IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැලේසියාවේ විපක්ෂය දුබල කරන තැතක්

මැලේසියාවේ විපක්ෂය දුබල කරන තැතක් ලබන වසරේ මැද භාගයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණය ආසන්න වෙත්ම මැලේසියාවේ පාලක ජාතික පෙරමුණ විපක්ෂ කණ්ඩායම් දුර්වල කිරීමේ උත්සාහයක යෙදී සිටී. එහි පියවරක් ලෙස ප‍්‍රධාන විපක්ෂනායකයා වශයෙන් හැඳින්වෙන අන්වර් ඉබ‍්‍රාහිම්ට එරෙහිව අධිකරණයේ නැවතත් චෝදනා ගොනුකර ඇති අතර එය ඔප්පු වුවහොත් ඔහුට වසර දෙකක සිර දඬුවමක් හා දඩයක් නියම වනු ඇත. මැලේසියාවේ පවතින නීතිය අනුව මාස හයක සිර දඬුවමක් හෝ රින්ගිට් 2000ක දඩයක් නියම වූවෙකුට පාර්ලිමේන්තු අසුනක් සඳහා තරග කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ඒ අනුව විපක්ෂනායක අන්වර් ඉබ‍්‍රාහිම්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට වැරදිකරු වුවහොත් ඔහුට ලබන වසරේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබේ. අගමැති මහතිර් මොහොමඞ් පාලන සමයේ උප අගමැතිවරයකු වූ අන්වර් ඉබ‍්‍රාහිම් ඉන් ඉවත්ව විපක්ෂ දේශපාලනයට එක්වීමත් සමග ඔහුට ලිංගික අපචාර ඇතුළු චෝදනා රැසකට ලක්වීම නිසා සිරගතවීමටත්, ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වීමටත් සිදුවිය. ඔහුට මෙවර චෝදනා ඉදිරිපත්ව ඇත්තේ පසුගිය අපේ‍්‍රල් මාසයේදී මැතිවරණ නීති ප‍්‍රතිසංස්කරණ ඉල්ලා ක්වාලාලම්පූර් නගරයේ උද්ඝෝෂණය කළ කණ්ඩායම්වලට සහාය දීම සම්බන්ධයෙනි. පවතින මැතිවරණ නීති රීති පාලක පක්ෂයට වාසිදායක නිසා වඩාත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා නීතිරීති සංශෝධනය කළ යුතු යැයි ව්‍යාපාරයක් රට තුළ ගොඩනැගෙමින් පවතින අතර ඊට අන්වර් ඉබ‍්‍රාහිම් ඇතුළු විපක්ෂ නායකයෝ සහාය දක්වති. පසුගිය වසරේ මැයි මාසයේදීද එවැනිම විරෝධතාවක් ක්වාලාලම්පූර් නගරයේ පැවැත්විණ. ඊට ප‍්‍රතිචාර වශයෙන් මැතිවරණ නීති රීති සංශෝධනයකට අගමැති නජීබ් රසාක්ගේ රජය එකඟ වුවද එය ක‍්‍රියාත්මක නොවීම නිසා පසුගිය අපේ‍්‍රල් මාසයේදී උද්ඝෝෂකයෝ නැවත වරක් විරෝධතා දැක්වූහ. මැලේසියාවේ පවතින දැඩි නීතිරීති යටතේ පෙළපාලි දැක්වීම හා උද්ඝෝෂණ කිරීම සීමාකොට තිබුණද මෙම විරෝධතා ව්‍යාපාරයට දහස් ගණන් ජනතාව එක්වීම පාලක පක්ෂය නැවත වරක් බලයට පත්වීමට ඇති අභියෝගයක් සේ සැලකීම පුදුමයක් නොවේ. බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබාගත් දින සිට දශක හයකටත් අධික කාලයක් නොකඩවා බලයේ සිටින එක්සත් ජාතික මැලේ සංවිධානයට ප‍්‍රබල දේශපාලන අභියෝගයක් වූයේ උප අගමැතිවරයකු වූ අන්වර් ඉබ‍්‍රාහිම් පාලක පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට එකතු වීමත් සමගය. අපක්ෂපාත යැයි සැලකිය නොහැකි අධිකරණයක් ඉදිරියේ පැවැත්වූ නඩු විභාගයකින් ඉබ‍්‍රාහිම් සිරගතවීම නිසා මැතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වුවද ඔහුගේ නායකත්වයෙන් යුත් විපක්ෂයට පාර්ලිමේන්තුවේ හා ප‍්‍රාන්ත රාජ්‍යවල සැලකිය යුතු නියෝජනයක් දිනාගත හැකි විය. 2008 දී පැවැත්වූ මහා මැතිවරණයේදී විපක්ෂ එකතුවට පාර්ලිමේන්තු ආසන 82ක් දිනාගැනීමට හැකි වූ නිසා පාලක ජාතික පෙරමුණට ප‍්‍රථමවරට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අහිමි විය. ඊට අමතරව ප‍්‍රාන්ත රාජ්‍ය පහක බලයද විපක්ෂයට දිනාගත හැකිවිය. පසුගිය වසර කීපය තුළ මැලේසියාවේ ආර්ථිකය පසුබෑමට ලක්ව ඇති නිසා දුෂ්කරතා රැසක් මතුවීමද අගමැති නජීබ් රසාක්ට ඉදිරි මැතිවරණයකදී අවාසි සහගතය. මෙවැනි පසුබිමක් යටතේ බලය යළි දිනාගැනීමේ පහසුම ක‍්‍රියාමාර්ගය වන්නේ විපක්ෂය දුර්වල කිරීමය. අන්වර් ඉබ‍්‍රාහිම්ට එරෙහිව නඩුවක් ගොනු කිරීම එවැනි උත්සාහයක් ලෙස බොහෝ නිරීක්ෂකයෝ දකිති. දශක හයකට අධික කාලයක් එක දිගට බලයේ සිටින ජාතික පෙරමුණට එරෙහිව විපක්ෂයෙන් නැගෙන ප‍්‍රධාන චෝදනාව වන්නේ වංචා හා දුෂණයි. මැලේ ජාතිකයින්ට ආර්ථිකයේ ප‍්‍රමුඛස්ථානයක් අත්කර ගැනීමට පහසුකම් සලසන භූමිපුත‍්‍ර ප‍්‍රතිපත්තිය යටතේ දුෂණ හා වංචා පිළිබඳ චෝදනා නිතර මතු වුවත් රජය ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම සාමාන්‍ය දෙයකි. විපක්ෂය සඳහන් කරන ආකාරයට දැනට මැලේසියාව මුහුණ දෙන ආර්ථික ගැටලූවලට මූලික හේතුව වන්නේද මෙම වංචා හා දුෂණයි. මෑතක ඉදිරිපත් වූ චෝදනාවක් වන්නේ මැලේසියානු නාවික හමුදාවට සබ්මැරීන මිලදී ගැනීමේදී සිදුව ඇති අක‍්‍රමිකතාය. අගමැති නජීබ් රසාක් පවා සම්බන්ධ යැයි චෝදනා කෙරෙන මෙම ගනුදෙනුවේදී ඩොලර් කෝටි සියයකට අධික මුදලක් වංචාකර ඇතැයි සඳහන් වෙන අතර මේ පිළිබඳව මාධ්‍යයට තොරතුරු හෙළිකිරීම ගැන සැකකරන දකුණු කොරියානු කාන්තාවක් මරා දමා ඇතැයිද පැවසේ. මේ පිළිබඳ අධිකරණ විභාගයක් පැවතියද අදාළ පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනුකොට නැතැයි විපක්ෂය චෝදනා කරයි. මෙම අර්බුදකාරී තත්ත්වය ගැන පැතිරෙන තවත් මතයක් වන්නේ මැලේසියාවේද පාලනය වෙනස් කිරීම සඳහා අරාබිකරයේ මෙන් වසන්තයක් උදාවෙමින් පවතින්නේය යන්නයි. මැතිවරණ නීතිරීති ප‍්‍රතිශෝධනය සඳහා පෙරමුණ ගෙන ක‍්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයට විදෙස් රටවලින් ලැබෙන ආධාර ගැනද සමහරු සැකපහළ කරති. කෙසේ වුවත් නිදහස ලබා ගැනීමෙන් පසු නොකඩවා එක දිගට බලයේ රැඳී සිටින පාලක ජාතික පෙරමුණට සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිරීති හඳුන්වා නොදීමට එය හේතුවක් විය නොහැකිය. දුෂණ හා වංචාවලින් තොර පාලනයක් හා ජනතා කැමැත්ත සැබැවින්ම පිළිබිඹු වන මැතිවරණයක් සඳහා ජනතාවට ඇති අයිතිය විදෙස් බලපෑම් චෝදනා යටතේ යටපත් කිරීම කිසිසේත් යුක්ති සහගත නොවේ. ජනතාවගේ පරමාධිපත්‍යය යටපත් කරවන ආකාරයට රජය ක‍්‍රියාත්මක වීමද විදේශ බලපෑම් මෙන්ම අහිතකරය.

සටහන  - මහින්ද හත්තක
අන්වර් ඉබ්‍රාහිම්ගේ  ආධාරකරුවන් පිරිසක් හිටපු අගමැති මහතීර් මොහොමඩ් වර්තමාන අගමැති නජීබ් රසාක් අන්වර් ඉබ්‍රාහීම් මැතිවරණ ප්‍රතිසංස්කරණයක් ඉල්ලු උද්ඝෝෂකයන් විසුරුවා හැරීමේ අවස්ථාවක්



අදහස් (0)

මැලේසියාවේ විපක්ෂය දුබල කරන තැතක්

දර්ශන Thursday, 12 July 2012 06:32 PM

මලයාසියාවේ වැඩ අපි මලයාසියාවේ ඉන්න නිසා දන්නවා .ඕක ගනන්ගන්න දයක් නෙවයි .

:       0       0

දර්ශන් Friday, 06 July 2012 03:47 PM

භූමි පුත්‍ර ප්‍රතිපත්ති මැලේසියාව වැනි රටකට උචිත නොවේ

:       0       0

aaa Sunday, 08 July 2012 01:20 PM

මැලේසියාවට ෂරියා ගේන්න ඕනි

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 561 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 108 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 258 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1503 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 451 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site