IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මලාලාට වෙඩි තබා අදට වසරයි

ළමා අයිතිවාසිකම් වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට 16 හැවැරිදි පාකිස්තාන ජාතික දැරිය වන මලාලා යූසාෆ්සා තලේබාන් සටන්කාමීන් කළ වෙඩි තැබීමකට ලක්වී අදට (9) වසරකි. එම වෙඩි තැබීමෙන් ඇය බරපතළ තුවාල ලැබුවාය.
 

මලාලා යූසාෆ්සා

පාකිස්තානයේ ස්වාත් නිම්නයේ දරු දැරියන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර එම නිසාම ඇය පාකිස්තාන ජනතාවගේ ද ආදරය දිනා ගැනීමට සමත් වූවාය.

පසුගිය වසරේ පාකිස්තාන රජයේ සාම ත්‍යාගයෙන් ද ඇය පිදුම් ලැබුවාය. එම වසරේම ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය වෙනුවෙන් ද ඇගේ නම යෝජනා විය.

ස්වාත් නිම්නයේ දරු දැරියන්ට, විශේෂයෙන් දැරියන්ට අධ්‍යාපනය ලබා ගැනීම ෂරියා නීතිය යටතේ තලේබාන් සංවිධානය තහනම් කර තිබුණි. තලේබාන් සටන්කාමීන් ස්වාත් නිම්නයේ සිය අණසක පැතිරවූයේ 2007 වසරේ සිට 2009 තෙක් කාලයේය. 2009 වසරේ දී ඔවුන් පන්නා දැමීමට පාකිස්තාන රජයේ හමුදා සමත් විය.

පාකිස්තාන ආරක්ෂක අංශ මැදිහත් වී තුවාල ලැබූ මලාලා යූසාෆ්සා ගුවන් මගින් පෙෂවෝර් නුවර සයිඩු ෂරීෆ් හමුදා රෝහලට රැුගෙන ගිය අතර ඉන්පසු බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙනු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය.

මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය, සෑම ජූලි 12 වැනිදාම මලාලා දිනය ලෙස ද නම් කර ඇත. මලාලාගේ උපන්දිනය යෙදෙන්නේ එදිනටය.

ඉකුත් ජූලි 12 වැනිදා, ඇගේ 16 වැනි උපන් දිනය දා, මලාලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණි අතර ලෝකයේ රටවල් රැුසකින් එහි රැස්ව සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතා විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. ලෝකයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මලාලා එම අවස්ථාවේදී ඉල්ලීමක් ද කළාය.

ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයට පැමිණ, තමන් හමුවන ලෙසටත් පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට සහභාගී වන ලෙසටත් දෙවැනි එලිසබත් මහ රැජින පසුගියදා මලාලාට ඇරැයුම් කළාය. ඉන්පසු රැුජින සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල අධ්‍යාපනය තේමා කොටගෙන පැවැත්වෙන විශේෂ සමුළුවකටද සහභාගී වීමට නියමිතය. ලබන 18 වැනිදා පැවැත්වෙන එම සමුළුවට ලොව කීර්තිමත් විද්වතුන් රැසක් මෙන්ම රාජ්‍ය නියෝජිතයෝ ද සහභාගී වෙති. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් සමාජ මෙහෙවරක නියැළීම ඇගයීමට ලක් කරමින් පසුගිය සති අන්තයේ මලාලාට, රුසියානු මාධ්‍යවේදිනී ඇනා පොලිට්කොව්ස්කායා ගෞරව සම්මානය ද හිමිවිය. ඇනා පොලිට්කොව්ස්කායා යනු සමාජ මෙහෙවරක නියැලී ඒ වෙනුවෙන් දිවි පිදුමාධ්‍යවේදිනියකි.

මේ වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමෙන්නේ කාටදැයි යන්න ලබන 11 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර, නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් මලාලාගේ නම ද යෝජනා වී ඇත. එමෙන්ම ඇයට -ප‍්‍රයිඞ් ඔෆ් බි‍්‍රට්න් ”සම්මානයද හිමිවීමට නියමිතය.එය ලබා දෙනුයේ බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රසිද්ධ පාපන්දු කී‍්‍රඩක ඬේවිඞ් බෙකම් විසිනි.

බි‍්‍රතාන්‍ය මාධ්‍ය වේදිනියක් මලාලා ගැන රචිත කෘතියක් අද දින එළි දැක්වීමට නියමිතය.

දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.
(ලන්ඩන්හිදීය - ඒ.පී.)



අදහස් (0)

මලාලාට වෙඩි තබා අදට වසරයි

ගජමන් Wednesday, 09 October 2013 09:27 PM

ෂාහ්! ෂරිය නීතිය කෙතරම් අපූරුද? (දී)

:       0       0

තුවාන් Thursday, 10 October 2013 02:01 PM

ෂරියා නීතියේ කිසි තැනක කියලා නැහැ අධ්‍යාපනය ලබන්න බැහැ කියලා. කුරානයේ සඳහන් වන්නේ අල්ලාහ්ගේ මැවීම් පිලිබඳ අධ්‍යනය කරන්න කියලා. එමනිසා ෂරියා නීතියේ නැති බොරු කාරණා ලියන්න එපා. මේ ළමයට වෙඩි තියලා තියෙන්නේ ෂරියාව නොදත් ත්‍රස්තවාදීන්. ෂරියා නීතිය දන්නා අය ත්‍රස්ත වැඩ කරන්නේ නැත. ඔබතුමා කියන්නේ ලෝකයේ ෂරියා නීතීය පිළිපදිනා එකම රට සවුදි අරාබිය, ඔවුන් ත්‍රස්තවාදීන්ද?(දිල්)

:       0       0

අමිල Wednesday, 09 October 2013 10:18 PM

තලේබාන් සටන්කාමීන් ඇතුළු සියලු අන්තවාදී මුස්ලිම් සංවිධාන විනාශ වේවා ! (අ)

:       0       0

පාතිමා අස්රෆ් Wednesday, 09 October 2013 11:18 AM

අසරණ දැරියකගේ ඉරණම... (නි)

:       0       0

වන් ෂොට් Wednesday, 09 October 2013 05:46 PM

තලේබාන්වරුන්ගේ ම්ලේච්ච කටයුතු නිසා මලාලාට හොඳ ඉරණමක් අත්වුණා. ඇය සහ පවුලේ සියල්ලන් එංගලන්තයේ පුර්ණ ආරක්ෂාව ඇතුව හොඳින් අධ්‍යාපනය ලබනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 786 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 295 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1515 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site