ගඩාෆි පාලනය අවසන් කිරීමට නේටෝ හමුදා ලිබියාවට හෙලූ බෝම්බවලින් මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කරන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස පත්වීමට නියමිත බාසෝ සැන්ක් පවසයි. බාසෝ සැන්ක් දකුණු අපි‍්‍රකාව නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ තානාපතිවරයාය. නව සභාපතිවරයා ලෙස තව දින කිහිපයකින් වැඩ භාර ගැනීමට නියමිතව සිටින්නේ බාසෝ සැන්ක්ය. ලිබියා කැරැල්ල උත්සන්න වූ අවස්ථාවේදී කැරැලිකාර පාර්ශ්වයේ ඉල්ලීම සලකා ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා යෝජනාවලියක් සම්මත කර ගත්තේය. ලිබියාවට ඉහළ අහසේ ගුවන් ගමන් තහනම් කර, ගඩාෆි හමුදා ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලීමට නේටෝවට අනුමැතිය ලැබුණේ එම යෝජනාවලිය ඔස්සේය. නේටෝව එල්ල කළ බෝම්බ ප‍්‍රහාරවලින් ලිබියා හමුදාවට බරපතළ හානි සිදුවූ අතරම ලිබියාවේ සිවිල් වැසියෝ ද ජීවිතක්ෂයට පත්වූහ. ගඩාෆිගේ මුණුබුරු මිණිබිරියෝද ඒ අතර සිටිති. නේටෝ ප‍්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව කොතරම්දැයි මෙතෙක් අනාවරණය වී නැත. එහෙත් මහා පරිමාණයෙන් මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවූ බවට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැමිණිලි කර ඇත.
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලිබියාවේ මානව හිමිකම් කඩවුණාදැයි සොයනවා