IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලෝක නායකයෝ පැරීසියේදි හමුවෙති

එක්සත් ජාතීන්ගේ පරිසරය දූෂණය වැළැක්වීමේ ජාත්‍යයන්තර සම්මේලනය නොවැම්බර් මස 29 වැනිදා පැරීසියේදි ආරම්භ විය. ලෝකයේ රාජ්‍ය නායකයන් 147 දෙනකු සහ රටවල් 196ක රාජ්‍ය නිලධාරීන් 45000ක් සහභාගි වන මෙම සම්මේලනයට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද සහභාගි වෙති.

එක්සත් ජාතීන්ගේ මහ සැසිවාරයට පසු විශාල රාජ්‍ය නායකයෝ පිරිසක් සහභාගි වන මෙම සම්මේලනය ඩෙන්මාර්කයේ කෝෆන්හේගන් සමුළුවට පසු පැවැත්වෙන විශාලතම සමුළුව ලෙස සැළකේ. ලොව ලොකුම ධනපතියා ලෙස සැලකෙන ඇමෙරිකා ජාතික බිල් ගේට්ස් හා ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ පරිසරවේදි නිකොලා හුලෝ ද එයට එක්වෙති.

පසුගියදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ ප‍්‍රංශයේ ජාතික පාපන්දු ක‍්‍රීඩාංගනය, හා ප‍්‍රංශ ආරක්ෂක ප‍්‍රහාරයෙන් මරුමුවට පත් පැරිස් ප‍්‍රහාරයේ ප්‍රධානියාවූ අබ්ඩෙල් හමීඩ් අබයුඩ් සැඟවී සිටි නිවස පිහිටි සෙන්ට් ඩෙනිස් නගරයට යාබද ලාබුර්ජේ නගරයේ පිහිටි ගුවන් හමුදා පරිශ‍්‍රයක මෙම සමුළුව දෙසැම්බර් 11 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතය.

සමුළු පරිශ‍්‍රය ලෝකයේ රටවල ධජ වලින් වර්ණවත්වී ඇති අතර එම ප‍්‍රදේශය දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත්වී ඇත.

නොවැම්බර් මස 29 වැනි ඉරිදා හා 30 වැනි සඳුදා වාහන වලින් පැරීසියට නොපැමිණෙන ලෙසත්  එම දිනයන්හී පැරීසිය හා ඒ අවට උමං දුම්රිය, සාමාන්‍ය දුම්රිය, බස් සේවාවන් සියල්ල නොමිලේ ප්‍රවාහන සේවා සපයන බවත් පැරීසියේ නගරාධිපතිනි හිඩල්ගෝ පැවසුවාය.

paris_2015112901 paris_2015112901-2 paris_2015112901-3 paris_2015112901-4

 

 



අදහස් (0)

ලෝක නායකයෝ පැරීසියේදි හමුවෙති

සේන Monday, 30 November 2015 01:47 PM

යහපාලනය පටන් අරගෙන දැන් වසරක් පිරෙන්න ළඟයි. රටේ කුණු කසළ ප්‍රශ්නය නම් තාම එතනමයි. මම මේ ළඟදී පොළොන්නරුවේ ගියා රාජකාරියකට. මට නම් නිරීක්ෂණය වුණේ එහෙ ජනගහණයට සාපේක්ෂකව ඉමක් නොපෙනෙන කසළ ගොඩවල්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 29 November 2015 11:50 AM

මේ ලොකු සමුළු වලට රිංගන්න ඉස්සෙල්ල ලංකාවෙන් 'සිලි සිලි' මලු, 'ලන්ච් ෂීට්' ආදිය තහනම් කළ යුතුය. ඔබ කවුරුත් දකිනවා ඇති මේවායින් රටට සිදුවී ඇති ව්‍යසනය. (බ)

:       0       0

තුෂාරී Sunday, 29 November 2015 12:39 PM

මේ මොනවා කියනවාද පිටිගල. එන්න කියන කොට නොයා ඉන්නේ කොහොමද ? ඔන්න ඔහේ ගිහිල්ලා අාපුවාවේ. (බ)

:       0       0

තුෂාරී Sunday, 29 November 2015 12:35 PM

මේ මොනවා කියනවාද පිටිගල. එන්න කියන කොට නොයා ඉන්නේ කොහොමද ? ඔන්න ඔහේ ගිහිල්ලා අාපුවාවේ. (බ)

:       0       0

රොහාන් දයාදර Sunday, 29 November 2015 01:56 PM

පිටිගල කියන කතාව සම්පුර්ණ ඇත්ත. ලෝකයේ දියුණු රටවල් තමුන්ගේ පරිසර හානිය අවම කරගෙන එහෙත් තමන්ට තනියම විසඳාගන්න බැරි ගෝලීය උණුසුම වැඩිවීම ගැන විසඳුම් හොයන්න රැස්වෙනවා. අපේ රටේ කුණු ටික දාගන්නවත් ක්‍රමයක් නැතුව අපේ නායකයෝ යනවා ගෝලීය උණුසුම ගැන කතා කරන්න. (නි)

:       0       0

සමන් Sunday, 29 November 2015 03:08 PM

කරුණාකරලා මේ සමුළුවෙන් පස්සෙවත් ලංකාවට ගිහින් අපේ යහපාලන නායකවරු කොළොන්නාවේ කුණු කන්ද නැතිකරන්න.අතන මෙතන ගිහින් මුදල් විනාශ කරනවට වඩා නියම වැඩකාරයන් බව ජනතාවට පෙන්වන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 226 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 99 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 7980 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 94 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 407 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site