IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වියට් නාම සෙබළාගේ ඇට යළි හිමිකරුට

වියට්නාම් යුද සමයේදී තමන්වෙත ප‍්‍රතිකාර පතාගෙන පැමිණි සතුරු වියට්නාම සෙබළාගෙන් වෙන් කළ අතෙහි අස්ථි කොටස් වසර 47 කට පසු නැවත ඒවායේ හිමිකරුට භාරදුන් වෛද්‍යවරයෙකු ගැන වාර්තා වන්නේ ඇමරිකාවෙනි.

වෛද්‍ය සෑම් ඇක්සල්රැඩ් වියට්නාම යුද සමයේ සකී‍්‍රය සේවයේ යෙදී සිටි හමුදා වෛද්‍යවරයෙක් විය.යුධ බිමේ පිහිටි ඔහුගේ කුඩා රෝහලට රෝගීන්ගෙන් නම් අඩුවක් නොවීය.දිනක් රෝහලට ඇමරිකන් සොල්දාදුවන්ගේ කරපිටින් පැමිණියේ බරපතල තුවාළ ලබා සිටි වියට්නාම හමුදා භටයෙකි.ඔහුගේ වම් අත වෙඩි පහරකින් සුණුවිසුනු වී තිබුණි.අතකපා වෙන්කර මිසක් ඔහුගේ දිවිබේරා ගැනීමේ වෙනත් මාර්ගයක්

වෛද්‍ය සෑම්ට නොතිබුණි.එහෙයින් විනාශ වී ගිය අත මුලූමනින්ම කපා ඉවත් කළ ඔහු රෝගියාගේ දිවි බේරා ගැනීමට සමත් විය.

රෝගියා දැන් සිටින්නේ සුවය ලබමින්ය.එහෙත් වියට්නාමයේ රාජකාරි කාලය අවසන් කළ සෑම්ට දැන් සිය රට බලා යෑමට කාලය එළැඹ ඇත.වියට්නාමයේ ගතකළ කාලය අනුස්මරණය වීමටවත් දෙයක් ගෙන යා යුතුය.සෑම් ඒ වෙනුවෙන් තෝරා ගන්නේ වියට්නාම සෙබළාගෙන් වෙන්කෙරුණු අතේ අස්ථි කැබලි ටිකය.නමුත් ඇමරිකාවට ගිය විට එරට වැඩකටයුතුත් සමග කාර්යබහුල වන සෑම්ට වියට්නාමයත් එහි ගතකළ කාලයත් අමතකව යන්නේය.

ඇමරිකාවට පැමිණ අවුරුදු ගණනක් ගතවූ තැන සෑම් සිය ගබඩා කාමරය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවක ඔහුට මේ අස්ථි කැබලි ටික යළි හමුවන්නේය.

‘‘හරිම පුදුම දෙයක්.වියට්නාමය මම සම්පූර්ණයෙන්ම අමතක කරලයි තිබුණේ.නමුත් මේ අස්ථි ටික දැක්කම මම එහි ගතකළ කාලය යළි මතක් වුනා.කාටහරි හිතෙන්න පුලූවන් සතුරෙකුගේ ඇට කැබලි සමරුවක් විදිහට තියන් ඉන්න එන සදාචාරාත්මක නොවේ යැයි කියලා.නමුත් මේවා මට සමරුවකටත් වැඩියෙන් වැදගත් වුනේ යුද්ධයේ බිහිසුණු බව කියා පාන නිසයි.ඒකයි මම ඒවා ගෙන ආවේ‘‘ සෑම් පවසන්නේය.

සියල්ල ඔහුගේ මතකයට ගලා එන්නට ගතවූයේ නිමේශයකි.ඒ හා සමගම ඔහු තීරණය කරන්නේ මේ අස්ථි කැබලි ටික ඒවායේ සැබෑ හිමිකරුවාටම යළි භාරදීමටයි.ඒ අරමුණින් වියට්නාමයට අවුරුදු 47 කට පසු යළිත් එන ඔහු එරට මාධ්‍යවේදියෙකුගේද සහය ඇතිව අස්ථි කැබලි වල සැබෑ හිමිකරුවා සොයාගැනීමට සමත් වන්නේය.

න්ගුයෙන් කුවාන්ග් එම අස්ථි කැබලි වල හිමිකරුවාය.තමාට ශල්‍යකර්මය කෙරූ වෛද්‍යවරයා ඔහුට හොදින් මතක තිබිණි.

ප‍්‍රතිකාර ලබා සුවපත් වූ පසු ඔහු ඇමරිකන් භටයන් යටතේ එම රෝහලේම වැඩකර ඇත.යුද්ධය අවසන් වූ පසු රජයේ රැකියාවකට සම්බන්ධවී ඇති ඔහු එයිනුදු විශ‍්‍රාම ගෙන දැන් සිය ගොවිපොල බලාකියාගෙන නිවසට වී සිටින්නේය.

‘‘වෛද්‍යවරයෙක් තමන්ගේ රෝගින්ගේ සිහිවටන තියාගත් මේ වගේ අවස්ථාවක් මම දැක්කමයි.ඒත් එක්තරා ආකාරයක සතුටක් දැනෙනවා ආයෙත් මගේ ‘‘අත‘‘ දැකීමට හැකි වීම ගැන‘‘ යැයි පවසන්නේ න්ගුයෙන්ය.

න්ගුයෙන්ග් දැන් හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවේ.වෛද්‍ය සෑම් ඇක්සල්රැඞ් දැන් හැත්තෑ හතර හැවිරිදිය.

 



අදහස් (0)

වියට් නාම සෙබළාගේ ඇට යළි හිමිකරුට

ජානක Tuesday, 02 July 2013 01:29 PM

දිලිප් ඕව කියන්න එපා.... ඊනියා ජාතික වාදී නඩේට ප්‍රේසර් එක වැඩි වෙයි.(නදී)

:       0       0

නන්දලාල් Tuesday, 02 July 2013 09:10 PM

සුද්දෝ අපට වැඩ දියුණුයි තමා නමුත් උන් දියුණු උනේ අනුන්ගේ දේවල් කොල්ලකාලා රැස් කරගත්තු සම්පත් වලින්. උන් දැන් අපට සමාජ සාධාරණය උගන්වන්න හදනවා ..චන්ද්‍රා සහ සදරුවන් කියන කතාව ඇත්ත ..උන් නය දෙන්නේ අපට ආදරේට නොවේ පොලිය ලබාගැනීමට .(අ)

:       0       0

රූපා Wednesday, 03 July 2013 08:21 AM

ණයට බලෙන් දෙන්නේ නැහැනේ.අපි කතිරේ ගසා නැවත නැවත පත් කරන අය අපට ණයට කවනවා.අපි කතිරේ ගසනවා කියන්නේ ණයට කෑම අනුමත කරනවා කියන එක තමා. අනික සුද්දා ගියාට පස්සේ ඕනෑ නම් අපටත් සිංගල්පුරුව,ජපානේ,කොරියාව, මැලේසියාව වගේ දියුණු වෙන්න තිබුනා. (නි)

:       0       0

ජීවන් Wednesday, 03 July 2013 08:23 AM

රුසියාව පස්සේ ගිය හැම රටක්ම නන්නත්තාර වුනා. ඇමරිකාව පස්සේ ගිය ජපානේ,කොරියාව,සිංගප්පුරුව මැලේසියාව දැන් අපට රස්සා දෙනවා. අපි තාමත් සුද්දට බැණ බැණ ඉන්නවා. ඇමරිකාවට බනින ගමන් එහාට කඩේ ගිහින් දියුණු වෙච්ච කොරියාවේ වැඩට බඩ ගානවා.මොකද්ද මේ මානසික රෝගේ? (නි)

:       0       0

මාලා Wednesday, 03 July 2013 08:25 AM

සදරුවන් මහතා කියන ලෙස අප ණයට නොකමු.එහෙත් අපට ණයට කවන පාලකයන්ට හැමදාම කතිරේ ගසමු.ඒ හරහා ණයට කෑම අනුමත කරමු. (නි)

:       0       0

මාරසිංහ Tuesday, 02 July 2013 05:12 PM

චන්ද්‍රා, ලෝකෙන් ණයට කකා ලෝකෙට බනින්න එපා. කන්න දෙන අත හපා කන එක උතුම් රටේ සිරිතක් නොවේ. මම එහෙම කිවුවේ ලංකාවට කන්න දෙන්නේ ලෝකේ අනික් රටවල් නිසා. (දී)

:       0       0

ජෝයි Wednesday, 03 July 2013 09:29 AM

ලංකාව ලෝකෙන් ණයට කන්නේ නැහැ කියන්නේ කොහොමද? දැනට ඉපදෙන දරුවොත් ලක්ෂ 3 ණයක් එක්ක ඉපදෙද්දී.අනික තමා මුලිකම කන බොන දෙයක් හැර අපි නිපදවන කිසි දෙයක් කාටවත් නම් කරන්න පුලුවන්ද.කොටින්ම කිවොත් ටින් මාළුත් අපට කවන්නේ ලෝකේ අනික් රටවල්. (නි)

:       0       0

සඳරුවන් Tuesday, 02 July 2013 06:01 PM

යුද්ධ ඇති කළෙත් ඇමෙරිකානුවෝ. වෙඩි තියලා අත කැඩුවෙත් ඇමෙරිකානුවෝ. අත කපලා බෙහෙත් කළෙත් ඇමෙරිකානුවෝ. සිහිවටනයක් විදියට අතේ ඇට කැබලි ගෙනිච්චේත් ඇමෙරිකානුවෝ. ඒවා අයිතිකරුට ආපහු ගෙනත් දීලා මම තමා ලොක්කා කියනවද?මේවා දකින කොඳු ඇට සිඳගත් පර ගැති කලුවන් ජාතීන්ට මැජික් වගේද? (දී)

:       0       0

චන්දා Tuesday, 02 July 2013 07:04 PM

මෙයාලා දන්නවද තාමත් එයාලා එදා හෙලා ගිය නොපිපිරුනු බෝම්බ පුපුරා දිනකට අත් පා ජිවිත අහිමි කර ගන්නා ප්‍රමාණය ඒ රටේ ? (දී)

:       0       0

දිලිප් Tuesday, 02 July 2013 11:41 AM

සුද්දෝ අපිට වැඩ දියුනුයි. නමුත් අපි ඒක පිළිගන්න කැමතිම නැහැනේ (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 02 July 2013 07:26 PM

එදා මනා යුධ පුහුණුවක් ඇති ,ඇමෙරිකන් හමුදාව වියට්නාමයේ රට වෙනුවෙන් පෙරට ආ ගොවීන්ගේ ගරිල්ලා සටන් ක්‍රම ඔස්සේ පසු බැස්සා. ඇමෙරිකන් හමුදාව ආපසු රටට ගියා. දෙපාර්ශයේම ජීවිත විනාශ වුනා.නමුත් මේ කතාව ඉතාමත් සංවේදජනකයි.සතුරාට ප්‍රතිකාර නොකර උන්ඩෙන් මරා දමන්න තිබුනා. එදා සහ අද ඡායාරුප සිහිවටන මිස කුරිරු යුද්ධය ගැන සිතා ආපස්සට යාමක් ගැන සිතීම අසාධාරණයක් (දී)

:       0       0

චන්දා Tuesday, 02 July 2013 03:42 PM

මෙවැනි පුවත් වලට කම්පිතව අපරදිගට ආවඩන පෙරදිග සැබැ ප්‍රෞඩත්වය නොහදුන අක්මුල් සිදගත් පිලලයන් නලියනු දකිනට ලැබීම ජාතියේ අවාසනාවම මිස නැත අනිකක් විදින්නට(නදී)

:       0       0

සිරිලාල් Wednesday, 03 July 2013 05:15 AM

ඇමෙරිකාවේ වැඩ තවම ඉවර නැත. ලෝකයේ හැම තැනටම පහරදෙන එක අදත් කෙරෙනවනේ? (නි)

:       0       0

සඳරුවන් Tuesday, 02 July 2013 07:48 PM

නිවට බෙලහීන පරගැතියනි අපි නයට කන්නේ නෑ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 256 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 583 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4097 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 439 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2596 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 78 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site