කාන්තාවන් බල ගැන්වීම සංකේතවත් කරනු වස්, කාටූන් චරිතයක් වන වොන්ඩර් වුමන් කාන්තාවන් බල ගැන්වීම වෙනුවෙන් වන ගරු කටයුතු දුතිකාව ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැරසේ.
විලියම් මොවුල්ටන් මාර්ස්ටන් නම් කාටූන් චිත‍්‍ර ශිල්පියා අතින් නිර්මානය වූ වොන්ඩර් වුමන් චරිතය ප‍්‍රථම වරට කරළියට පැමිණියේ 1941 වසරේදීය.කාන්තා වීරවරියන් හිඟවූ එදවස කාටූන් ලෝකයේ අත්හදා බැලීමක් ලෙස හඳුන්වාදුන්නද, කිසිවෙකුත් නොසිතූ අයුරින් පේ‍්‍රක්ෂත සිත් ඇද බැද ගැනීමට ඇය සමත් වූවාය.
පසුව ඇයගේ හිමිකාරීත්වය හිමි ඇමරිකාවේ ඞීසී කොමික්ස් චිත‍්‍රකතා සමාගම ඇය වෙනුවෙන්ම වූ චිත‍්‍රකතා මාලාවක්ද ආරම්භ කළේය.
කාන්තාවන් බල ගැන්වීමේ විශේෂ දුතිකාව ලෙස ඇය නම් කිරීමට ප‍්‍රධාන හේතුව වන්නේද, මෙසේ බාධක මැද ඇය පැමිණි ගමනයි.
වොන්ඩර් වුමන් හට මෙම ගරු තනතුර ලබාදීම මෙම මස 21 වැනි දිනට යෙදී ඇත.එදිනම එක්සත් ජාතීන්ගේ ලිංගික සමානාත්මතාව ඇති කිරීමේ සහ කාන්තාවන් බල ගැන්වීමේ ව්‍යාපාරයද ආරම්භ කිරීමට නියමිතය.
කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට අධ්‍යාපනයට සමාන අයිතිවාසිකම් තහවුරු කිරීම මගින්, පිළිගත් රැුකියා වල යෙදීමට අවස්ථාව ලබාදීම මගින්, දේශපාලනමය සහ ආර්ථිකමය තීරණ ගැනීමේ කටයුතු වල නියෝජනය තහවුරු කිරීම මගින්, තිරසාර ආර්ථිකයක් ඇති කිරීමට මෙන්ම සමාජය ඇතුළු මුළු මහත් මිනිස් සංහතියේම යහපැවැත්ම තහවුරු කළ හැකි බව එම සංවිධානය පවසයි.
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වොන්ඩර් වුමන්ට ඉහළ තානාත්තරයක්