IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වැට පනින්න ගොස් හිරවේ

තණ උලාකමින් සිටි භූමියෙන් ඉවත්ව වෙනත් තණ පිටියකට පැන යාමට තැත්කළ සුදු කළු පැහැති අශ්වයකු වැටක හිරවී කලබගෑනියක් වූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙය සිදුව ඇත්තේ එංගලන්තයේ ශ්රෝප්ෂියර් ප්‍රදේශයේය.

මේ අනතුරට පත්වූ ජෙස්ටර් නම් අශ්වයා බේරා ගැනීමට ගිනි නිවන භටයන් 10 දෙනකුට පැයකට වඩා වැඩි කාලයක් දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. හරස් පොළු හයකින් යුතු ගේට්ටුවේ අශ්වයාගේ උකුල ප්‍රදේශය තද වී හිරවී තිබිණි.

දොඹකරයක් ආධාරයෙන් අශ්වයා අඩි 20ක් ඉහළට ඔසවනු ලැබීය. සතාට තැලීම් හා සීරීම් තුවාල සුළු ප්‍රමාණයක් තිබිණි. සතා දැඩි ආතතියකින් සිටි බව පශු වෛද්‍යවරු කියති.

‘‘ ජෙස්ටර් වැටේ හිරවී සිටියත් ඉතා සන්සුන්ව සිටීම නිසා අපට ඔහු ඉහලට ඔසවන්න හැකියාව ලැබුණා. මෙයට පැයක් පමණ ගත වුණා.“ යැයි ගිනි නිවන ඒකකයේ ක්‍රේග් ජැකී නම් නිලධාරියා කියා සිටියේය.

සියළු දෙනාගේ ම මතය වූයේ අශ්වයා තණකොළ සොයාගෙන අනෙක් වත්තට පනින්නට උත්සාහ ගන්නට ඇති බවයි.

1409655600405_wps_1_Jester_the_stricken_horse 1409655618767_wps_3_Jester_the_stricken_horse 1409655642189_wps_4_Jester_the_stricken_horse 1409655648771_wps_5_Jester_the_stricken_horse 1409656211538_wps_7_Jester_the_stricken_horse



අදහස් (0)

වැට පනින්න ගොස් හිරවේ

සාලිය Thursday, 04 September 2014 03:21 PM

ලංකාවෙත් මේ වගේ අශ්වයෝ ඉන්නවා. උදේ හා සවස කොළඹ කොටුවට ගියොත් බලන්න පුළුවන්, පොලිස් රාළහාමිලා අශ්ව පිටේ ඉන්න ලස්සන (නි)

:       0       0

එරංග Thursday, 04 September 2014 09:25 AM

වෙන ක්‍රම තිබ්බට අශ්වයට අනතුරක් නොවෙන විදියට ගොඩ දාන ක්‍රමය තමයි මේක. අපේ වගේ ලෙඩා මලත් බඩ සුද්දයි තියරිය එහෙ නැහැ (නදී)

:       0       0

කැනඩා දිසා Thursday, 04 September 2014 02:56 AM

ආන්න දැක්කද ? වාසි හොයාගෙන පැත්ත මාරුකරන අයටත් වෙන්නේ මේකම තමයි (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 04 September 2014 03:36 AM

හරිම ලස්සන අශ්වයෙක්. (නදී)

:       0       0

රූපවතී Thursday, 04 September 2014 09:48 AM

අපේ රටේ වටිනාම සම්පත අලියෙකුට වත් අසරණ වූ අවස්තාවකදී මෙවැනි සැලකිලි නැහැ. පතහකට, ලැට් වලකට, වැටුනොත් වනජීවී එක ත්‍රී වීල් එකකින් එනකම් ලැට් වලේ වතුර පෙවිල අලියා අසාධ්‍ය වෙලාත් උෟට ප්‍රති ජීවකයක් වත් නැතිව කැලේට දුවල යනවා. උෟට පාචනේ හැදිලා ටික දවසකින් මැරෙනවා..? ඒකටත් එක්ක මෙන්න නියම සත්ව කරුණාවන්ත මිනිසුන්. උන්ගේ වාසනාව (නදී)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 10:01 AM

ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා අශ්ව පැටියෙක්. තාම හැබැයි ඉපදිලාවත් නැහැ. ඉන්නේ අම්මගේ බඩ ඇතුලේ.හැබැයි මාධ්‍ය මගින්, දැනටමත් ඩොලර් මිලියන 5 කට වැඩි ප්‍රමාණයකින් ඒ උපදින්න ඉන්න පැටියාගේ මිල නියම කරලා තියෙනවා. හේතුව ඇවිල්ලා අශ්ව අම්මා, ලෝකප්‍රකට අශ්ව රේස් විසි ගානකට සහභාගී වෙලා තියෙනවා.සහභාගී වූ සෑම තරගයකින්ම පළවෙනියා වෙලා තියෙනවා. (ස)

:       0       0

ජෝන් Thursday, 04 September 2014 10:07 AM

වැට පනින්න ගියොත් හිරවෙනවා, එක සාමාන්‍යයි. (ස)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Thursday, 04 September 2014 10:44 AM

චමින්දගේ දැනුම්වත් කිරීම හරිම වටිනවා (නදී)

:       0       0

සෙන්සා Thursday, 04 September 2014 04:57 AM

වෙන ක්‍රමයක් තිබුනේම නැද්ද මෙි සතාව බෙිරා ගන්න. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 September 2014 05:42 PM

ලස්සන අශ්වයෙක් (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 06:41 PM

මෙම සතාගේ වර්ණයෙන් , උසින් හා හැසිරීමෙන් කිවහැකියි හොඳ පෙළපතක අශ්වයෙක් බව.නමුත් ඔහුට අවශ්‍ය ආහාරපාන රැකබලාගන්නන් විසින් ක්‍රමානුකූලව නොදීමෙන් සිදුවූ කරදරයක් බවයි හැඟෙන්නේ ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 683 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 115 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 277 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1509 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 460 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site