IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රුසියාවෙන් තවත් න්‍යෂ්ටික බලාගාරයක්

ඉරානයට තවත් න්‍යෂ්ථික බලාගාරයක් ඉදිකර දීමට රුසියාව සැළසුම් කර ඇතැයි වාර්තා වේ.

ඉරානය සතු ‘‘බුෂෙහර්‘‘ නම් න්‍යෂ්ඨික බලාගාරයද ඉදිකර දී තිබෙන්නේ රුසියාවයි.ඉරානය න්‍යෂ්ඨික බලශක්තිය මුවාවෙන් න්‍යෂ්ඨික අවි සම්බන්ධ අත්හදා බැලීම් කටයුතු කරන්නේ යැයි බටහිර බලවතුන් චෝදනා කිරීම නිසා එරටට එරෙහිව සම්බාධක පැනවුනු අතර ඉරානය තමන් සිදුකරන න්‍යෂ්ඨික බලය හා සම්බන්ධ පර්යේෂණ කටයුතු සීමා කිරීමට එකග වීම නිසා එම පැණවුනු සම්බාධක ළිහිල් කැරුණේ මෑතකදීය.

ඒ අවසරයෙන් ඉරානය නැවතත් න්‍යෂ්ඨික බලය හා සම්බන්ධ පර්යේෂණයන් ආරම්භ කිරීමට යන්නේයැයි බටහිර බලවතුන් චෝදනා කරයි.

ඉදිකිරීමට යන නව බලාගාරයට ගෙවීම් ලෙස ඉරානය රුසියාවට දිනකට තෙල් බැරල් ලක්ෂ 5 ක් පමණ සපයනු ඇතැයිද සදහන්ය.බලාගාරයට අමතරව රේල් පීලි,යන්ත්‍රෝපකරණ කොටස්,ට‍්‍රක් රථ වැනි බර වාහන,හා ආයෝජනයනුත් රුසියාවෙන් ලබාගැනීමට ඉරානය සැළසුම් කර තිබෙන අතර ඒ සියල්ලට ගෙවීම් සිදුකෙරෙනු ඇත්තේත් තෙල් වලිනි.

ඉරානයට සම්බාධක පැනවුනු අවස්ථාවේදී රුසියාවත් ඊට සහය පළ කළේය.නමුත් ඒ මධ්‍යයේ වුවද ඉරානයේ මුරණ්ඩු පිළිවෙත දුටු අනෙක් බලවතුන් ඉරානයට තව තවත් සම්බාධක පැනවිය යුතුයැයි යෝජනා ගෙන ආවද ඒ සියල්ලට රුසියාවෙන් පළවූයේ විරෝධයයි.මේ සියල්ල ඉරානයේ කටයුතු වලට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමක් යැයි රුසියාව පැවසීය.

ඉරානය හා රුසියාව අතර හොද වෙළද සබදතාවක් පවතී.සම්බාධක ලිහිල් වුනු පසු ඉරානය රුසියාවට කෘතගුණ සැළකීමක් සේ මෙසේ රුසියාවටම ඉරානයේ අවශ්‍යතා සපුරා ලීමට ඉඩ හැර ඇති බවක් පෙනෙන්නේයැයි විචාරකයින් කියයි.

ඉරානයේ හා රුසියාවේ මේ ඇයිහොදැයිය දෙස ඇමරිකාව හා අනෙක් බටහිර රටවල් බලන්නේ වපර ඇසිනි.රුසියාව මෙලෙස දිගින් දිගටම ඉරානයට ආධාර උපකාර කරන්නේනම් සම්බාධක පනවා ලෝක සාමය වෙනුවෙන් ඉරානයේ න්‍යෂ්ඨික කි‍්‍රයාකාරකම් අඩපණ කිරීමට ගත් උත්සාහයන් සියල්ල ගගට කැපූ ඉණි මෙන් වනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.

 

 

 



අදහස් (0)

රුසියාවෙන් තවත් න්‍යෂ්ටික බලාගාරයක්

කුමාර Friday, 21 February 2014 08:41 AM

අපි කාලයක් අහක දාන ප්ලාස්ටික් පොලිතින් වලින් පෙට්රෝල් හැදුව නේද ? ඒවා ලාබෙට දෙන්න පුළුවන් කිවනේ , කොහෙන්ද ඒවා ගන්න පුළුවන් .(ත)

:       0       0

හැරල් Wednesday, 19 February 2014 02:57 PM

අනේ අපේ රටෙන් හම්බුන තෙල් කෝ , කාටවත් නිකම් දුන්නද ? පොඩි කොමිස් පාරක් ගහගන .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 760 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 293 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1513 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 473 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site