IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලෝකයෙන් පෝලියෝ තුරන් වෙයි ?

පෝලියෝ රෝගය ලෝකයෙන් තුරන්කැර දැමිය හැකි එන්නතක පර්යේෂණ කටයුතු සාර්ථක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය කෘතිම රසායනික භාවිතයෙන් නිපදවූවකි.

වෛද්‍යවරු පවසන්නේ ලෝකයෙන් දැනට වර්ෂයකට වාර්තාවන පෝලියෝ රෝගීන් සංඛ්‍යාව තුන්සියත් පන්සියයත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇති බවයි. නව එන්නත මගින් පැරණි මුඛ එන්නතේ තිබූ දුර්වලතා කිහිපයක් මගහැරී ඇතැයි ද පර්යේෂකයෝ කියති.

එන්නත නිපදවීම සඳහා බිල් ඇන්ඩ් මෙලින්ඩ් ගේට්ස් පදනම හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකානු ඩොලර් 674,000ක් හෙවත් රුපියල් කෝටි 8.76ක මුදලක් පරිත්‍යාග කැර ඇත.

පර්යේෂණය සිදුකරන්නේ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් විසිනි. මේ සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහය ද හිමිව ඇත. කැලිෆෝර්නියාවේ සැන් ජෝස් හි පැවති වෛද්‍ය විද්‍යා පර්යේෂණ ප්‍රගතිය පිළිබඳ ඇමෙරිකානු සම්මේලනයේ දී මෙහි ප්‍රගතිය පිළිබඳ වාර්තා ඉදිරිපත් කැරිණි.

එම වාර්තාවට අනුව පසුගිය වසරේ වැඩිම පෝලියෝ රෝගීන් වාර්තා වී ඇත්තේ පකිස්ථානයෙනි. පසුගිය වර්ෂයේ ලෝකයෙන් ම වාර්තා වූ පෝලියෝ රෝගීන් 350කි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේව් ස්ටුවර්ට් පවසන්නේ දැනට පෝලියෝ රෝගය මර්ධනය සඳහා යොදා ගන්නා මුඛ එන්නත වෙනුවට මේ නව එන්නත යොදා ගැනීමෙන් වැඩි කාලයක් නොගොස් පෝලියෝ රෝගය මිහිතලයෙන් ඉවත් කළ හැකිවන බවයි.



අදහස් (0)

ලෝකයෙන් පෝලියෝ තුරන් වෙයි ?

දුමින්ද Wednesday, 18 February 2015 06:12 AM

නමුත් ලෝක බලවතුන් මෙය ජීව අවියක් ලෙස තියාගන්න බැරිත් නැහැ නේද? (නි)

:       0       0

සොයිසා Tuesday, 17 February 2015 02:28 PM

එක රෝගයක් තුරන් කරනකොට තව රෝග කිහිපයක් අලුතින් බිහිවෙනවා. ඒක තමයි අවාසනාව..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 18 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 37 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 3114 3

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 47 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 385 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 726 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site