සංශෝධන සහිතව යළිත් වරක් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, දූෂණ වංචා නැවැත්වීමේ ‘ලොක්පාල්’ පනත් කෙටුම්පත ඉතා දුර්වල යැයි චෝදනා කරමින් ගාන්ධි අනුගාමික අන්නා හසාරේ, අනුගාමියන් දහස් ගණනක් පිරිවරාගෙන ඊයේ (27) මුම්බායි නුවර උපවාසයක් ආරම්භ කළේය. උපවාසය ආරම්භ කිරීමට පෙර හසාරේ, ජන රැලියකට ද සහභාගී වූයේය. රැලියට මුම්බායි වැසියන් පමණක් නොව ඉන්දියාවේ නන්දෙසින් පැමිණි හසාරේගේ අනුගාමිකයෝ ද සහභාගී වූහ. එම පිරිස ඉන්දීය අගමැතිට මෙන්ම කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිට ද චෝදනා කළේ රටේ දූෂණ වංචා නැවැත්වීමට ඉන්දීය රජයට උනන්දුවක් නැති බවටය. සංශෝධන සහිතව ‘ලොක්පාල්’ පනත් කෙටුම්පත ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඉකුත් 22 වැනිදාය. එය මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේ හතර වැනිදාය. එහි දුර්වලකම් රැුසක් ඇති බවත් එය සංශෝධනය කර නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් අන්නා හසාරේ ඇතුළු ඉන්දීය මානව කි‍්‍රයාකාරීහු එම අවස්ථාවේදී ද විරෝධය පාන්නට වූහ. හසාරේ නවදිල්ලි නුවරදී සති කිහිපයක් තිස්සේ උපවාස කළේ ද ඊට විරෝධය පාමිනි. පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංශෝධිත ලොක්පාල් පනත් කෙටුම්පත ද ඉතා දුර්වල එකක් බවත්, පනත් කෙටුම්පත සංශෝධනය කර තිබෙන්නේ ඉන්දීය රජයට වාසිි වන අයුරින් බවත් අන්නා හසාරේ පවසයි. පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් මණ්ඩලයක් පත්කිරීම ලොක්පාල් කෙටුම්පතේ අරමුණ වේ. අධිකරණ ක්ෂේත්රයේ ඉහළම තනතුරක් දරන අයකු කොමසාරිස්වරයා ලෙස තෝරා ගැනීමටත් ඔහුගේ සහායට අධිකරණ ක්ෂේත්රයේ තවත් නිලධාරීන් දස දෙනකු තෝරා ගැනීමටත් එම පනත යටතේ විධිවිධාන සැලැසී තිබේ. පිහිටුවනු ලබන එම මණ්ඩලයේ තීන්දු අභිබවා යෑමට අන් කිසිදු ආයතනයකට නොහැකි ආකාරයේ බලතල ද මණ්ඩලයට හිමිවනු ඇතැයි ද පැවැසිණි. කිසියම් හෝ අකටයුත්තක්, දූෂණ වංචාවක් සිදුවේ නම් ඉන්දීය මධ්‍යම රජයේ ඇමැතිවරුන්ට, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමට ලොක්පාල් පනත් කෙටුම්පත යටතේ ඉන්දීය ජනතාවට අවසර ලැබෙන බව ඉන්දීය රජය පවසයි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රජයට වාසිවන අයුරින් දූෂණ මර්දන පනත් කෙටුම්පත සංශෝධනය කරලා
සමිපත් Wednesday, 28 December 2011 02:55 PM
අන්නා හසාරේට ලංකාවටත් එන්න කියන්න.