IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මලයාසියා යානයේ තවත් හෝඩුවාවක්

මගීන් හා කාර්යමණ්ඩලය ඇතුළු 239 දෙනෙකු සමග අතුරුදන්ව මේ වන විට වසරක් ගතව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච්. 370 අංක දරන ගුවන්යානයේ තිබුණු බවට සැකකෙරෙන අත්පිස්නාවක්  ඕස්ටේ‍්‍රලියාවේ බටහිර වෙරළ තීරයෙන් හමුව ඇති බව වාර්තා වේ.

අත් පිස්නාව සොයාගෙන තිබෙන්නේ වෙරළේ සක්මන් කරමින් සිටි  ඕස්ටේ‍්‍රලියා ජාතික යුවළකි.මලයාසියා ගුවන්සේවය යැයි මුද්‍රණය කර තිබූ අත්පිස්නාව පොලිතින් පැකට්ටුවක බහා මුද්‍රා කර තිබුණු බව ඔවුන් කියයි.

අත්පිස්නාව භාවිතයට ගෙන ඇති බවක් නොපෙනීම නිසා ඒ පිළිබඳ සැක උපදවා ඇති ඔවුන් දෙපළ වහාම බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

අත්පිස්නාව මේ වන විට තිබෙන්නේ  ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවර විශේෂ පර්යේෂණාගාරයකය. එය සැබෑවටම අතුරුදන්ව තිබෙන ගුවන්යානයට අයත් එකක්දැයි පර්යේෂකයෝ සොයාබලමින් සිටිති.

විශේෂඥයින් පවසන්නේ ගුවන්යානයක් මුහුදට වැටී විනාශ වූ අවස්ථාවක එහි තිබුණු මෙවැනි දේ වෙරළට ගසාගෙන ඒමේ හැකියාවක් තිබෙන බවයි.එනිසා බොහෝවිට මෙම අත්පිස්නාව එම්.එච්.370 අංක දරන ගුවන්යානයේ තිබුණක් විය හැකි බව ඔවුන් කියයි.

එය එසේ වුවහොත් අත්පිස්නාව සොයාගත් ප‍්‍රදේශය ආශි‍්‍රතවද ගුවන්යානය සොයා මෙහෙයුම් දියත් කිරීමට බළධාරීහු අපේක්ෂාවෙන් සිටිති.

පසුගිය වසරේ මාර්තු මස 8 වැනිදා අතුරුදන්වූ එම්.එච් 370 දරන ගුවන් යානය ගැන මේ දක්වාම කිසිදු තොරතුරක් ලැබී නොමැත.පාලක මැදිරිය හා සබඳතාවය බිදී ගිය අවස්ථාවේ ක්වාලාලම්පූර් සිට බීජිං බලා පියාසර කරමින් තිබූ යානය තිබුණේ ඉන්දියන් සාගර කලාපයට ඉහළිනි.

මේ සම්පූර්ණ මුහුදු කලාපය ආවරණය වන සේ යානය සොයා මෙහෙයුම් කටයුතු කි‍්‍රයාත්මක වෙතත් ඒවායින් යානයට අත්වූ ඉරණම ගැන කිසිදු සාක්ෂියක් සමුවී නැත.මෙහෙයුම් කටයුතු වල ප‍්‍රධාන හවුල්කරුවා වන  ඕස්ටේ‍්‍රලියාව අවස්ථා කිහිපයකදීම වැඩිදියුණු කළ මෙහෙයුම් සැළසුම් කි‍්‍රයාවට නැංවූවද ඒවායින්ද ඵලක්ව නොමැත.

266EE48700000578-2987078-image-a-32_1425939720705 267AFEF600000578-2987078-image-a-4_1425938452801 267B002A00000578-2987078-The_small_package_has_been_sent_to_sent_to_Canberra_for_further_-a-22_1425939433037



අදහස් (0)

මලයාසියා යානයේ තවත් හෝඩුවාවක්

මානේල් Friday, 13 March 2015 07:34 AM

තොරතුරු ලැබුනට වැඩක් නෑ යානය සොයා ගන්න බැරිනම්.(හේ)

:       0       0

මාලක Friday, 13 March 2015 07:35 AM

සුමනදසගෙන් ඇහුවනම් හරිනේ..(හේ)

:       0       0

ලාල් Friday, 13 March 2015 11:29 AM

මාලක ඔයා හරියට හරි.(හේ)

:       0       0

ලාල් Friday, 13 March 2015 11:30 AM

මාලක ඔයා හරියට හරි .(හේ)

:       0       0

සම්පත් Monday, 16 March 2015 03:21 AM

ජෝතිෂ්‍යවේදීන් බටහිර රට වලත් විස්වාස කරනවා. අප්‍රිකාවේ දරුනුවටම මේ හදි හුනියම් මන්තර විශ්වාස කරනවා. ලෝකයට බුදු දහම ඇවිත් වසර 2500ක් ගියත් තන්හාව නිසා මේවා විස්වාස කරනවා. උගත් නුගත් බේදයක් නැහැ පවුල් කඩාකප්පල් වීම් ගෙවල් පොලවට සමතලා කිරීම් මේ ජෝතිෂ්‍ය නිසා වෙච්ච අවස්ථා අනන්තයි (නදී)

:       0       0

ප්‍රියා Sunday, 15 March 2015 10:51 AM

ජෝතිස්‍යවේදීන් කීයටවත් හිතන්න නැතුව ඇති මේ ගුවන් යානයක් හොයාගන්න මෙච්චර අමාරු වෙයි කියල.(නදී)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Saturday, 14 March 2015 08:31 AM

අපේ ජෝතිස්‍යවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහත්ම ඒ දිනවලදීම කිව්ව නේද සති හතරකින් හරියටම තොරතුරු ලැබෙනවා කියලා. ඒ කාලේ ලංවේගෙන එනවා වගේ. මොනවා උනත් ඒ මහත්තයා වෙඩිතියාගෙන මැරුනලු නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 130 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 98 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 222 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1495 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 443 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site