පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය තවත් දින 14 කින් දීර්ඝ කිරීමට ඉස්ලාමාබාද් ත්‍රස්ත මර්දන අධිකරණයක් පෙරේදා (14) තීරණය කළේය.
දීර්ග කාලයක් රටින් පිටවී සිටි පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන පර්වේස් මුෂාරෆ් යළි සිය රට පැමිණියේ පසුගිය මාර්තු 24 වැනි දා ය.
පාකිස්තානයට පැමිණි විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය සූදානමින් සිටියේය. ඒ, මුෂාරෆ්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ඒවා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමත් සඳහාය. එහෙත් මුෂාරෆ් පාකිස්තානයේ ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි.
මහ මැතිවරණය ඉදිරිපත් වීමට මුෂාරෆ් සුදුස්සකු නොවේ යැයි ඉකුත් 14 වැනිදා පාකිස්තාන මහාධිකරණ කිහිපයක් තීන්දු කිරීමත් සමඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද ඔහුට හැකියාවක් නොලැබිණි.
මහාධිකරණ එසේ තීන්දු කළේ මුෂාරෆ් බලයේ සිටිද්දී, ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තනතුරුවලින් පහ කිරීමටත් කටයුතු නිසාය.
නවාස් ෂරීෆ් දෙවැනි වරට අගමැති ධුරය හෙබවූයේ 1997 සිට 1999 තෙක් දක්වා කාලයේය. එය අවසන් වුණේ හමුදාපති ධුරයේ සිටි ජනරාල් මුෂාරෆ්ගේ හමුදා කුමන්ත්රණයෙනි.
දූෂණ චෝදනා එල්ල කරමින් ෂරීෆ් දිවි ඇති තෙක් සිරගත කිරීමට මුෂාරෆ් උත්සහ කළ ද එය අසාර්ථක විය. 1999 වසරේ දී ෂරීෆ් මෙන් නොව මුෂාරෆ් පාකිස්තානයේ අතිශයින් ජනපි‍්‍රය චරිතයක් විය.
දූෂණ චෝදනා, පැහැර ගැනීම්, මිනීමැරීමට තැත් කිරීම් ආදී චෝදනා එල්ල කරමින් මුෂාරෆ් තමා දිවි ඇති තෙක් සිරගත කිරීමට උත්සහ කළ ද තමන් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බව ෂරීෆ් පවසා ඇත. මහ මැතිවරණයට පෙර ඔහු කියා සිටියේ තමා යළි බලයට ආවත් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බවත් මුෂාරෆ් සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණය බලා ගනු ඇති බවත්ය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය තවත් දීර්ඝ කෙරේ