IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලිබියා ගුවන්යානය මුදා ගැනේ

කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට නතුව ඇතැයි මහත් ආන්දෝලනයක් ඇති කළ ලිිබියා ගුවන්යානය මෝල්ටා අන්තර්ජාතික ගුවන්තොටුපලට ගොඩබස්වා ඇතැයිද, එහි සිටි කාර්යමණ්ඩලය ඇතුළු සියලූම මගීන් ගලවාගෙන ඇතැයිද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන පරිදි මෝල්ටා ගුවන්තොටට යානය ගොඩබස්වන ලෙස කොල්ලකරුවෝ එහි නියමුවන්ට අණ කර ඇත.යානය ගොඩබැස්වූ පසු පිටතට පැමිණ ඇති ඔවුන් ගුවන්තොටුපල ධාවන පථයේ දණ ගසා මෝල්ටා ආරක්ෂක අංශ වෙත යටත්ව තිබේ.

කොල්ලයට සහභාගීව ඇත්තේ කොල්ලකරුවන් දෙදෙනකු පමණක් බවද මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

මේ සමගම ප‍්‍රකාශයක් නිකුත් කර ඇති මෝල්ටා අගමැති ජෝසප් මුස්කට් එහි සදහන් කර තිබෙන්නේ කොල්ලකරුවන් අත රැුදී තිබී ඇත්තේ ව්‍යාජ ගිනි අවි බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.කොල්ලකරුවන් අත ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය ඇති බව ඔහු මුලින් ප‍්‍රකාශ කර තිබින.

යානය ගොඩබැස්වූ පසු පිටතට පැමිණි එක් කොල්ලකරුවකු ගඩාපි පාලන සමයේ භාවිතයට ගැනුනු ධජයක් ප‍්‍රදර්ශනය කළ බවද මාධ්‍ය වාර්තා වල සදහන්ය.

ලිබියා රජයේ විදේශ අමාත්‍ය ටහේර් සියාලා පවසා ඇත්තේ කොල්ලකරුවන්ගේ වුවමනාව වී ඇත්තේ ගඩාපි හිතවාදී දේශපාලන පක්ෂයක් පිහිටුවීම බවය.

ලිබියාවේ ගුවන්තොටුපල කි‍්‍රයාකාරීත්වය පිළිබද සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොමැත.ඇතැම් අවස්ථා වල ගුවන්ධාවන පථයන් හරහා අවිගත් කණ්ඩායම් පුරවාගත් රථ ධාවනය වනුයේ ගොඩබැස්වීම සදහා පැමිණි ගුවන්යානයන්ට නිකරුණේ ගුවනේ රැුදී සිටීමට සළස්වමින්ය.අනෙක් පසින් යුරෝපා ගුවන්තලයද ලිබියා ගුවන්යානා වලට තහනම්ය.

LIBAIRRA 1224 02 LIBAIRRA 1224 01 LIBAIRRA 1224 03



අදහස් (0)

ලිබියා ගුවන්යානය මුදා ගැනේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 116 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 429 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 3935 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 371 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2551 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 73 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site