හිටපු අගමැතිනී බෙනාසීර් බූතෝ ඝාතනය සම්බන්ධයෙන්, එවකට පාකිස්තානයේ ජනපති ධුරය හෙබවූ පර්වේස් මුෂාරෆ් අල්ලා ගැනීමට අන්තර් ජාතික පොලිස් කොමිසම හෙවත් ඉන්ටර්පොල් ආයතනයේ සහාය ඉල්ලීමට පාකිස්තාන රජය ඊයේ (4) තීරණය කළේය. ඒ අනුව මුෂාරෆ්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසට ඉන්ටර්පෝල් ආයතනයට දැනුම් දී ඇතැයි ද පාකිස්තාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති රහ්මාන් මලීක් පවසයි. බෙනාසීර් බූතෝ ඝාතනයට ලක් වූයේ 2008 වසරේදීය. ඒ, ඇය දේශපාලන රැලියකට සහභාගී වූ අවස්ථාවේදීය. එම අවස්ථාවේ ජනපති ධුරය හෙබවූයේ මුෂාරෆ්ය. ජීවිත අනතුරු තිබියදී බෙනාසීර් බූතෝට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් මුෂාරෆ්ට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා ප්‍රතික්ෂේප කරන මුෂාරෆ් පවසන්නේ බූතෝ ඝාතනය සිදු කළේ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් බවය. බූතෝ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන රජය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද විශේෂ පරීක්ෂණයක් පැවැත්වීය. ඒ, ජනපති අසීෆ් අලී සර්දාරීගේ ඉල්ලීමක් අනුවය. ඉන්පසු පැවැති මැතිවරණයෙන් මුෂාරෆ්ට ජනපති ධුරය අහිමි විය. ඔහු පාකිස්තානයෙන් පිටුවහල් වී ඩුබායි සහ ලන්ඩන් නුවර පදිංචියට ගියේය. කිසිදු ලේ වැගිරීමක් නොකොට මුෂාරෆ්, හමුදා කුමන්ත්රණයකින් පාකිස්තානයේ හමුදාපතිවරයා ලෙස බලයට පත්වූයේ 1999 වසරේදීය. මේ වනවිට යළිත් පාකිස්තාන දේශපාලන කරළියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින මුෂාරෆ්, ‘සියලූම පාකිස්තාන වැසියන්ගේ මුස්ලිම් ලීගය’ යනුවෙන් නව දේශපාලන පක්ෂයක් ද පිහිටුවා ඇත. පාකිස්තානයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2013 වසරේදීය. හිටපු ජනාධිපති මුෂාරෆ් යළි සිය රට පැමිණෙන බව මීට සති කිහිපයකට පෙර නිවේදනය කළ අවස්ථාවේදී පාකිස්තාන රජය කියා සිටියේ මුෂාරෆ් යළි පැමිණියහොත් බෙනාසීර් බූතෝ ඝාතනයට වරදකරුවකු ලෙස ඔහු වහා අත්අඩංගුවට ගන්නා බවය. හිටපු පාකිස්තාන අගමැතිනියක වූ බෙනාසීර් බූතෝ ඝාතනයට මුෂාරෆ් සම්බන්ධ බවත් පාකිස්තානයට පය තැබූ විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට සියලූම නීති කටයුතු සම්පාදනය කර ඇති බවත් පාකිස්තාන රජය වැඩි දුරටත් කියා සිටියි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුෂාරෆ් අල්ලන්න පාකිස්තාන රජය ඉන්ටර්පෝල් සහාය පතයි