යේමන ආරක්ෂක ඇමැති මොහොමඞ් නසර් අහමඞ් ගමන් ගත් රථපෙළ ඉලක්ක කරගෙන පෙරේදා(12) එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ඇමැති නසර් අහමඞ් ඉන් දිවි ගලවා ගැනීමට සමත් වූ බව යේමන රජය පවසයි. ඇමැතිවරයා ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වූයේ යේමනයේ හිටපු ජනපති අලි අබ්දුල්ලා සාලේට නිදහස ලබා නොදෙන ලෙස පවසමින් එරට වැසියන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් සානා නුවර විරෝධතාවක නිරතවෙමින් සිටි අවස්ථාවකදීය. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර ආරක්ෂක ඇමැතිවරයාගේ ආරක්ෂක භටයන් හත් දෙනකු සිටින බවද වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදී මෙහෙයුම් බාරව කි‍්‍රයා කළ අල් කයිඩා සංවිධානයේ දෙවැනි නායකයා වූ සයීඞ් අල් ෂේරි යේමන හමුදා අතින් ඝාතනයවීමෙන් දිනකට පසුව මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මේ වන තෙක් කිසිදු පාර්ශවයක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන නොමැති බව එරට රජයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. ඉකුත් මැයි මාසයේදී අල් කයිඩා සටන්කාමීන් යේමන අගනුවරට දරුණු ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් සෙබළු සියයක් ජීවිතක්ෂයට පත් වූහ. එම ප්‍රහාරයේ ඉලක්කය වූයේද ඇමැති නසර් අහමඞ්ය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යේමන ආරක්ෂක ඇමැති ඝාතන තැත වරදී