ඉන්දීය කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ (28) සිදු කෙරුණු අතර එහිදී රාහුල් ගාන්ධි අමාත්‍ය ධූරයක් ලබා ගැනීම නැවතත් ප‍්‍රතික්ෂේප කළ බව අගමැති මන්මොහන් සිං ප‍්‍රකාශ කළේය. අමාත්‍ය ධූරය ප‍්‍රතික්ෂේප කළ රාහුල් ගාන්ධි (42) ඉන්දීය පාලක පක්ෂය වන කොංග‍්‍රස් පක්ෂයේ මහලේකම් ධූරයේම රැුඳී සිටීමට තීරණය කර ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළේය. ‘‘ගාන්ධිව රජයට සම්බන්ධ කර ගැනීමට මට අවශ්‍ය වුණා. ඔහුට අවශ්‍ය වුණේ පක්ෂය ශක්තිමත් කරන්න’’ යැයි ද අගමැති සිං ප‍්‍රකාශ කළේය. අගමැති මන්මොහන් සිං මේ බව කියා සිටියේ ඉන්දීය ජනපති නිවහන වන රාෂ්ට‍්‍රපති භවන්හිදී නව කැබිනට් අමාත්‍යවරුන් අටදෙනකු දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මීළඟ ඉන්දීය මහා මැතිවරණයට පෙර සිදු කෙරෙන අවසන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙයයි. 2009 වසරේ සිට අවස්ථා ගණනාවකදීම රාහුල් ගාන්ධිව සිය අමාත්‍ය මණ්ඩලයට එක් කර ගැනීමට අගමැති සිං ආරාධනා කළ ද ගාන්ධි ඒ සෑම අවස්ථාවකදීම එය ප‍්‍රතික්ෂේප කළේය.
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රාහුල් ගාන්ධි කැබිනට් ඇමැති තනතුර ප‍්‍රතික්ෂේප කරයි
හේරත් Monday, 29 October 2012 04:50 PM
අනේ මට දෙන්නකෝ. (නි)
ඉනෝකා Monday, 29 October 2012 07:12 PM
සල්ලිවලට පක්ෂය මාරුකරමින්, ඇමතිකම් ගැනීම වෙනුවෙන් තම ජාතිය ආත්මය පාවාදෙන අපේ රටේ සිටින දේශපාලකයන්ට නම් මෙය මෝඩකමක් විය හැකියි. (නි)
kumara Monday, 29 October 2012 08:18 PM
අමතිවරයකුට වඩා පාලක පක්ෂයේ ලේකම් කම හොඳ ඇති. (අ)
කොස්වත්ත Thursday, 01 November 2012 05:25 PM
මේවා දකිනකොට අපිට අපි ගැන ලොකු දුකක් දැනෙනවා (නි)
ලලිත් Monday, 29 October 2012 02:58 PM
අපේ අයට ඇමතිකමක් දෙන්න එන්න කිවුවොත් කොහොමට තියෙයිද? (නි)