IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ව්‍යාපෘති කඩිනම් කිරීමෙන් ළමා විවාහ මිලියන 25ක් නවතී

හර්ෂණ තුෂාර සිල්වා

ව්‍යාපෘති කඩිනම් කිරීම නිසා පසුගිය දශකයක කාලයේදී ළමා විවාහ මිලියන 25ක් නැවැතුණු බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි. 
 

පසුගිය දශකයක කාලයේදී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කඩිනම් කිරීම හේතුවෙන් මෙම ප්‍රගතිය අත්පත් කරගෙන ඇති නමුත් වසර 2030 වනවිට ලොව පුරා දැරිවියන් මිලියන 150ක් විවාහ වීමේ සම්භාවිතාවක් ඇති බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල  පෙන්වාදෙයි.  
 
විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ ළමා විවාහ සංඛ්‍යාව අඩු වී ඇති බව පෙන්වාදෙන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ගෝලීයව රටවල් කිහිපයක ළමා විවාහ සැලකිය යුතු ලෙසින් අඩු වී ඇතැයි ද කියයි. 
 
සමස්තයක් ලෙස ගත්විට පසුගිය දශකයක කාලයේදී අඩු වයසින් විවාහ වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව සියයට 15කින් අඩු වී ඇතැයි ද එය ආසන්න වශයෙන් හතරෙන් එකක සිට පහෙන් එකක් දක්වා පත්වී ඇතැයි ද ළමා අරමුදල සඳහන් කරයි. 
 
මේ අනුව දශකයට පෙර සෑම විවාහක කාන්තාවන් හතර දෙනකුගෙන් එක අයකම ළමා වයසේදී විවාහ වූ තැනැත්තියක වූ අතර මේ වනවිට එම තත්ත්වය පහෙන් එකක් දක්වා වර්ධනය වී තිබේ. 
 
ලොව අනෙකුත් කලාප හා රටවල් සැලකීමේදී ළමා විවාහ සංඛ්‍යාව අඩුවීම අතින් ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කර ඇත්තේ දකුණු ආසියානු කලාපයේ රටවල්ය. ඒ අනුව පසුගිය වසර දහයක කාලයේදී වයස අවුරුදු 18 පෙර විවාහ වූ දැරියන්ගේ සංඛ්‍යාව තුනෙන් එකකින්, ආසන්න වශයෙන් සියයට 50 සිට සියයට 30 දක්වා අඩු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියයි. 
 
එම ප්‍රගතියට විශාල වශයෙන් දායක වී ඇත්තේ ඉන්දියාව වන අතර ඉන්දියාවේ ළමා විවාහ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබේ. 
කෙසේ නමුත් අඩු වයසින් වීමෙන් දරුවන් ආරක්ෂා කරගැනීමේ දී ශ්‍රී ලංකාව පෙන්වා ඇත්තේ අඩු ප්‍රගතියක් යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියයි.  
 
දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී සිටින්නේ පහළ මට්ටමක යැයි ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි. 
 
“වයස අවුරුදු 18 පිරීමට පෙර සිදුවන විවාහ නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය අවශ්‍ය පියවර ගත යුතු” යැයි ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට අවධාරණය කරයි.   



අදහස් (0)

ව්‍යාපෘති කඩිනම් කිරීමෙන් ළමා විවාහ මිලියන 25ක් නවතී

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 693 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 115 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 278 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 462 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site