ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දී තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් ඇතුළු සිව් දෙනකු ඝාතනය කළේ අල් කයිඩා සාමාජිකයන් යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසයි. රාජ්‍ය ලේකම්වරිය මේ බව කියා සිටියේ ඊයේ (27) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් සමඟ උතුරු අපි‍්‍රකානු රටවල ව්‍යාප්ත සිටින අල් කයිඩා ඇතුළු සෙසු ඉස්ලාමීය සටන්කාමීන් ගැන සාකච්ඡා කළ අවස්ථාවේදීය. පුද්ගල ඝාතන, බෝම්බ පිපිරුවීම් පමණක් නොව පුද්ගලයන් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම් ආදී අපරාධ රැසකට එම සටන්කාමීන් සම්බන්ධ යැයි ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය අවධාරණය කළාය. එම ඉස්ලාමීය සටන්කාමීන්ගේ අරමුණ වී ඇත්තේ උතුරු අපි‍්‍රකානු රටවල් අස්ථාවර කිරීමට බවත් ලිබියාවේ බෙන්ගාසි නුවර තම තානාපති කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයෙන් ඒ බව සනාථ වන බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වැඩි දුරටත් කියා සිටී. ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීම සිදුවුණේ ඉකුත් සැප්තැම්බර් 11 වැනිදාය. ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා සටන්කාමීන් 2001 වසරේදී ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරයේ 11 වැනි සැමරුම එදිනට යෙදී තිබුණි. බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට එම ප්‍රහාරය එල්ල වීමට හේතු වුණේ ඉස්ලාම් විරෝධී ඇමෙරිකානු චිත්‍රපටයයි. ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දුන්නේ තම සංවිධානය බවත් තමන් එසේ කළේ තම දෙවැනි නායකයා ඇමෙරිකා ප්‍රහාරයකින් ඝාතනය වීම නිසා බවත් උතුරු අපි‍්‍රකානු අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය ද පවසා ඇත. අල් කයිඩාව මැදපෙරදිග සහ අපි‍්‍රකානු කලාපයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම රටවල පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලවලට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන ලෙසටය. ඒ අනුව එම රටවල පිහිටි තම තානාපති කාර්යාලවලට ඇමෙරිකා රජය විශේෂ ආරක්ෂාවක් සැපැයීය. මේ අතර ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල කළ ප්‍රහාරය පසුපස ලිබියා රජය සිටින බවට ඇමෙරිකා ආරක්ෂක අංශ නිලධාරීහු සැක පළ කරති. සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට මේ වනවිට ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයන් කණ්ඩායමක් ලිබියාවේ බෙන්ගාසි නුවරට පැමිණ සිටිති. ප්‍රහාරයෙන් දින තුනකට පසු ලිබියා රජය කියා සිටියේ ප්‍රහාරයට සම්බන්ධ 50 දෙනකු හඳුනා ගෙන අත්අඩංගුවට ගත් බවය. ප්‍රහාරය සිදුවෙද්දී බෙන්ගාසි නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට ලිබියා රජයේ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලැබී තිබුණි. කෙසේ නමුත් කලහකාරීන් එහි පැමිණෙද්දී එම ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට නියමිත ස්ථානවල නොසිටි බව ඇමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දුන්නේ අල් කයිඩාව
නසාර් Friday, 28 September 2012 05:38 PM
දෙවියන්ගේ කැමැත්ත කිසිවෙකුට වෙනස් කළ නොහැක. (නි)
රාජා Sunday, 30 September 2012 02:21 PM
ඒකනම් ඇත්ත ලක්ෂිත, ඇමරිකාවේ නරක වැඩවලට මුස්ලිම්වරු හරි විරෝධය පානඑක ලොකු දෙයක්. අල් කයිඩා සටන්කාමීන් නොව, විමුක්තිකාමීන්ය! (නි)
ලක්ෂිත Saturday, 29 September 2012 11:11 PM
මධූගේ මොළේ අමාරුවක් වගෙයි. (නි)
මධු Saturday, 29 September 2012 03:19 PM
සෑම මුස්ලිම් රටක්ම ඇමරිකාව යටතට ගතයුතුයි. (නි)
ෂිරාශ් Sunday, 30 September 2012 11:25 AM
ලක්ෂිත හරි. (නි)
කාන්ස් Saturday, 29 September 2012 03:31 AM
කළ කළ දේ පළ පළ දේ.... (නි)