IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුහුදේ සැඟවුණු මැටි කම්හල

ග්‍රීසියේ කුඩා දූපතක් වූ ඩෙලොස් දිවයින ආසන්න ඒජින් මුහුදේ තිබී පැරණි ජනාවාසයක නටඹුන් සොයාගත හැකි වූ බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ අඩි හයක් යට මුහුදු පත්ලේ තිබී මැටි බඳුන් පිළිස්සූ පෝරණුවක් හා මැටි භාජන රැසක් සොයාගත හැකි වූ බවයි. එහි තිබී පිළිස්සූ මැටිවලින් තැනූ වළං 16ක් ද සොයාගත හැකිවී ඇත.

කළකට ඉහත හමුවූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මේ ස්ථානය පිළිබඳ සොයා බැලූ විද්‍යාඥයන්ගේ මතය වී තිබුණේ එතැන වරායකට අවශ්‍ය උපකරණ තිබූ බවයි. එස් වුව ද එතැනින් හමුවූ  ද්‍රව්‍ය ගැන කරන ලද පර්යේෂණයට අනව තහවුරු වී ඇත්තේ එය වරායක කොටසක් නොව පැරණි ජනාවාසයක් බවයි.

පර්යේෂකයන් පවසන්නේ මේ ස්ථානය අතීතයේ මැටි භාණ්ඩ නිෂ්පාදනාගාරයක් ව තිබෙන්නට ඇති බවයි. එතැන කර්මාන්තයකට අදාල අනිකුත් ගොඩනැගිලි පිහිටි ස්ථානයක් බව ද තහවුරු කරගෙන ඇත. කඩා වැටුණු කණු පේලි හා බිත්ති සැකිළි කොටස් මුහුදෙන් හමුවී ඇත.

ඔවුන් පවස්න්නේ මෙය පැරණි රෝම ජනාවාසයක් බවයි. කර්මාන්ත ශාලවක් ලෙස සැළකෙන කොටස් ඉදිරිපසින් ගල් සහිත තාප්පයක අවශේෂ ද හමුවී ඇත. කෙසේ වෙතත් මුහුදු ජලයේ බලය අඩු කිරීමට යෙදූ සත්‍ය ජලකඩනයක් ද මේ ජනාවාසයේ ආරක්ෂාවට යොදා තිබූ බව තහවුරු වී ඇත.

sea 1 sea 2



අදහස් (0)

මුහුදේ සැඟවුණු මැටි කම්හල

ඩෙන්සිල් Saturday, 29 November 2014 04:55 AM

ඇතිදේ නැතිවේ.. නැතිදේ ඇතිවේ.. ඉතිරිවන්නේ මතකය පමණයි..(අ)

:       0       0

ජගත් Saturday, 29 November 2014 05:29 PM

කවුද මේකට වගකියන්න ඕනේ. (ස)

:       0       0

ලක්සිරි Saturday, 29 November 2014 02:49 AM

ඉතා හොඳ සටහනක්. (ස)

:       0       0

ඩෙන්සිල් Saturday, 29 November 2014 03:00 AM

මෙය ස්වභාවයේ හැසිරීම අවබෝධ කර ගැනීමට හොඳ අවස්ථාවක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 781 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 294 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1514 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site