තායිලන්ත රජු භූමිබෝල් ගේ ප්‍රියතම බැල්ල වන ඇයිලින් මොනාච් පසුගියදා මියගිය බව එරට රජය නිවේදනය කළේය. ඉන් දිනකට පසු එරට නීතිය අනුව රාජකීයයන්ට නිග්‍රහ කිරීමේ චෝදනා මත එම බැල්ලියට අන්තර්ජාලය හරහා අපහාසාත්මක අයුරින් චෝදනා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදෙස් පුවත් සේවා පවසයි.
තොන්ග් ඩෙන්ග් නමින් හඳුන්වන රාජකීය බැල්ල සම්බන්ධයෙන් 2002 වසරේදී හෘදයාංගම කෘතියක්ද නිකුත් කැරිණි.
දෙසැම්බර් 26 වැනිදා පස්වරු 11.10 ට ක්ලායි කැන්ග්වොන් හිදී තොන්ග් ඩෙන්ග් සැහැල්ලුවෙන් නිදා සිටියදී සාමදානයේ සැතපුණු බව නිවේදනයක් නිකුත් කරමින් එරට රජය කියයි. එම බැල්ල තායිලන්තයේ ගෞරවනීය චරිතයක් කර ඇත. තොන්ග් ඩෙන්ග් බැල්ල සම්බන්ධයෙන් ලියවුණු ග්‍රන්ථය එරට වැඩිම අලෙවියක් සහිත කෘතිය වූ බවත් එය හැරී පෝටර් කෘතිය තායිලන්තයේදී අලෙවි වූ වාර්තා හා සමවන බවත් කියති. බැල්ල සම්බන්ධයෙන් සැකසුණු සජීවීකරණ සිනමා පටයක්ද මේ දිනවල තායි සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ.
බැල්ලට නිග්‍රහ කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගැනුණු 27 හැවිරිදි තාන්කෝන් සිරිපායිබූන් නමැත්තා ෆේස්බුක් හරහා එසේ සිදුකර ඇති බව පැවසුවද ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු එරට රජය මෙතෙක් නිකුත් කර නැති බව විදෙස් ප්රවෘත්ති සේවා කියයි.
භූමිබෝල් රජු මේවන විට 88 වැනි වියේ පසුවෙයි. දීර්ඝ කාලයක් තායිලන්තයේ රජු ලෙස සිටිමින් වාර්තාවක්ද තබා ඇති ඔහු මේ වනවිට අසනීපයෙන් පසුවන බව එරට ආරංචි කියයි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජකීය බැල්ලියට අපහාස කළ අයෙක් අත්අඩංගුවේ
සාමා Thursday, 31 December 2015 12:42 AM
සුනඛයන්ට අපහාස කරන්න එපා. ඒ සත්තු මනුස්සයන්ට වඩා තමාගේ හාම්පුතාට හිතවත්. මිනිස්සු වගේ පස්සෙන් ගිහින් පිහියෙන් අනින්නේ නැහැ. කෙළෙහිගුණ හොඳටම දන්නා සත්තු තමා සුනඛයෝ. (නි)
අලි Wednesday, 30 December 2015 08:38 AM
නියමයි බලු සුරතලේ (බ)
ගයාන් Thursday, 31 December 2015 01:54 AM
තායිලන්තය කියන්නෙ බෞද්ධ රටක්. මේ රජතුමාට මිනිස්සු සළකන්නේ දෙවියෙකුට වගේ. මේ වගේ තැනක උපදින්න බැල්ලිත් ලොකු පිනක් කරලා ඇති. හුඟක් අයගෙ බුද්ධි මට්ටම පේනවා අදහස් වලින්. (නි)
ලක්ෂ්මන් Tuesday, 29 December 2015 10:02 PM
අම්මෝ අපිත් මොකුත් කියන්න හොඳ නැහැ. බයේ බැහැ මට නම් (නි)
අශෝක Wednesday, 30 December 2015 01:35 AM
එහෙ බල්ලාට අපහාස කරනවා. මෙහෙ සමහර මිනිසුන්ට බල්ලාට වගේ අපහාස කරනවා (නි)
මහින්ද සෞදි Tuesday, 29 December 2015 07:38 AM
ජාත්‍යන්තර උසාවියක් එන නිසා මොකුත් කියන්නේ නැහැ. (ර)
යවනාඩ් Wednesday, 30 December 2015 05:05 AM
අනේ ඇත්තට... එහේ බල්ලන්ට තිබෙන සැළකිළි දකිද්දී මිනිස්සු වශයෙන් අපිට අපි ගැන දුකයි (නි)
ටිලාන් Wednesday, 30 December 2015 05:25 AM
ඒ රටවල බල්ලන්ට තියෙන සැප? (නි)
ජයවීර Tuesday, 29 December 2015 07:57 AM
රෝයල් බැල්ලිය සාමදානයෙන් සැතපේවා ! (බ)
අරුණ Wednesday, 30 December 2015 12:20 PM
ලෝකය දැන් යන්නේ කණපිටට බව අපිට දැන් පෙනෙනවා. මෙන්න තවත් එවැනි විහිළුවක්! (නි)
ගොඩ්ෆ්‍රී Tuesday, 29 December 2015 08:25 AM
බැල්ලියට සාමෙන් සැතපේවා පතමු (ම)
හේමන්ත Tuesday, 29 December 2015 09:09 AM
බල්ලෙක් වුනත් රජ ගෙයි ඉපදීම වාසනාවක්. උපස්තම්ම්භක කාර්ම කිවේ බුදුදහමේ ඕවට තමයි. ජනක කර්මය හොද නැති වුනාට, ඊළගට ඉදිරියට එන්නේ මෙම කර්මයයි. දහසක් මිනිසුන් මළ පසු පොත් තියා ශෝක පණිවිඩයක් වත් නැතිවම භුමිදානය වෙනවා. (කෞ)