IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොකු පොඩි වෙමින් ආ මානවයා

අදින් වසර ලක්ෂ ගණනක සිට ආදි මානවයා විවිධ ශරීර හැඩ සහ ප්‍රමාණ ගනිමින් අද සිටින තත්ත්වයට පත්ව ඇතැයි පර්යේෂකයෝ කියති. ජනපද බිහිකිරීමත් යුරෝපයේ ව්‍යාප්තවීමත් සම්බන්ධයෙන් කරණ ලද අධ්‍යයනයකින් පසු ඔවුහු මේ  කරුණු අනාවරණය කරයි.  

මානව පරිනාමයේ පිළිගත් මතය වන්නේ අප්‍රිකා මහද්වීපයේ පරිනාමයට ලක්වූ මානවයා ක්‍රමයෙන් ඔබ්බට සංක්‍රමණය වූ බවයි. හෝමෝ ඉරෙක්ටස් මානවයා උස මහත හා බරින් වැඩි ශරිර ස්වභාවයකින් යුක්ත වූ බවත් දිගු කකුල් හේතුවෙන් ඔවුන්ට සංචරණය පහසු වූ බවත් පර්යේෂකයෝ කියති.

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් හා ජර්මන් විශ්වවිද්‍යාල පර්යේෂකයන් පිරිසක් ඒකාබද්ධව කරණ ලද මේ පරීක්ෂණයට අනුව විශාල සිරුර හා දිගු කකුල් මානවයාගේ මුහුදු තරණයට පහසුවක් වන්නට ඇතැයි ද ඔවුහු කියති.

පැරණි ෆොසිල හා හමුවන අස්ථි කොටස් යොදා ගනිමින් ශරීර උස හා ස්කන්ධ ඇස්තමේන්තු කිරීම ඔවුන් විසින් සිදුකැර ඇත.

පර්යේෂකයන් පවසන්නේ මෙතෙක් සිතා සිටියාට වඩා මානව පරිනාමයේ අතරතුර ඔවුන් ශරීර හැඩයෙන් හා ප්‍රමාණයෙන් විශාල විවිධත්වයක් පෙන්වන බව තහවුරු වූ බවයි.
පර්යේෂණයේ ප්‍රධානියා ලෙස කටයුතු කරණ ආචාර්ය ජේ.කෝටස් පවසන්නේ හෝමෝ හැබිලිස්, හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ රුඩොල්ෆෙන්සිස් යන මානවයන්ගේ බාහු පවා විශාල විවිධත්වක් පෙන්වන බවයි.

‘‘ ඔබ අපේක්ෂා කරන්නේ දැන් සිටින නූතන මානවයා දැකීමට ද , අඩි හයක් පමණ උසැති කිලෝ 70ක් පමණ බරැති නූතන මිනිසකු ගැන අපට අද කිව හැකියි. නමුත් ඔබ දන්නවා ද මේ තත්ත්වය දක්වා පරිනාමය වෙද්දී අපි විශාල විවිධාංගීකරණයක් පසුකැර තිබෙනවා. ඇත්තටම මුල් මානව පරිණාමය සිදුව ඇත්තේ විටින් විට මානවයාගේ උස ප්‍රමාණය හා ස්වරූපය වෙනස් වෙමින්“ ආචාර්ය කෝටස් පවසයි.

කෙන්යාව, ටැන්සානියාව, දකුණු අප්රිකාව, හා ජෝර්ජියාවේ විවිධ කාලයන්හි හමුවූ ෆොසිල මිනුම් ගැනීමෙන් පර්යේෂකයන් ප්ලයිස්ටොසීන යුගයේ සිට මිනිසුන්ගේ ප්‍රමාණ සංසන්ධනය කළ බව පර්යේෂකයෝ කියති. ඒ සඳහා එවුන් අස්ථි කොටස් 800 ට වඩා උපයෝගී කරගෙන ඇත.

ඔවුන් පෙන්වාදෙන්නේ ඉතා සෞඛ්‍ය සම්පන්න වූ මානවයන්ගේ අවශේෂ අදින් වසර ලක්ෂ 17ට පමණ පෙරාතුව පටන් හමුවන බවයි. ඔවුන් විශාල ශරීරයකින් යුතු වූ බවත් අප්‍රිකාවෙන් ඔබ්බට පැතිරී සිටි බවත් තහවුරු වන බව ද මෙමගින් සනාථ වී ඇත.

 



අදහස් (0)

ලොකු පොඩි වෙමින් ආ මානවයා

අමිත Thursday, 02 April 2015 07:57 AM

නුවන්, ඔබ දන්නවා නම් කියන්න මේ ලෝකේ බුදුදහමේ සඳහන් එක කරුණක් හෝ වැරදියි කියා කියන්න පුළුවන් පර්යේෂකයෙක් ඉන්නවද? (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 01 April 2015 08:18 PM

බුදුන් දේශනා කර තිබෙනවා කලින් කලට මිනිසාගේ ආයුෂත් වෙනස්වෙන බව. පෙර බුදුවරුන්ගේ කාලේ මිනිස් ආයුෂ අවුරුදු 80,000ක් තරම් බවත් ඉදිරියට මිනිස් ආයුෂ අවුරුදු 10 දක්වා අඩුවන බවත් නැවත මෛත්‍රී බුදුන් කල ඉදිරියේදී ආයුෂ අවරුදු 80000ක් වන බවත් කියවෙනවා. (නි)

:       0       0

ඈන් Thursday, 02 April 2015 05:11 PM

පැහැදිලි කරදීම දීම වරදවා වටහා නොගන්න. එය හාසය්‍යට ලක් නොකරන්න. (ස)

:       0       0

රොෂාන් Thursday, 02 April 2015 08:56 AM

නුවන් නොදන්න ගොඩක් දේවල් නාසා පර්යේශකයෝ හොයාගෙන තියෙනවා. අපායන් පිළිබඳව බුදුන් මිනිස් වර්ගයාට කියා දුන්නේ අවුරුදු 2500 කට කලින්. (ස)

:       0       0

කේපී Thursday, 02 April 2015 08:57 AM

අහෝ නුවන් ඔයාගේ හැම විද්‍යා ප්‍රස්නයකටම මූලික සිද්ධාන්තමය පිළිතුර බොදු දර්ශනයේ තියෙන බව තේරුම් ගන්න තරම් නුවනක් තිබුනා නම් කොච්චර වටිනවද? ඔයාට තියෙන්නේ හැම ප්‍රස්නයකටම පිළිතුර බුධාගම පොතේ නැති උනාට. මේක ගෝලීයකරණය වෙන්න ගිහින් වරිගේ නහගන්න එකට හොඳ නිදසුනක් බව දෙනුවන් වලට පේනවා. (ස)

:       0       0

ලංකාශ්‍රී Thursday, 02 April 2015 09:10 AM

නුවන් අදට පවතින විද්‍යාව දියුණු මදි ලොව්තුරා බුදුන්ගේ ප්‍රඥාවට සසඳන්න්ට. ඔබටත් භාවනා දියුණු කලොත් ප්‍රඥාව වඩවා ගත හැකියි. නුතන විද්‍යාව යනු මිනිසා ප්‍රයෝගික පරීක්ෂණ කර සොයා ගන්න දෙයයි. ප්‍රඥාව යනු මිනිස් සිත දියුණු කීරීමෙන් ලබාගන්න අති විශිෂ්ට දැනුමයි. (ස)

:       0       0

විද්‍යා Thursday, 02 April 2015 07:21 PM

ඔය වගේ මානවයෙක් කැලණිය පැත්තෙත් කාලයක් කාලගෝට්ටි කරකර හිටියා. දැන්නම් කිසිම සද්දයක් නැහැ. (නි)

:       0       0

අනුර Thursday, 02 April 2015 09:00 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ලක්වැසියා Thursday, 02 April 2015 11:15 AM

ලංකාව වනාහි උදේ සිට රාත්‍රිය දක්වා දහමින් දිවි ගෙවන මිනිසුන් පිරිසක් සිටීන රටක් බැවින් පලවන පුවත කුමක් වුවත් එය ආගමික කෝණයෙන් බලා ඊට එරෙහි වන්නන් අඥානයන් ලෙස හදුන්වමින් අනුන්ට මෛත්‍රිය කරමින් ජීවත්වන පිරිසකි. (ස)

:       0       0

දුමින්ද Thursday, 02 April 2015 04:01 AM

නැවත නැවතත් සනාථ වන්නේ අකාලික බුදු වදන වේ. (ස)

:       0       0

මැටිපහන Wednesday, 01 April 2015 12:45 PM

කාල වකවානු බලනකොට දෙවියෝ ආදම් සහ ඒව මැවුවේ වසර 6000 කට පෙර කියලා තමයි පෙනෙන්න තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මැවීම බොරුවක්, පරිණාමය තමයි හරි කියලද? (නි)

:       0       0

අමිත පෙරේරා Friday, 03 April 2015 02:40 AM

විවාද කොහොම උනත් ලංකා දීපය වටිනා පුවත් පල කරනවා කියවන්න. දැනගන්න දේවල් ඉදිරිපත් කරන එක ලොකු වැඩ . ස්තුතියි. (නදී)

:       0       0

සරත් පෙරේරා Friday, 03 April 2015 03:07 AM

අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය. සැම දෙයක්ම ආගමෙන් ඔප්පුකරන්න උත්සහ කිරීම එතරම් නුවනට හුරු නැත. (නදී)

:       0       0

ඇසළ Wednesday, 01 April 2015 02:27 PM

මැටිපහන, මිනිසා විසින් දෙවියා මැවුවා මිස අන්යමක් නැත. දෙවියා කියා කෙනෙක් සිටින බව දන්නෙත් මිනිසා පමණි. පරිණාමය කිසිවෙකුට බොරු කළ නොහැක. (නි)

:       0       0

නුවන් Thursday, 02 April 2015 06:42 AM

දුමින්ද ,ලංකාසිරි බුදු බන විතරද දන්නේ ? විද්‍යාවේ හැම සොයගැනීමක්ම බුදුදහමේ කලින් කියා තිබෙනවා කියා මේ පර්යේෂකයෝ දන්නවනම් මේවා නොකර වෙන වැඩක් බලගන ඉන්න තිබ්බ නේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 178 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 87 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 7225 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 87 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 403 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site