බටහිර අපි‍්‍රකාවට අයත් මාලී රාජ්‍යයේ සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසු, කැරැලිකාර හමුදා සෙබළුන් එරට ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේදී ජනපතිවරයා බේරී පලා ගියේය. කැරැලිකාර හමුදා මාලී ජනාධිපති අමාදු ටුමානී ටූරේට අභියෝග කරමින් බාමාකෝ නුවර පිහිටි ජනපති මන්දිරය වැටලූවේ පෙරේදා (21) රාති‍්‍රයේය. එම අවස්ථාවේදී ජනපති මන්දිරයේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්, කැරැලිකාර හමුදා භටයන්ට වෙඩි තබා ඇති අතර දෙපිරිස අතර පැය කීපයක් තිස්සේ වෙඩි හුවමාරු පැවැතිණි. එම වෙඩි හුවමාරුව මැද ජනපති ටූරේ, ජනපති මන්දිරයෙන් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට ඔහුගේ ආරක්ෂක නිලධාරීහු සමත් වූහ. ජනපතිවරයා ආරක්ෂිතව පිටව ගිය වහා මන්දිරයේ ආරක්ෂාවට සිටි සෙබළුන් ද පසු බසින්න වූ අතර, කැරැලිකාර හමුදා භට පිරිස් මන්දිරයේ බලය අල්ලා ගත්හ. කැරැලිකාර සෙබළු ඊයේ (22) උදෑසන එරට විදේශ ඇමැති සොමෙයිලෝ බොබේයේ මායිගා සහ අභ්‍යන්තර කටයුතු ඇමැති කෆෝහූනා කෝනේ අත්අඩංගුවට ගත්හ. එම අවස්ථාවේදී හමුදාව කියා සිටියේ රටේ පාලන බලය තමන් යටතේ පවතින බවය. මේ වනවිට රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇතැයි ද වාර්තා වේ. රටේ සාමය ස්ථාපිත කිරීමට වගබලා ගන්නැයි ප්‍රංශ රජය මාලි හමුදාවෙන් ඉල්ලීමක් කර ඇත. මාලී රාජ්‍යය කලක් ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවැතිණි.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාලී රටේ හමුදා කුමන්ත්‍රණයක්