IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යූරෝ කුසලානයට ප්‍රංශය සැරැසෙයි

වසර හතරකට වරක් යුරෝපයේ රටවල් අතර පැවැත්වෙන යුරෝපා පාපන්දු ශූරතාවය අද (10) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත‍්‍රී 12.30ට ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය නොවැම්බර් මස 13 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ පැරීසියට නුදුරින් පිහිටි ප‍්‍රංශයේ ජාතික ක‍්‍රීඩාංගනය වන ස්ටැඩ්ඩෙ ලා ප‍්‍රාන්ස් ක‍්‍රීඩාංගනයේදී ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් ගේ ප‍්‍රධානත්වයෙන් එය ඇරැඹේ.

ප‍්‍රථම තරගය ප‍්‍රංශය හා රුමේනියාව අතර පැවැත්වේ. තරගාවලියේ අවසාන මහා තරගය ජුලි 10 වැනිදා ස්ටැඩ්ඩෙ ලා ප්‍රාන්ස් ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වීමට යයි.

ලෝක පාපන්දු කුසලානයට පමණක් දෙවැනි වන යුරෝ කුසලානය සඳහා රටවල් 24ක් සහභාගිවේ. මින් පෙර රටවල් 16ක් අතර පැවැති තරගාවලියට මේ වසරේ සිට රටවල් 24ක් සහභාගි කරවා ගැනීමට තීරණය වී ඇත.

ඒ අනුව ඇල්බේනියාව, ස්විට්සර්ලන්තය, රුසියාව, එංගලන්තය, වේල්සය, ස්ලෝවේනියාව, යුක්රේනය, ජර්මනිය, පෝලන්තය, උතුරු අයර්ලන්තය, ස්වීඩනය, ඔස්ටි‍්‍රයාව, පෘතුගාලය, අයිස්ලන්තය, හංගේරියාව, ස්පාඤ්ඤය, චෙකෝස්ලෝවැකියාව, තුර්කිය, ක්‍රෝඒෂියාව, බෙල්ජියම, ඉතාලිය හා අයර්ලන්තය යන රටවල් මෙවර ශූරතාවයට තරග වදී. මේ සඳහා ප‍්‍රංශයේ පාපන්දු ක‍්‍රීඩාංගන 10ක් සූදානම් කර ඇති අතර ලක්ෂ 25ක ජනතාව ක‍්‍රීඩාංගණ තුලදීත් ලක්ෂ 65ක ජනතාවක් එළිමහන් රූපවාහිනී තිරයන් මගින්ද තරග නැරඹීමට පැමිණෙතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

ප‍්‍රංශ පොලිස් භටයන් 77000ක්ද පුද්ගලික ආරක්ෂක භටයන් 13000ක්ද තරගාවලියට ආරක්ෂාව සපයයි. ඒ සමගම ප‍්‍රංශයේ විශේෂ ප‍්‍රහාරක පොලිස් කණ්ඩායම් දෙක බැගින් සෑම පාපන්දු කන්ඩායමකටම පැය 24 පුරා ආරක්ෂාවට යොදවා ඇත.

මේ දිනවල ප‍්‍රංශයේ පවතින වර්ජන, ගර්ජන, ඟංවතුර ආදි විපත් හා අභියෝග ඉදිරියේ තම රටේ ගෞරවය ආරක්ෂා වන පරිදි යූරෝ කුසලානය පැවැත්වීමට බලාපොරොත්තු වන බව ප‍්‍රංශයේ ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමති පැට්රික් කනෙර් පැවැසීය.

le-stade-de-france-a-saint-denis-en-2010_5412681 saint-denis-stade-de-france-1760

 

 

 

 



අදහස් (0)

යූරෝ කුසලානයට ප්‍රංශය සැරැසෙයි

ලංකානි Sunday, 12 June 2016 02:54 AM

ප්‍රංශයට කොයි මොහොතේ හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් වන බවට අනතුරු අඟවයි. සැමදෙනාම ඉතා විමසිල්ලන් සිටිය යුතු කාලයක් උදාවී ඇත. ජුනි මස අවසානයේ මාස දෙකක පාසැල් නිවාඩු ආරම්භ වෙයි. (නි)

:       0       0

චරිත් සේරසිංහ Sunday, 12 June 2016 07:14 AM

ලංකානි මෙවර පාසල් නිවාඩුව පටන් ගන්නේ ජුලි මාසයේ 15 වෙනිදායින් පසුවයි , එය අගෝස්තු 31 වනදා වනතුරු , මෙවර කලාප 3 නම එකම වර නිවාඩුව (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 10 June 2016 05:44 PM

මෑත ඉතිහාසයේ දෙවරක් යුරෝ පාපන්දු කුසලානය දිනු රටක් ප්‍රංශය. මෙවර ප්‍රතිඵල නොයිවසිල්ලෙන් බලා සිටිමි (නි)

:       0       0

සේරම් Saturday, 11 June 2016 10:24 AM

පළමු දිනයේ තරගයෙන් ප්‍රංශය රුමේනියාව පරාජය කළා ගෝල 2ක් ප්‍රංශයට ගෝල 1 ක් රුමේනියාව , කොපමණ දුර යාවිද කියා බලමු (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 137 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 93 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 100 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 36 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 864 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 126 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site