ලෝක ත්රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකා එක්සත් ජනපදය යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී අද (9) ප්‍රකාශ කළේය.
ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බළකාය “විදෙස් ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස නම් කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගැනීමෙන් දිනකට පසු ඉරාන නායකයා ඒ බව ප්‍රකාශ කළේය.
“විප්ලවකාරී ආයතනයක් ත්රස්තවාදීන් ලෙස නම් කිරීමට ඔබ කවුරුන් ද ?” යැයි ඉරාන ජනාධිපතිවරයා විමසීය. ඉරානයේ ජාතික න්‍යෂ්ටික තාක්ෂණ දිනය වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයකදී ඉරාන ජනාධිපති හසන් රොව්හානී එම කරුණු සඳහන් කළ අතර ඉරාන ජනාධිපතිවරයාගේ කතාව සජීවීව රාජ්‍ය රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය ද කෙරුණි.
ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බලකාය 1979 වසරේ සිට ත්රස්තවාදයට එරෙහිව සටන් කළ බව ද හෙතෙම කීවේය.
ඇමෙරිකාව ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සෘජුව සහ වක්‍රාකාරව සබඳතා පවත්වන බවත් සෘජුව සහ වක්‍රාකාරව ත්‍රස්තවාදී ක්‍රියා කරන බවත් ඉරාන ජනාධිපතිවරයා ඇමෙරිකාවට චෝදනා කළේය.
“කලාපයේ රටවලට එරෙහිව ත්‍රස්තවාදී කණ්ඩායම් අවියක් ලෙස භාවිත කරනවා. ලෝක ත්‍රස්තවාදය නායකයා ඔබ” යැයි පවසමින් ඉරාන ජනාධිපතිවරයා ඇමෙරිකාව දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
(055)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ලෝක ත්රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකාවයි’
Mudali Tuesday, 09 April 2019 01:31 PM
ලෝක ත්රස්තවාදයට හේතු කාරකය සම්බන්ධයෙන් ජනාධිපති හසන් රොව්හානී කර තිබෙන විස්තරය සපුරා සත්‍යයක් බව ලෝක දේශපාලනය ගැන දන්නා විද්වතුන් පිළිගන්නවා ඇති… මෑතකාලය තුළ වියට්නාමය, ඇෆ්ඝනිස්තානය, ලිබියාව, ඉරාකය, ඊජිප්තුව, සිරියාව, මේ හැම රටකම ඇතිවුණු අභ්‍යන්තර ව්‍යවසනවලට වක්‍රව හා ඍජුව දායකවුණේ ඇමෙරිකාවයි. අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලටත් ඇඟිලි ගහන්නේ ඔවුන්මයි. මක්කරන්නද? බඩුයි නඩුයි සේරම හාමුදුරුවන්ගේ... හැම විජ්ජාවටම වඩා ගැල විජ්ජාව හොඳයි කියලයි ඉන්න වෙන්නේ අපිට..
රවින් Wednesday, 10 April 2019 02:29 AM
ළඟ හිටියානම් අම්මාප සිනි අහුරක් කටේ දානවා.
රවින් Wednesday, 10 April 2019 02:51 AM
ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්ෂකට ඇමරිකාව ගැන විමර්ශන බැහැලු නේද?
rihan Wednesday, 10 April 2019 05:42 AM
කවුරු කීවත් කතාව ඇත්ත සීනි ටිකක් කටේ දාන්න ඕන .
susantha Wednesday, 10 April 2019 07:58 AM
අනේ ඇත්තද ? එතකොට අර ඇෆ්ගනිස්තන්වල පකිස්තන්වල සුළු ආගමිකයන්ට අයත් ඉපැරණි වෙහෙර විහාර පිළිම බෝම්බ ගහල විනාශකරලා ආගමික සහජීවනය ලෝකෙට පෙන්නුවේ කව්ද ඇමරිකන් කාරයෝද?
susantha Wednesday, 10 April 2019 11:46 AM
අනේ ඇත්තද? එතකොට අර ඇෆ්ගනිස්තාන්වල, පාකිස්තාන්වල සුළු ආගමිකයන්ට අයත් ඉපැරණි වෙහෙර විහාර පිළිම බෝම්බ ගහලා විනාශකරලා ආගමික සහජීවනය ලෝකෙට පෙන්නුවේ කව්ද ඇමරිකන් කාරයන්ද? පිස්සු දොඩවනවා මෙතන... ලෝක ත්රස්තවාදයට හේතුව අර පොතයි සල්ලාලයෝ දෙන්නයි පස්සේ අන්තවාදීව යන පිරිසක් ඔහෙලගේ ජනකොටස්වල ඉන්න එක. ඇමරිකාව කරන හැමදේම හරි කිව්වේ නැතත් ඔහුන් එම අන්තවාදීන්ව පාලනයට ගත්ත සමහර ක්‍රියාමාර්ගවලට ඔහෙලගෙ අන්තවාදයට විරුද්ධ බොහෝ මිනිසුන් එකඟයි.
Nuwan Wednesday, 10 April 2019 11:58 AM
ඔය කතාවට තව එකතු වෙන්න ඕනේ. ලෝක ත්රස්තවාදයට ඇමරිකාව සහ මුස්ලිම් අන්තවාදය ඍජුවම වග කිව යුතුය. ඇමරිකාව ගැන කිව්වට මුස්ලිම් අන්තවාදය ගැන කට අරිවිද? අපි නොදන්නා මොණර තැන්න. ඇෆගනිස්ථානය, ඉරානය, ඉරාකය ඔය රටවල මුස්ලිම් පූජකයෝ බලය ගන්න කලින් සාමකාමී මිනිස්සු හිටි රටවල්... දැන් එකේ අනිත් පැත්ත.
sugath Premalal Egodagedara Thursday, 11 April 2019 06:23 AM
ඔව් ,....එක 100% හරි. ඇමෙරිකාව හැම වෙලාවේම රටවල් අතරේ ප්‍රශ්න ඇති කර බොහෝ රටවල් විනාශ කර තිබේ. උදාහරණ වශයෙන් සිරියාව, ඉරාකය හදුන්වන්න පුළුවන්.