IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෛද්‍ය මතය බොරුවේ

පැය ගණනකින් මරණයට පත්වනු ඇතැයි වෛද්‍යවරුන් පළකළ මත පුස්සක් කරමින් අවුරුදු 15 ක්ම ආයු වළදා ගිනස් වාර්තා පොතටද තම නම ඇතුළු කර ගැනීමට සමත්වූ ‘‘ෆ‍්‍රෑන්ක් හා ලූවී‘‘ නම් දෙබඩි මුහුණු බළලා පසුගියදා මිය ගියේය.

මිය යෑමට හේතුව පිළිකාවක් බව සදහන්ය.

ෆ‍්‍රෑන්ක් හා ලූවී ගේ ස්වාමිදුවණිය වන මාර්ටි ස්ටීවන්ස් පවසන්නේ මිය යනු ඇතැයිද,ජීවත් වුවත් වදයක් වනු ඇතැයිද බොහෝ දෙනා පැවසූ මුත් තම සුරතලා ඉතා සුවපත්,සැපවත් ජීවිතයක් ගත කළ බවයි.

පශු වෛද්‍ය හෙදියක ලෙස සේවය කරන මාර්ටිට ෆ‍්‍රෑන්ක් හා ලූවී හමුවී තිබෙන්නේද අහම්බෙනි.දිනක් ඇය සේවය කරමින් සිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණි අයෙක් මේ දෙබඩි මුහුණු බළලා ඉදිරිපත් කර අනායාස මරණයක් අත්කර දෙන මෙන් ඉල්ලා තිබේ.

නමුත් මාර්ටි කර ඇත්තේ ඔහුගෙන් බළලා ඉල්ලාගෙන තම භාරයට ගැනීමයි.

බළලා ‘‘ෆ‍්‍රෑන්ක් හා ලූවී‘‘ ලෙස නම් කර තිබෙන්නේද මාර්ටිමය.

මුහුණු දෙකක් තිබුණද ෆ‍්‍රෑන්ක් හා ලූවීට තිබුණේ එක් මොළයකි.ඇස් 4 ක් පිහිටා මෙන් තිබුණත් හිස දෙපස ඇස් හැරෙන්නට මුහුණු දෙක බද්ධවී තිබුණු තැන ඇස් හරිහැටි වර්ධනයව නොතිබුණි.මුඛයන් දෙකක් තිබුණත් ආහාර ගැනීමේ හැකියාව තිබුණේ ෆ‍්‍රෑන්ක්ට පමණි.ඒ තිබුණු එකම අන්නස්‍රෝතය සම්බන්ධවී තිබුණේ ඔහුගේ මුඛයට වීම නිසාය.

මෙවන් බළලූන් හැදින්වෙන්නේ ‘‘ජානුස්‘‘ බළලූන් ලෙසය. ජානුස් නම් හිස් දෙකෙක් පැවති බව කියන ග්‍රීක දෙවියෙකුගේ නම ඔවුන්ට පබැදී ඇත.

ජානුස් බළලූන්ට වැඩි ආයු කාලයක් නැතැයි සැළකෙන මුත් ෆ‍්‍රෑන්ක් හා ලූවීට එය අදාළ නොවන සෙයකි.

තම සුරතලාගේ නික්මයෑම නිසා තමන් තවමත් සිටින්නේ කම්පනයෙන් බව මාර්ටි කියයි.නමුත් නැවත වරක් අවස්ථාව ලැබුණෙහොත් ජානුස් බළලෙක් රැගෙන හදාවඩා ගන්නා බව ඇය පවසයි.

23C02E2A00000578-2862950-image-a-3_1417874305019 23C02E2000000578-2862950-image-a-6_1417874451803 article-urn-publicid-ap.org-b50e141ed19f4f18a82d5aeff7f3883f-6UbcyqTdK-HSK1-602_634x528



අදහස් (0)

වෛද්‍ය මතය බොරුවේ

රූපවති Monday, 08 December 2014 02:15 PM

ලබන ආත්මයකදී ඔහුට හොඳ සෞඛ්‍යයමත් නිරෝගී ආත්මයක් ලැබේවා .. !!ඒ සතා හදාවඩා ග ඒ උතුම් කාන්තාවටද දීර්ඝායු නිරෝගීමත් සැපවත් ජීවිතයක් වාසනාවේවා ...!.(හේ)

:       0       0

ජයත් Monday, 08 December 2014 10:10 AM

නැහැ සරත් අපේ රටේ "සමහර " දේශපාලුවෝ " වගේ දෙබිඩියි (නදී)

:       0       0

සරත් Monday, 08 December 2014 04:56 AM

මු ඉන්දියාවේ ඉපදිලා හිටියනං දෙවියෙක් කියල වැදුම් පිදුම් ලබයි...(අ)

:       0       0

නාලි Sunday, 07 December 2014 04:53 PM

යහපත් යලි ඉපදීමක් වේවා !! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 722 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 116 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 283 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 468 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site