බටහිර ස්වීඩනයේ ගොතන්බර්ග් දිස්ත්‍රික් අධිකරණයට ස්විඩ් පොලිස් නිලධාරීන් 37 හැවිරිදි ස්විඩන් කාන්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ මෙතෙක් ලෝකයේ කිසිම තැනකින් අසන්නට නොලැබුණු විස්මිත වූත්, අරුම පුදුම චෝදනාවකි. පොලිසිය කියා සිටියේ කාන්තාවගේ නිවසේ තිබි මිනිස් ඇට සැකිලි හිස්කබල් සොයාගත් බවත්, එම මිනිස් ඇට සැකිලි ලිංගික තෘප්තිය සඳහා උය උපයෝගී කරගෙන ඇති බවත්ය. එහෙත් එම චෝදනාවට නඩු පැවැරීම සඳහා නීති පොතේ වගන්තියක් නැති හෙයින් ‘‘මළවුන්ගේ සාමයට බාධා කිරීම‘‘ යන චෝදනාව යටතේ ඇයට විරුද්ධව නඩු පවරන බව ස්විඩන් පොලිසිය අධිකරණයට දැන්වීය. පොලිසිය කාන්තාවගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් හිස්කබල් පහක්, කොඳු ඇට පෙළක් සහ තවත් මිනිස් ඇට කටු රාශියක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇයගේ නිවසේ රහස් කාමරයක මෘත ශාරීරාගාරයක මෙන් පවත්වාගෙන ගිය කොටසක මෙම ඇට සැකිලි තිබි අත්අඩංගුවට ගත් බවයි. නිවසේ තිබූ සී.ඩී. තැටි දෙකක් සහ ලිංගික ක්‍රියාවනට අදාල ඡායාරූප රැසක් තිබූ බවත් එක් ඡායාරූපයක ඇය මිනිස් හිස් කබලක් සිප ගන්නා ආකාරය විදහා දැක්වෙන බවත් පොලිසිය කීවේය. සී.ඩී. තැටිවලින් එක් තැටියක මගේ පළමු අත් දැකීම මැයෙන් එයට අදාල ඡායාරූප ලියකියවිලි තිබූ බවත් අනෙක් තැටියේ මළවුන් සමග සංවාසයක් යෙදෙන ඡායාරූප ලියකියවිලි තිබූ බවත් පොලිසිය සඳහන් කෙළේය. ඇය මානසික වෛද්‍ය විශේෂඥයින් වෙත ඉදිරිපත් කළ ද ඇයට කිසිදු මානසික රෝගයක් හෝ එවැනි රෝගයක ලක්ෂණවත් නොමැති බව වාර්තා කර ඇතැයි ද පොලිසිය වැඩදුරටත් කියා සිටියේය. පොලිසිය මුලින් සැකකර ඇත්තේ ඇය කිසියම් මිනිමැරුම් කීපයක් රහසිගතව සිදුකර එය වසන් කිරීමට උත්සහා ගන්නා ආකාරයක වුවත් පසුව කළ නිරීක්ෂණවලදි මෙම කරුණු අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය. චෝදනාවට නිවැරැදි කරු බව ඇය ප්‍රකාශ කළැයි. තමා කිසිදු වරදක්කර නොමැති බවත් මිනිසුන්ට මුද්දර එකතු කිරීමට ඇති ආශාව මෙන් තමන්ද මිනිස් ඇට සැකිලිවලට එකතු කළ බවත් ඇය කීවාය. නඩු විභාගයට පැවැත්වෙන අතර ඇය වැරැදිකරු වුවහොත් වසර දෙකක සිරදඬුවමක් සහ දඩයක් ද ගෙවීමට සිදුවේ.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මෙහෙමත් ආසාවක්
අමිල කටුනායක Thursday, 22 November 2012 08:33 AM
මළවුන් සමග කටයුතු කරාම නඩු වැටෙන එකක් නෑ කියලා හිතන්න ඇති (ස)
සම්පත් Thursday, 22 November 2012 09:13 AM
කෝ මේ ළමයගේ ෆෙටෝ එකක් දාලා නෑනේ (ස)
කැළුම් Thursday, 22 November 2012 09:35 AM
මේක එයාගේම කවුරුහරි කෙනෙක්ගේ වෙන්න ඇති. ආපහු ගිහින් දුන්නොත් හොඳයි..මැරුන මිනිස්සුන්ගෙන් කාටවත් කරදරයක් නෑනේ (ස)
බන්දුල Thursday, 22 November 2012 09:58 AM
බයානක ආසාවක්, ඔය වැඩේට හරියන කවුරුහරි හොයාගන්න (ස)
දුමි Tuesday, 27 November 2012 04:35 PM
මුතුකුඩ මේවා ලංකාවෙත් වෙනවා..? ඔයත් මේකට මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ..!(නු)
බැරැක් Wednesday, 21 November 2012 08:44 PM
අනේ මෙහෙම තන්හාවක්, අනේ මෙහෙම ආසාවක් . මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (ස)
රුමේන් Thursday, 22 November 2012 02:53 PM
හරි ෂොක් අප්පා... (ස)
චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 08:53 PM
නියම ක්‍රමයක් (ස)
මුතුකුඩ Thursday, 22 November 2012 10:20 PM
මේ ක්‍රමය ලංකාවෙත් වෙනවා. බෙහෝදුරට මේක සිදුවන්නේ මිනී තබන කාමර ඇතුළේ. (නි)
කුමාර Thursday, 22 November 2012 04:10 PM
මේ රටවල්වල ජීවත් වෙනවා ලෝකේ හැම ජාතියක්ම (ස)
දයානන්ද Thursday, 22 November 2012 04:41 PM
මොකක්ද අනේ මේ හරුපේ.......? (නි)
නාපාවල කටාර් Thursday, 22 November 2012 12:38 PM
ජීවත්වී සිටින මිනිසාට වඩා මළවුන් අතර සිටින මිනිසා විශ්වාස කළ හැකිය. (නි)
මධූ Thursday, 22 November 2012 12:58 PM
යකෙක් වැහිලද ?? තොවිලයක් නටන්න වේවි (ස)