IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රොබින් හුඩ්ගේ කැලේ මාරුවෙයි ?

දුප්පතුන්ගේ වීරයා ලෙස සැළකෙන රොබින් හුඩ් සත්‍ය වශයෙන් ම ජීවත් වූ චරිතයක් වුව ද ඔහු ගැන දන්නා තොරතුරු නිවැරදි නොවේ යැයි බ්‍රිතාන්‍යයේ ඩොන්කැස්ටර් කෞතුකාගාරයේ කැරොලින් ඩෝල්ටන් මහත්මිය කියයි. රොබින් හුඩ් වාසය කළේ නොටිංහැම්ෂයර්හි නොව යෝක්ෂයර්හි බව ඇය තහවුරු කර ඇත.

ඇය පවසන්නේ රොබින් හුඩ් හා සම්බන්ධ‍ සාධක ගණනාවක් යෝක්ෂයර් හා බැඳී පවතින බවයි. රොබින් හුඩ් භූමදාන කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි කික්ලීස් හි දී බව ද ඩෝල්ටන් කියන්නීය. උතුරු ඩොන්කැස්ටර් හා පොන්ටෙෆ්‍රැක්ටර් ප්‍රදේශයෙන් රොබින්හුඩ් සම්බන්ධ වැඩිම සාධක හමුවී ඇත.

ඇයගේ ගවේෂණයට අනුව රොබින් හුඩ් හා ඔහුගේ සහචරයන් වාසය කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි පිහිටි ඩොන්කැස්ටර් වලට උතුරින් ඇති බ්‍රාන්ස්ඩෙල් වනාන්තරයේය.

පැරණි සංචාරක සටහනක දැක්වෙන්නේ  රොබින් හුඩ්ගේ සහ මැරියන්ගේ විවාහය සිදුවූයේ ඩොන්කැස්ටර් කැම්ෂයල් හි දී බවයි.

මේ සම්බන්ධ කරුණු විග්‍රහ කරන ඩෝල්ටන් මහත්මිය මෙසේ කියා ඇත.

‘‘රොබින් හුඩ් සම්බන්ධ කතාවල තිබෙන ජනප්‍රිය කතාවක් තමයි ඔහු හොරිෆෝඩ් හි බිෂොප්රයා ගසක බැඳ ධනය කොල්ල කෑ බව. ඩොන්කැස්ටර් හි පිහිටා තිබෙන ස්කෙල්බෘක් උද්‍යානයේ බිෂොප්ගේ ගස නමින් හැඳින්වෙන ගසක් තවමත් දක්නට ලැබෙනවා. මෙය බිෂොප්වරයා බැඳ තැබූ ගස වියහැකියි. “

ඇය පවසන කරුණු සනාථ කිරීමට ඉතා වැදගත් තොරතුරක් හමුවී ඇත. ඒ රොබින් හුඩ් මියගිය පසු දේහය මිහිදන් කළ බව සඳහන් ඵලකයකි. මේ ඵලකයේ සඳහන් වන්නේ 1702 දී රොබින් හුඩ් එතැන මිහිදන් කළ බවකි. එසේ වුව ද මෙතෙක් සිතා සිටියේ නොටිංහැම්ෂයර්වල දී ෂෙරීෆ් විසින් 1247 දී රොබින් හුඩ් මරාදමන ලද බවකි. එයින් පෙනී යන්නේ රොබින් හුඩ් ජීවත් වූවා යැයි පවසන ස්ථානයේ හා වර්ෂයේ පරස්පරයක් ඇති බවයි.

ඩොන්කැස්ටර් කෞතුකාගාරයේ රොබින් හුඩ් හා ඔහුගේ සම්බන්ධතා ගැන ගවේෂණාත්මක ප්‍රදර්ශනයක් මේ සතියේ ආරම්භ කැර තිබේ.

මේ ප්‍රදර්ශනයේ එක් පසෙක මධ්‍යකාලීන මෙවලම් ඇත. රොබින් හුඩ් ඩොන්කැස්ටර් හි වාසය කළ පුද්ගලයකුද නැද්ද යන කරුණ ප්‍රදර්ශනය නැරඹීමට එන අයගෙන් විමසීමට ද සංවිධායකයෝ කටයුතු කර සිටිති.

කෙසේ වෙතත් මේ ප්‍රදේශ දෙකේ සිටියේ රොබින්හුඩ්ලා දෙදෙනකු ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡාවට බඳුන් වී ඇත.Robin Hood (2) Robin Hood (3) Robin Hood (4) Robin Hood (5) Robin Hood (6)



අදහස් (0)

රොබින් හුඩ්ගේ කැලේ මාරුවෙයි ?

ගාමිණී සිරිවර්දන Wednesday, 10 September 2014 09:09 AM

රොබින්හුඩ් වගේ අපේ සරදියෙල්ලා වැඩකරලා නැහැ. අධිරාජ්‍යවාදීන්ගේ නොපනත්කම් වලටත්, පන්දම්කාරයින්ටත් විරුද්ධව ,දුප්පතා වෙනුවෙන් සටන් කළ වීරයෙක්. මාවනැල්ලේ ඉදිකර ඇති සරදියෙල් ගම්මානය වගේම රොබින්හුඩ්ට එරට කෞතුකාගාරයේ ඉඩක් ලැබෙනවා නම් සරදියෙල්ටද අපේ කෞතුකාගාරයේ ඉඩක් ලැබිය යුතුයි ! (නි)

:       0       1

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 10 September 2014 09:19 AM

කොහොමත් ඉතින් ඔක්කොම වුණාට පස්සේ තමයි ඇත්ත තොරතුරු හෙළිවෙන්නේ.. (නි)

:       0       0

රූමි Wednesday, 10 September 2014 09:23 AM

එතකොට මේ නෝනා උඩට උස්සගෙන ඉන්නේ ඇල්බියන් අසිපතද ? (ස)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 09:43 PM

ලෝකයේ හැටි රොබින් හුඩ් කතාව වෙනස් කරලා අලුත් පොතක් ලියන්න මේ නෝනට මුද්‍රණ සමාගම් වලින් ලොකු බැකප් එකක් දෙනවා ඇති (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 09:49 PM

තව ටික කලකින් සරදියෙල් වාසය කලේ පිදුරුතලාගල කන්දේ කියල අලුතෙන් පොතක් පල වෙන්න පුළුවන් මේවට කියන්නේ බිස්නස් ට්‍රික් කියලා (නදී)

:       0       0

රජින්ද Wednesday, 10 September 2014 10:02 AM

ලිපිය කියවගෙන යද්දී ආයෙත් බලන්න හිතුනා රොබින්හුඩ් කතා මාලාව. අදම පටන් ගන්නවා බලන්න. (නි)

:       0       0

සමන් Wednesday, 10 September 2014 10:19 AM

මට නම් ඒක පිළිගන්න බැහැ (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 10 September 2014 10:38 AM

මට දුක අර දිරාපත් වුණ ඇල්බියන් අසිපත දැක්කම තමා. (නි)

:       0       0

ශිෆ්රාන් Thursday, 11 September 2014 03:19 AM

රෝබින් හූඩ්ට දෙන තැන අපි සරදියෙල්ට තැන දියු යුතුයි (නදී)

:       0       0

කිරින්ද Thursday, 11 September 2014 03:19 AM

ඉතිහාසය ගැන හොඳට දැනගෙන අනාගතයේදී ගැරහුම් නොලැබෙන විදියට වර්තමානයේ ජීවත්වෙන්න කියන එක තමා මේ වගේ කතාවල අර්ථය. (නදී)

:       0       0

මාලිනි Friday, 12 September 2014 06:06 AM

ඇල්බියන් අසිපත මෙතරම් කුඩා වුයේ කෙසේද ?

:       0       0

නවීන් Wednesday, 10 September 2014 03:05 PM

සියල්ල අනිත්‍යයයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 181 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 106 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 124 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 40 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 880 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site