IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘යකඩ ගැහැනිය’ අවසන් ගමන් යයි

බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිනී මාග‍්‍රට් තැචර්ගේ අවසන් කටයුතු ඊයේ (17) හමුදා සහ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ඊට විශේෂ ආරක්ෂාවක් ද යෙදවිණි.
අවමංගල පෙරහරට මෙන්ම දේව මෙහෙයට ද විශේෂ ආරක්ෂාවක් යෙදවීමට බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශවලට සිදුවූයේ බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර හේතුවෙනි.
අවමංගල දේව මෙහෙය පැවැත්වුණේ ශාන්ත පෝල් දෙව් මැදුරේය. එම අවස්ථාවට ඇගේ පවුලේ අය, සම්භාවණීය අමුත්තන්, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සහ දෙවැනි එලිසබත් මහ රැජින ද සහභාගී වූහ.
බි‍්‍රතාන්‍යයේ ප‍්‍රථම සහ එකම අගමැතිවරිය මාග‍්‍රට් තැචර්ය. බි‍්‍රතාන්‍ය වැසියන්ගේ පමණක් නොව, මුළු ලෝකයේම ගෞරවයටත් ආදරයටත් පාත‍්‍ර වූ ඇය වඩාත් ප‍්‍රකට ‘යකඩ ගැහැනිය’ යන ආදර නමිනි.
කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් පිටපිට තෙවරක් ඇය බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හෙබවූවාය. දීර්ග කාලයක් පුරා රෝගීව සිටි ඇය පසුගිය අට වැනිදා මෙලොවින් සමුගත්තාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 87 කි.
තැචර්ගේ අවසන් කටයුතු සිදු කෙරුනේ ඒ සම්බන්ධයෙන් ජනමත විචාරයක් ද පැවැත් වීමෙන් පසුවය.
ඊට හේතුව තැචර් මහත්මිය ඇගේ අන්තිම කැමැති පත‍්‍රයේ සඳහන් කර ඇත්තේ තමා වෙනුවෙන් රාජ්‍ය ගෞරවයක් නොපවත්වන ලෙසටය. බි‍්‍රතාන්‍ය රජය ඇය වෙනුවෙන් රාජ්‍ය සහ හමුදා ගෞරව පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේ ඒ පිළිබඳ ඇගේ පවුලේ අයගෙන් සහ රටේ ජනතාවගෙන් අදහස් විමසා බලා තීරණයක් ගැනීමට අගමැති කාර්යාලය පියවර ගත්තේය.



අදහස් (0)

‘යකඩ ගැහැනිය’ අවසන් ගමන් යයි

සංදීප් Thursday, 18 April 2013 01:11 PM

යකඩ ගැහැණියට නිවන් සුව ලැබේවා! (නි)

:       0       1

හේරත් Thursday, 18 April 2013 06:48 PM

ඒ අගමැතිනියටත් නිවන් සුව ලැබේවා! (නි)

:       1       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 164 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 101 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 92 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site