේ " ජීවත්වීමේ අනුපාතය " දැන් ක්‍රම ක්‍රමයෙන් ඉහලට නැගෙමින් තිබෙනවා.අපේ රටෙත් දැනට සියවස් භාගයකට කලින් වයස අවුරුදු 65 ක් වැනි කාලයකදී බොහෝ දෙනෙක් සිය මෙලොව දිවිය අවසන් කලත්, දැන් නම් අවුරුදු 80 කට අසන්න කාලයකට ඒ අවස්ථාව දික්වෙලා ඇතිබව ඔබටම පෙනේවි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 10 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 27 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 20 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 9 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 282 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 123 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site