IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


වීදි දරුවන්ගෙන් පත්තරයක්

වීදි දරුවන් සහ ළමා කම්කරුවන්ගේ තොරතුරු ලොවට කියා පෑමට ඉන්දියාවේ දිල්ලි නුවර විදි දරුවන් විසින් ‘‘බාලක්නාමා“ නමින් පුවත්පතක් ආරම්භ කැර ඇතැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.

බලක්නාමා යන්නේ අර්ථය වන්නේ ළමා හඩ යන්නයි. ඔවුන් මේ පුවත්පත නම් කැර ඇත්තේ ‘වීදි දරුවන් හා ළමා කම්කරුවන් වෙනුවෙන් වීදි දරුවන් විසින් ගෙන එන ලොව අද්විතීය පුවත්පත‘ යනුවෙනි.

දැනට පිටපත් 5500ක් බෙදා හරින මේ පුවත් පතේ ප්‍ර‍ධාන කර්තෘ චාද්නි නමැති වීදි දැරියකි. ඇය තවමත් 18 වැනි වියේ පසුවන්නීය.

‘‘මේ පුවත්පත සංස්කරණය කරන්න ලැබීම ඇත්තටම හරිම සතුටක්. මෙවැනි පුවත්පතක් ලෝකයේ කිසිම තැනක නැහැ. ළමා විය සොරා ගැනීමට ලක් වූ අය, කුස ගින්නේ වීදියේ සිටි අය, ළමා වියේ දී හිඟා කෑ අය, අතවරයන්ට ලක්වූ සහ ළමා වියේ දී කම්කරුවන් බවට  පත්වුණු අය මේ පුවත්පතට ලියනවා. ඔවුන් එදා විඳි වේදනාව අද එවැනිම දරුවන් පිරිසක් විඳින වේදනාව ලියනවා. මෙය අනුවේදනීය තොරතුරු රැසකින් සමන්විතයි. ඉතාමත් වේදනාබර හා හැඟුම්බර අත්දැකීම් මේ පුවත්පතේ අන්තර්ගත වනවා. අපි හිතනවා මෙය ලෝකය පුරාම ඉතා ඉක්මණින් ජනප්‍රිය වේවි කියා. “

චාද්නි ඉතා දුප්පත් ජීවිතයක් ගත කළ දැරියකි. ඇය තම පියා සමග දිල්ලි නගරයේ වීදි පුරා රංගනයේ යෙදුණාය. ඇය පවසන්නේ මේ පුවත්පතට ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලින් එක්වූ සියළුම වාර්තාකරුවන් ද වීදි දරුවන් හෝ ළමා කම්කරුවන් හෝ ලෙස ජීවත් වූ අය බවයි.

මේ පුවත්පත ඉන්දියා රුපියල් දෙකකට අළෙවි කරයි. රජයෙන් මේ සදහා කිසිදු ආධාරයක් නොලැබුණු බවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එය ආරම්භ කිරීමට සහයෝගය දුන් බවත් චාද්නි පවසයි.

ඉන්දීය රජයේ දත්තවලට අනුව එරට විදි දරුවන් හා ළමා ශ්‍ර‍මිකයන් කෝටියකට වැඩි ප්‍ර‍මාණයක් සිටිති.

17vzniv02_Balak_18_2281487f Delhi slum kids reporter-Balaknama reporters_of_balaknama_1 - Copy



අදහස් (0)

වීදි දරුවන්ගෙන් පත්තරයක්

බෙන්තර මහේෂ් Sunday, 03 January 2016 06:17 AM

සමාජවාදය ගොඩනැඟීම ඉතා අවශ්‍යයි (නි)

:       0       0

ගාමිණී Monday, 04 January 2016 01:40 AM

සුබ පැතුම්! ඉදිරියටම යන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 2578 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 191 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 2066 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 57 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3881 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 43 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site