අදින් වසර 2300 ට පෙර කාලයේ දී ද මොළයේ බරපතල සැත්කම් සිදුකැර ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ කියති. ඔවුන් මේ බව තහවුරු කරගෙන ඇත්තේ සැත්ම් කරනලද බවට පැහැදිලි සළකුණු සහිත හිස්කබල් දෙකක් සොයා ගැනීමෙනි.
සයිබීරියාවේ අල්තායි මවුන්ටන්ස් නම් පෙදෙසින් මේ හිස්කබල් හමුවී ඇත. මේ හිස්කබල් දෙක පැසිරික් නමැති සංචාරක ගෝත්‍රිකයන්ගේ යැයි විශ්වාසයක් පවතී.
සමාන උපකරණ හා තාක්ෂණය යොදාගෙන මේ හිස්කබල් දෙකෙහි සැත්කම් කර ඇතැයි අනාවරණය වී ඇත. හිස්කබල සිදුරු කිරීමෙන් හෝ හීරීමෙන් මේ සැත්කම් සිදුකැර තිබේ. මෙය ට්රෙපනේෂන් ලෙස හැඳින්වෙන ඉතා අනතුරුදායක පැරණි සැත්කම් ක්රමයකි.
විද්‍යාඥයන් පවසන්නේ හමුවූ එක් හිස්කබලක් වයස අවුරුදු 40ත් 50ත් අතර පුද්ගලයකුගේ බවයි. එම තැනැත්තාගේ මොළයේ ගෙඩියක් තිබූ බවට සාධක හමුවී ඇත. එමෙන් ම වැඩිදුරටත් සියුම් ලෙස පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ ඔහුගේ මොළය හා හිස්කබල අතර රුධිරය එකතුවිමේ තත්ත්වයක් ද තිබී ඇති බවයි. සැත්කමින් හිස්කබලේ තිබූ ගෙඩිය සාර්ථකව ඉවත්කැර ඇති බව විද්‍යාඥයෝ කියති. මේ සැත්කමින් පසු හිස්කබල වර්ධනය වූ බව හොඳින් නිරීක්ෂණය කළ හැකිවෙයි. එයින් පැහැදිලි වන්නේ සැත්කමින් පසු මේ තැනැත්තා සෑහෙන කාලයක් දිවි ගෙවා ඇති බවයැයි විද්‍යාඥයෝ කියති.
අනෙක් හිස්කබල අයත් පුද්ගලයාට ප්‍රවේණිගත රෝගයක් තිබෙන්නට ඇතැයි යන්න පර්යේෂකයන්ගේ මතය වී ඇත. හිසකබලේ සිදුරක් විදීමෙන් මේ සැත්කම ද සාර්ථකව සිදුකැර ඇත.
පුරාවිද්‍යාව හා මානව විද්‍යාව සම්බන්ධ රුසියානු ඇකඩමියේ සයිබීරියානු ශාඛාවේ විද්‍යාඥයන් පවසන්නේ 19 වැනි සියවසේ යුරෝපයේ රෝහල්වල කරන ලද මේ ආකාර සැත්කම් වලින් සාර්ථක වී ඇත්තේ සියයට 10ක් පමණක් බවයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මොළේ සැත්කම් වසර 2300ක් පැරණියි
ලක්ෂ්මන් සු පෙරේරා Saturday, 20 September 2014 05:10 AM
බුදුන් දවස සිටි ජීවක වේද දුරු ඔලු කටුව විවෘර්ත කර පනුවන් ඉවත් කල බව සාසන ඉතිහාසයේ සදහන් වෙනවා. විස්මිත වෙදකම් සදහා ජීවක චරිතය කියවා බලන්න ඕවට වඩා විස්මිතයි (නදී)
දයා Saturday, 20 September 2014 06:02 AM
එහෙම දෙයක් දිහාවේම එකම විදිහට බලන්න එපා.... ඉතිහාසේ හරිම බලවත් බලන්න අපේ රජ කාලේ....(දිල්)
සංජීව Saturday, 20 September 2014 09:41 PM
මේකේ ඉන්න බක පණ්ඩිතයෝ එක එක කතා කියනවා. දෙතුන් දෙනෙක් නම් මාතෘකාවට අදාළව බුද්ධිමත්ව අදහස් දක්වනවා. මොනවා වුණත් තව තවත් පරීක්ෂණයට ලක්විය යුතු දෙයක් ලෙස මා දකිනවා. (නි)
එෂාන් Saturday, 20 September 2014 11:11 AM
මොලයේ හිලක් නේද ? අපේ බන්දුල පෙරේරාගේ මොළයත් මේ වගේම ඇති නේද (නදී)
නයනකාන්ත Saturday, 20 September 2014 01:55 AM
සිංහල රජ කාලෙ තිබුනු දෙතිස් වද මේ රටෙත් තිබිලා තියනවා කියලයි මට නම් හිතෙන්නේ. එ් වලින් එකක් දිලා මරපු කෙනෙක් ද දන්නේ නෑ (ඔලුව සිදුරුකර මොලයට යකඩ උලකින් ඇනීම ) (නදී)
රොකී Saturday, 20 September 2014 01:57 AM
මේකත් අර අහවලා යකඩ පරාල, ඇන ගහපු ඔලුවක් වෙන්න බැරි නැහැ (නදී)
රාසා Saturday, 20 September 2014 03:17 AM
මේ ප්‍රතිචාර සුදුසු නෑ. මොකද අතීතයේ ඉතා හොඳ වෙදකම් ක්‍රම තිබිල තියනවා. (අ)