ඉතාලියේ මිලානෝ නගරයේ විදේශික සංක්‍රමණිකයන් බහුලව වෙසෙන ප්‍රදේශයක පිහිටි ප්‍රාථමික පාසලක පළමුවැනි ශ්‍රේණිය සඳහා ලියාපදිංචි කර ඇති ළමුන් 17 දෙනාගෙන් පහළොස් දෙනෙකු ම විදේශික දරුවන් වීම හේතුවෙන්, ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරියගේ උපදෙස් පරිදි මෙම ළමුන් නගරයේ වෙනත් පාසල් කීපයකට අනුයුක්ත කර, අදාළ පාසලේ පළමුවැනි ශ්‍රේණිය වසා දමා ඇත. ඉතාලි ජනරජ ව්‍යවස්ථාවට අනුව තමන් කැමති පාසලකට දරුවන් ඇතුළත් කිරීමේ ප්රජාතන්ත්රවාදී අයිතිය අහෝසි කළ බවට චෝදනා නගමින්, උක්ත දරුවන්ගේ දෙමාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යවරියට හා මිලානෝ ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලයට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනුකරනු ලැබු ඇත. ඉතාලියේ නව ආරක්ෂක පැකේජයට අනුව පාසලක එක පන්තියකට ඇතුළත් කරගත හැක්කේ 30% ක උපරිමයක් දක්වා වන විදේශික සිසු සිසුවියන් සංඛ්‍යාවක් පමණක් බව ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරිය වන මරියා ස්ටෙලා ජෙල්මිනි මතක් කර දී ඇත. ඉතාලි ජාතික දරුවන් හා ඉතාලි පාසල්වල අධ්‍යාපනය ලබන විදේශික දරුවන් අතර දැඩි බැඳීමක් ඇති කිරීම හා පාඩම් කියා දීමේදී සිසු සිසුවියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ ඉඩකඩ ගුරුවරුන්ට ලබාදීම සඳහා, පාසලක එක පන්තියක් සඳහා විදේශික ළමුන් 30%ක උපරිමයක් දක්වා පමණක් ඇතුළත් කරගත යුතු බව ඉතාලියේ 2009 නව ආරක්ෂක පැකේජය යටතේ නීතිගතවී ඇත. එහෙත් මෙම වගන්තියට අනුව විදේශික සිසු සිසුවියන් ලෙස සැලකිය යුතුව ඇත්තේ, ඉතාලි අධ්‍යාපන මාධ්‍යය හරිහැටි නොදැන ඉතාලි පාසල් අධ්‍යාපනය සඳහා යොමුවන ඉතාලියේ නේවාසික විදේශික දරුවන්ය. වැඩි දුර කරුණු සොයා බැලීමේදී හෙළිවන්නේ, උක්ත පාසල් පළමුවැනි ශ්‍රේණිය සඳහා ලියාපදිංචි කර ඇති විදේශික දරුවන් යයි කියැවෙන ළමුන් පහළොස් දෙනාගෙන් ළමුන් දෙදෙනෙකු හැර ඉතිරි සියල්ලෝ ම විදේශික දෙමාපියන්ට දාව ඉතාලියේ උපත ලැබූ දරුවන් බවය. විදේශික සිසු සිසුවියන්ගේ ප්‍රතිශතය 30% ඉක්මවන පන්ති දෙදහසකට වැඩි ප්‍රමාණයක් ඉතාලිය පුරා පාසල්වල ඇති බව, වතිකානුව ආශ්රිත කරිටාස් සංවිධානය මගින් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. ඉතාලියට සංක්‍රමණය වූ විගස පාසල් අධ්‍යාපනය සඳහා යොමුවන විදේශික දරුවකුගේ ඉතාලි භාෂා දැනුමත්, විදේශික සම්භවයක් ඇතිව ඉතාලියේ උපත ලබා පාසල් අධ්‍යාපනය වෙත යොමුවන දරුවකුගේ ඉතාලි භාෂා දැනුමත් පිළිබඳව සලකා බලා, වැරදි අර්ථකථනයකට ඉඩ නොතබා පාසල් පන්තියක විදේශික ළමුන් සීමාව පිළිබඳව වගන්ති සකස් කළ යුතුව තිබුණි. අසාරධාරණයට පත් මෙම දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්වේච්ඡුාවෙන්ම ඉදිරිපත්වී සිටින ඉතාලි නීතීඥවරුන්ගේ මතය වන්නේ, ඉතාලියේ උපත ලබා ඉතාලියේම හැදුණු වැඩුණු මෙම ළමා පිරිස, වර්ණ විෂමතාව මත පමණක් පිහිටා ඉතාලි ජාතික ළමුන්ගෙන් වෙනස්ව සැලකීම ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවය. 2011-2012 අධ්‍යයන වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා පාඨමාලාවන් හැදෑරීමට ඉතාලි පාසල්වල ලියාපදිංචිව ඇති ළමුන් සංඛ්‍යාව හැත්තෑ අට ලක්ෂ තිස්දහසකි. (7830000) මේ අතර විදේශික රටවල් එකසිය අසූවකට වැඩි ප්‍රමාණයක පුරවැසි ළමුන් ලක්ෂ හතක් ද වෙති. යටියන - ක්ලැරන්ස් කොස්තා ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදේශික ළමුන් බහුතරයක් සිටි මිලානෝහි පාසලක පළමුවැනි ශ්‍රේණිය වසා දමලා