IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලෙබනන අස්ථාවරත්වයේ වාසිය කාටද?

පසුගිය සිකුරාදා ලෙබනනයේ බීරුට් අගනුවර ක‍්‍රිස්තියානි ප‍්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් එරට බුද්ධි අංශයේ ප‍්‍රධානි බි‍්‍රගේඩියර් ජනරාල් විසාම් අල් හසන් මිය යෑම මාස විස්සකට අධික කාලයක් තිස්සේ සිරියාවේ උද්ගතව ඇති සිවිල් යුද්ධය අවට රටවලට පැතිර යෑමේ අනතුර තහවුරු කිරීමකි. ජර්මනියේ හා ප‍්‍රංශයේ නිල සංචාරයක් නිම කර ආපසු පැමිණි අල් හසන් ඉලක්කකර ගත් මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගිය අතර 80ක් තුවාල ලැබූහ. සිරියානු විරෝධියකු ලෙස හැඳින්වෙන අල් හසන් ගේ ඝාතනය ගැන කිසිම සංවිධානයක් මෙතෙක් වගකීම භාර නොගත් නමුත් මාර්තු 14 සභාගයේ නායක සා ඕ හරිරි කිසියම් පරීක්ෂණයක් ආරම්භ වීමටත් පෙරම සිරියාවට චෝදනා එල්ල කිරීම නිසා බීරුට් නගරයේ හා සෙසු ප‍්‍රදේශවල නැවත වරක් කණ්ඩායම්වාදී ගැටුම් ඇතිවීමේ අනතුරක් ද දක්නට ලැබිණ. මියගිය අල් හසන්ගේ අවමගුලට පසුව ෂියා කණ්ඩායම් ඉලක්ක කර ගත් ප‍්‍රචණ්ඩකි‍්‍රයා පැතිර ගියද ආරක්‍ෂක අංශවලට ඒවා පාලනය කොට සාමය පවත්වා ගත හැකි විය. ඉන්පසු අගමැති කාර්යාලය වෙත ගිය උද්ඝෝෂකයෝ සිරියාවට හිතවත් සේ සැලකෙන අගමැති නජිබ් මිකටි ඉල්ලා අස්විය යුතු යැයි විරෝධතා පැවැත් වූහ. ආරබි වසන්තයේ දිගුවක් ලෙස සිරියාවේ අභ්‍යන්තර ගැටුම් ඇරඹෙත්ම මැදපෙරදිග යුද උණුසුමේ බැරෝමීටරයක් ලෙස සැලකිය හැකි ලෙබනනයේ නැවතත් ගැටුම් ඇති වීමේ අනතුර පැහැදිලිවම දක්නට ලැබිණ. සිරියාවේ අල් අසාඞ්ගේ පාලනයට එරෙහිව සටන් වැද සිටින කණ්ඩායම්වලට ලෙබනනය සැපයුම් මාර්ගයක් වූ නිසා සිරියානු හමුදාව මෙන්ම ලෙබනනයේ සිටින සිරියානු පක්‍ෂපාති කණ්ඩායම් වන හෙස්බුල්ලා සංවිධානය එය වැළැක්වීමට සූදානම් වූහ. සිරියාවේ සටන්වලින් තුවාල ලබන සිරියානු නිදහස් හමුදාවේ භටයින්ට වෛද්‍ය පහසුකම් සැපයීම ද සිදු වූයේ සිරියානු දේශසීමාවන් අසල තිබූ විපක්‍ෂ කණ්ඩායම් මෙහෙය වූ මධ්‍යස්ථානවලිනි. මූලික වශයෙන් ෂියා ආගමිකයින්ගෙන් යුත් හෙස්බුල්ලා සංවිධානය සිරියානු නිදහස් හමුදාව තමන්ගේ ද ආරක්‍ෂාවට තර්ජනයක් සේ සැලකූ නිසා මෙම මධ්‍යස්ථානවලට මෙන්ම සැපයුම් මාර්ගවලට පහරදීමේ අනතුර ද පැහැදිලිවම දක්නට ලැබිණි. ඊට පිළිතුරු වශයෙන් සිරියානු නිදහස් හමුදාව වරක් ලෙබනනයේ සිට සිරියාවට පැමිණි සංචාරකයින් පිරිසක් පැහැරගෙන ගියහ. පැහැරගෙන ගිය සංචාරකයින් පසුව නිදහස් කිරීම නිසා ගැටුම් වැළකී ගිය ද හෙස්බුල්ලා සටන්කරුවන් සිරියානු රජයේ හමුදා සමග එක්ව කැරලිකරුවන් හා සටන්කරන්නේ යැයි චෝදනා ඉදරිපත්ව තිබිණ. සිරියානු විපක්‍ෂ කණ්ඩායම් ඉදිරිපත් කළ තවත් චෝදනාවක් වූයේ සිරියානු ජනාධිපති අල් අසාඞ් ලෙබනනය ද අස්ථාවර කිරීමට එහි ගැටුම් ඇරඹීමට සැලසුම් කරන්නේය යන්නයි. නජිබ් මිකාටි රජයේ ඇමැතිවරයකු සිරියාවේ සහාය ඇතිව රටේ ප‍්‍රධාන නගරවල බෝම්බ පිපිරවීමට සැලසුම් කළේ යැයි අත්අඩංගුවට ගන්නා ලද අතර එම විමර්ශන කටයුතු සිදු කළේ ද මියගිය අල් හසන් ය. මෙවැනි පසුබිමක් තුළ සා ඕ හරිරිගෙ සමීපතමයකු වන බුද්ධි අංශයේ ප‍්‍රධානියාගෙ ඝාතනය ගැන සිරියාව කෙරේ සැකය යොමු වීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් ලෙබනනයේ නායකයින් ඝාතනය කිරීම ද තීරණාත්මක අවස්ථාවල බොහෝ විට සිදුවන බව ද අමතක කළ යුතු නොවේ. 1982 දී ඊශ‍්‍රායලයට හිතවත් වූ ජනාධිපති බෂීර් ගෙමායෙල් ඝාතනය මෙම ඝාතන රැුල්ලේ ආරම්භයක් ලෙස සැලකිය හැකිය. එම ඝාතනය පිළිබඳව වගකිව යුතු පුද්ගලයෙකු හෝ සංවිධානයක් මෙතෙක් හඳුනාගෙන නැත. එම ඝාතනය සිදු වීමත් සමග ඊශ‍්‍රායෙලය ලෙබනනය ආක‍්‍රමණය කොට බීරුට් නගරය දක්වාම ඉදිරියට ආවේය. ඊශ‍්‍රායෙල් හමුදා රැකවරණය ලත් පලාන්ගිස්ට සන්නද්ධ කණ්ඩායම් සබ‍්‍රා හා ෂටිලා පලස්තීන සරණාගත කඳවුරුවලට පහරදී ළමයින් හා ස්තී‍්‍රන් ඇතුළුව 3000ක් පමණ ඝාතනය කළහ. පසුව එක්සත් ජාතීන්ගේ කමිටුවක් මගින් පවත්වන ලද පරීක්‍ෂණයක් අනුව මෙම ඝාතනවලට එවකට ඊශ‍්‍රායෙල් ආරක්ෂක ඇමති වූ ඒරියල් ෂැරොන් වගකිව යුතු බව හෙළි කළත් ඔහුට විරුද්ධව කිසිම පියවරක් ගත්තේ නැත. ඉන් පසුව 2005 දී වත්මන් විපක්‍ෂ නායක සා ඕ ගේ පියා වන රෂික් හරිරි ද බෝම්බයකට හසුව මිය ගියේය. එම සිද්ධියට පෙර සති කීපයක් තුළ ලෙබනනයේ සිරියානු විරෝධී උද්ඝෝෂණ පැවති අතර ඝාතනය පිළිබඳව චෝදනා එල්ල වූයේ සිරියාවටය. ලෙබනනයේ රඳවා සිටි සිරියානු හමුදා ඉවත්කර ගැනීමට සිදු වූයේ ද එම විරෝධතා නිසාය. අගමැති රෂික් හරිරි ඝාතනයත් සමග ඇති වූ නොසන්සුන් තත්ත්වය යටතේ ඊශ‍්‍රායෙලය 2006 දී නැවත වරක් ලෙබනනය ආක‍්‍රමණය කළේය. ඔවුන්ගේ අරමුණ වූයේ පලස්තීනුවන්ට සහාය දෙන හෙස්බුල්ලා කණ්ඩායමේ සටන් ශක්තිය විනාශ කිරීමය. සති ගණනාවක් සටන් පැවතිය ද ඊශ‍්‍රායෙලයට හෙස්බුල්ලා කණ්ඩායම් විනාශ කිරීමට නොහැකි විය. ඊශ‍්‍රායෙල් හමුදාව ඉවත් කර ගැනීමේ දී ලෙබනන් රජය සමග ඇතිකරගත් ගිවිසුමේ එක වගන්තියක් වූයේ ඊශ‍්‍රායෙලයට තර්ජනයක් වන හෙස්බුල්ලා නිරායුද කිරීම වුවත් එය සිදු වූයේ නැත. දැනට ලෙබනනයේ පාලනය මෙහෙය වන්නේ ද හෙස්බුල්ලා ප‍්‍රමුඛ සභාගයෙනි. සභාග රජයේ අගමැති ඉල්ලා අස්විය යුතු යැයි. විපක්‍ෂ කණ්ඩායම් ඉල්ලා සිටින්නේ ද මෙම හෙස්බුල්ලා සම්බන්ධතාව නිසාය. ඇත්තෙන්ම අගමැති නජිබ් මිකාටි, අල් හසන් ඝාතනයෙන් පසු සිය ඉල්ලා අස්වීම ජනාධිපති මයිකල් සුලෙයිමන්ට භාර දුන් නමුත් ඔහු එය පිළිගත්තේ නැත. පවතින තත්ත්වය යටතේ හෙස්බුල්ලා කණ්ඩායම් බැහැර කොට රජයක් පිහිටුවිය නොහැකි නිසා දේශපාලන අස්ථාවර භාවයට හේතු වන ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා භාර ගත්තේ නැත. එහෙත් සා ඕ හරිරිගේ නායකත්වයෙන් යුත් විපක්‍ෂ කණ්ඩායම් ඒ සඳහා දිගටම බලපෑම් කිරීමට සූදානම්ය. බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානි විසාම් අල් හසාන් ඝාතනය හෙස්බුල්ලා සංවිධානය මෙන්ම සිරියාව හා ඉරානය හෙළා දැකීමත් සැලකිල්ලට ගත යුතු වැදගත් සාධකයකි. අනිත් අතට ලෙබනනය තුළ අස්ථාවරත්වයක් ඇති කිරීමෙන් වාසියක් අත් වන්නේ කුමන පාර්ශ්වයට ද යන්නත් විමසීමට ලක් විය යුතු කරුණකි. ඊශ‍්‍රායෙලය හා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියානු නිදහස් හමුදාවට ආධාර කිරීමට ලෙබනන් රජයට දිගින් දිගටම බලපෑම් කළ ද අගමැති නජිබ් මිකාට් මෙතෙක් ඊට නතු වූයේ නැත. අනෙක් අතට ලෙබනනයේ හෙස්බුල්ලා කණ්ඩායමේ සටන් ශක්තිය දුර්වල කිරීම ද ඊශ‍්‍රායෙලයේ බලවත් අවශ්‍යතාවකි. මෑතකදී ඊශ‍්‍රායෙල් ගුවන් අවකාශයට ඇතුළුවූ ඩ්‍රෝන ගුවන් යානය හෙස්බුල්ලා කණ්ඩායම් සතුව තිබූ බවට සැකයක් පැවති නිසා ඉරානයට එරෙහිව සටනකට අවතීර්ණ වීමේදී එය ද අවධානයට ලක් විය යුතුය. ඩ්‍රෝන ගුවන් යානය ගුවනේ දී විනාශ කිරීමෙන් පසුව ඊශ‍්‍රායෙල් ප‍්‍රහාරක ගුවන්යානා ලෙබනනයේ හෙස්බුල්ලා කඳවුරු ඇතැයි සැලකෙන ප‍්‍රදේශ ඉහළ අහසේ පියාසර කළ නමුත් ප‍්‍රහාර එල්ල කළේ නැත. මින් පැහැදිලි වන වැදගත්ම කාරණය වන්නේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට දියත් වන ප‍්‍රහාරයක දී ඉරානයේ සහාය ලබන හෙස්බුල්ලා කණ්ඩායමේ සටන් ශක්තිය ද සැලකිල්ලට ගැනීමට ඊශ‍්‍රායලයට සිදු වීමය. එහෙත් ලෙබනනය තුළ හෙස්බුල්ලා හා සිරියානු විරෝධී සටන් පවතින්නේ නම් එම සාධකයේ බරපතළකම අවම කිරීමට හැකියාවක් පවතින බව ඊශ‍්‍රායෙලය හොඳින් දනී. එමනිසා ලෙබනනයේ සිරියන් විරෝධී රැල්ලක් උත්සන්න වීම සිරියාවේ අසාඞ් පාලනය දුර්වල කිරීමට මෙන්ම ඉරානයට එරෙහිව කෙරෙන මෙහෙයුමක දී තීරණාත්මක විය හැකිය. ලෙබනනයේ මීට පෙර සිදුවූ ඝාතන පිළිබඳව සත්‍යය හෙළී නොවූ ආකාරයටම අද බුද්ධි අංශයේ ප‍්‍රධානි අල් හසන් ගේ ඝාතනය ගැන ද නිවැරදි තොරතුරු හෙළි කර ගැනීම පහසු  නොවනු ඇත. හිටපු අගමැති රෂික් හරිරිගේ ඝාතනය පිළිබඳව සිිරියාවේ මිතුරන් ලෙස හැඳින්වෙන හමුදා නායකයින් කීප දෙනෙකුට එරෙහිව අන්තර්ජාතික අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන නමුත් එහි විමර්ශන කටයුතු ගැන බොහෝ නිරීක්‍ෂකයෝ සැක පහල කරති. මෙම ඝාතනය සම්බන්ධයෙන් ද එවැනිම පියවරක් ගැනීමට ඉඩ ඇත. එහෙත්  ඉන් ලෙබනනයේ පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ඊට මූලික හේතුව වන්නේ ඊශ‍්‍රායෙලයේ උතුරු සීමාවේ පිහිටි ලෙබනනය තුළ විදේශ අනුග‍්‍රහය ලබන දේශපාලන හා ආගමික කණ්ඩායම් කි‍්‍රයාත්මක වීමය. 1982 දී ඊශ‍්‍රායලය ලෙබනනය ආක‍්‍රමණය කරන විට එහි මූලික වශයෙන් පැවතියේ කි‍්‍රිස්තියානි - ඉස්ලාම් බෙදීමකි. ක‍්‍රිස්තියානි පලන්ගිස්ට් කණ්ඩායම්වලට ඊශ‍්‍රායෙලයේ සහාය ලැබුණ අතර පලස්තීනුවන්ට සියලූ මුස්ලිම් ජන කොටස්වල සහාය ලැබිණි. එහෙත් දැන් උත්සන්න වී ඇත්තේ ෂියා-සුන්නි භේදයයි. සිරියානු ජනාධිපති ෂියා නිකායට අයත් අලවයිට් පාර්ශ්වයට අයත් වන නිසා ලෙබනනයේ ෂියා කණ්ඩායම්වල විශේෂයෙන්ම හෙස්බුල්ලා සහාය දුර්වල කිරීම උපාය මාර්ගික වශයෙන් සිරියානු පාලනය පෙරළා දැමීමට අවශ්‍ය කරන කාටත් වැදගත්ය. දැනට සිරියාවේ සටන් කරන විපක්‍ෂ කණ්ඩායම් විශේෂයෙන්ම අල්-කයිඩා සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් සිරියාවේ ක‍්‍රිස්තියානි භක්තිකයන්ට ද පහර දෙන නිසා එම භේදය අසාඞ්ට එරෙහිව යොදා ගත නොහැකිය. පහසුම මාර්ගය වන්නේ සුන්නි ෂියා ගැටුම් උත්සන්න කිරීමය. මෙවැනි පසුබිමක් තුළ පසුගිය සිකුරාදා බීරුට් නගරයේ සිදු කළ බෝම්බ ප‍්‍රහාරය අහඹු සිද්ධියක් නොවේ. ඊට පසු දින දමස්කස් නගරයේ ද එවැනිම බෝම්බ පිපිරීමක් සිරියානු රජයේ පොලීසියේ ප‍්‍රධානියෙකු ඉලක්ක කර ගෙන සිදුවිය. ඉන් පැහැදිලි වන්නේ සිරියාවේ පාලනය වෙනස් කිරීමට විවෘතවම අවි ආයුධ, මිල මුදල් සපයන රටවලට ලෙබනනයේ සුරක්‍ෂිතභාවය ගැන අවංකවම උනන්දු විය නොහැකි බවයි.

සටහන:මහින්ද හත්තක
විසාම් අල් හසන් සා ඕ හරිරි ලෙබනන් හමුදාව බෝම්බ ප‍්‍රහාරයෙන් ශේෂ වූ සුන්බුන් ගොඩක් ලෙබනනයේ ජනාධිපති සුලෙයිමාන්  



අදහස් (0)

ලෙබනන අස්ථාවරත්වයේ වාසිය කාටද?

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 240 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 567 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4090 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 429 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2593 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 76 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site