IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රජ කුමරිය අධිකරණයට

ස්පාඤ්ඤයේ ෆෙලිපේ රජුගේ සොයුරිය වන ක්‍රිස්ටිනා කුමරිය ඇගේ සැමියා ඇතුළු 18 දෙනකු මූල්‍ය වංචා චෝදනාවකට ඊයේ අධිකරණ්‍ය හමුවේ පෙනී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජ පවුලේ සාමාජිකයකු අධිකරණයට කැඳවූ පළමු අවස්ථාව මෙය බැවින් ස්පාඤ්ඤ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ එය සිය රටේ රජ පරපුරට කළු පැල්ලමක් එකතු වූ දිනයක් බවයි. ලාබ නොලබන නූස් ක්‍රීඩා පදනම යොදා ගනිමින් මේ පිරිස රාජ්‍ය ආයතනවලින් හා මහජනයාගෙන් වංචනික ලෙස මුදල් එකතුකැර ඇතැයි චෝදනා එල්ල වී ඇත. කෙසේ වෙතත් ඔවුහු තමන්ට එල්ලවී ඇති මේ චෝදනා සියල්ල ප්‍ර‍තික්ෂේප කරති.

නඩු විභාගයේ දී ක්‍රිස්ටිනා කුමරිය වැරදිකරු වුවහොත් ඇයට වසර අටක සිර දඬුවමක් නියමවනු ඇත. ඇය මේ වනවිට 50 හැවිරිදි වියේ පසු වන්නීය. නඩු විභාගය ත්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී පැවැත්වේ. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ මුල්‍ය වංචා සිදුව ඇත්තේ 2007 හා 2008 වර්ෂවලදී බවයි.

2010 වර්ෂයේ දී මේ චෝදනා එල්ලවීම හේතුනේ ස්පාඤ්ඤයේ ෆෙලිප් රජු සිය සොයුරිය පැල්මාහි ආදිපාද ධූරයෙන් ද ඉවත් කරනු ලැබුවේය. එසේ වුව ද ඇය තවදුරටත් ස්පාඤ්ඤ රජ පවුලේ සාමාජිකාවක ලෙස පිළිගැනෙයි.

 

 



අදහස් (0)

රජ කුමරිය අධිකරණයට

අමල් Tuesday, 12 January 2016 01:34 PM

රජ කුමරියක් උනත් වැරදි කර ඇත්නම් දඬුවම් ලැබෙයි. (ර)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 12 January 2016 08:29 AM

අපේ රටේ නිදැල්ලේ සැරිසරණ හොරුයි මිනී මරුවෝයි ඉක්මනින්ම සිරගත කල යුතුයි ස්පාඥ්ඥයේ වගේ.(කෞ)

:       0       0

මොහාන් Tuesday, 12 January 2016 04:23 PM

දැන් ඉතින් කරන්න දෙයක් නෑ.(හේ)

:       0       0

තරංග Tuesday, 12 January 2016 02:39 AM

එහෙම තමයි ඒ රටවල්... (නි)

:       0       0

කමල් පානදුර Tuesday, 12 January 2016 03:09 AM

අන්න එකට අපේ රටේ ,,,,,අත්අඩංගුවට ගන්නෙත් නිදහස් කරන ලියකිවිලිත් එක්කයි ...(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 100 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 68 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 74 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 33 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 848 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 123 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1543 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site