IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වියදම වැඩි නිසා න්‍යෂ්ටික බලාගාර 02ක වැඩ නවතී

පිරිවැය දෙගුණවීම නිසා න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීම අතරමඟ නවතා ඇතැයි ඇමෙරිකාවේ සමාගම් දෙකක් පවසයි.

ඉදිකිරීම් ප්‍රමාදය නිසා දකුණු කැරොලිනාහි ස්ථාපිත ප්‍රතික්‍රියාකාරක දෙකක් නියමිත කාලය වන 2024 වන විට නොලැබෙන බවත් එම ප්‍රතික්‍රියාකාරක හිමිවන්නේ ඉන් අවුරුදු 4කට පසුව බවත් න්‍යෂ්ටික සමාගම්වලට සම්බන්ධ එක් සමාගමක් වන ‘සැන්ටි කූපර්’ සමාගම පවසයි.

මේ හේතුවෙන් තම පිරිවැය දෙගුණ වී ඇතැයි එම සමාගම සඳහන් කරයි.

මේ අනුව දැනට ඇමෙරිකාව තුළ ඉදි කෙරෙමින් පවතින්නේ න්‍යෂ්ටික බලාගාර දෙකක් පමණක් වන අතර සියයකට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මකව පවතියි.

ඇමෙරිකාව ලොව ප්‍රමුඛතම න්‍යෂ්ටික බලශක්තිය නිපදවන්නා වුවද න්‍යෂ්ටික බලශක්තියෙන් ආවරණය වන්නේ එරට සමස්ත බලශක්ති ප්‍රමාණයෙන් 10%ක් පමණි.

2008 දී ‘වෙස්ටින්ග්හවුස්’ සමාගම ‘වී.සී.සමර්’ යනුවෙන් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට ව්‍යාපෘතියක් දියත් කරන ලදි. ‘වෙස්ටින්ග්හවුස්’ සමාගම පසුගිය මාර්තු මාසයේදී බංකොලොත් බව ප්‍රකාශයට පත් කරන ලදි.

‘වී.සී.සමර්’ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 11.5ක් වූ අතර ඉදිකිරීම් ප්‍රමාදය සහ ආරක්ෂක අවශ්‍යතා නිසා එහි වියදම දෙගුණ වී ඇතැයි අදාළ එම සමාගම පවසයි.

ඒ අනුව ‘සැන්ටි කූපර්’ සහ ‘වෙස්ටින්ග්හවුස්’ යන සමාගම් ආරම්භ කරන න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති තාවකාලිකව නවතා දමා තිබේ.

1960 දශකය සහ 70 දශකයේදී න්‍යෂ්ටික බලශක්තිය ඇමෙරිකාව තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබූ අතර 1979 දී පෙනිසිල්වේනියාවේ ‘ත්‍රී මයිල් අයිලන්ඞ්’ බලාගාරයේ ඇති වූ සිදුවීමත් සමඟ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තිබූ ජනප්‍රියතාව අඩුවිය.

වසර 1996 සිට 2016 වසර දක්වා කාලයේදී කිසිදු නව න්‍යෂ්ටික බලශක්ති බලාගාරයක් ඇමෙරිකා එක්සත් ජනපද න්‍යෂ්ටික බලශක්ති පද්ධතියට එක් නොවිණි.

ඒ.එෆ්.පී 055



අදහස් (0)

වියදම වැඩි නිසා න්‍යෂ්ටික බලාගාර 02ක වැඩ නවතී

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 66 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 52 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 55 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 26 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 838 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 123 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site