ජර්මනියේ සත්වෝද්‍යානයකින් පැන යාමට තැත් කළ සිංහයකුට වෙඩි වැදී මියගොස් ඇති බව බී.බී.සි ය වාර්තා කරයි.ලෙප්සිප් හි උද්‍යානයක සිංහයින් දෙදෙනෙකු ඔවුන් සිටි කූඩුවෙන් පැන ගොස් ඇති අතර ඉන් එක් සිංහයෙකු සන්සුන් කර ගැනීමට උද්‍යානයේ බලධාරීහු සමත් වූහ.නමුත් අනෙක් සිංහයා ප්‍රචන්ඩ විමත් සමග ඔහු සන්සුන් කිරීමට තැබු වෙඩි පහරක් වැදී මිය ගිය බව බලධාරීහු පවසති.
මේ හේතුව නිසා උද්‍යානය නැරඹීමට පැමිණි අය බොහෝ සෙයින් දුකට පත්වු බව මාධ්‍ය වාර්තා කරයි.එම උද්‍යානයේ මීට පෙර මෙවන් සිදුවීමක් වී ඇත්තේ 1913 වසරේ බවත් ඉන් සිංහයින් 6 දෙනෙක් මිය ගිය බවත් වාර්තා වෙයි.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුරණ්ඩු සිංහයා වෙඩි කා නසියි
පිටබැද්දර ජයා Friday, 30 September 2016 10:47 AM
හිරවෙලා ඉන්නවට වඩා වෙඩි කාල මැරෙන එක සැපයි කියලා හිතුවද දන්නේ කවුද ? (ර)
සෙනරත් Friday, 30 September 2016 10:56 AM
වෙඩි නොතබා නිර්විදනය කිරීම කල නොහැකිද ? අපරාදේ මිනිසුන්ගේ වරදින් සිංහයා මැරුම් කනවා. (ර)
වෙදගේ Friday, 30 September 2016 11:01 AM
සිහි නැතිවෙන්න ගහන බෙහෙතක් තිබ්බෙම නැද්ද.? (ර)
අබේරත්න Saturday, 01 October 2016 03:10 AM
දණින් වැටී ජීවත් වෙනවාට වඩා හිටගෙන මිය යාම හොඳයි කියල හිතෙන්න ඇති. (බ)
දිනේෂ් Saturday, 01 October 2016 05:52 AM
සතාට දඬුවම් දෙකයි. මුලින්ම අහිංසකයෙක්ව කූඩු කරලා නිදහස නැතිකරනවා. ඉන්පසු නිදහස සොයන නිසා ජීවිතයම නැතිකරනවා. මිනිස් වර්ගයාම එක වගේ නරකයි. (නි)
ඉන්දු Saturday, 01 October 2016 05:55 AM
වෙඩි තියන්න ඕනෑ මේ අහිංසක සතුන්ව හිරකරලා උන්ට වද දෙන අයටයි.
විජේපාල Friday, 30 September 2016 04:39 PM
කූඩුවට හොඳ ආරක්ෂාවක් තිබුනා නම් සිංහයෝ දෙන්නට කූඩුවෙන් පනින්න බැහැ නේද. මිනිසුන්ගේ නොසැළකිළිමත්කමේ වරදට අහිංසක සතා ජීවිතයෙන් වන්දි ගෙවුවා. (නි)
රූපවතී Saturday, 01 October 2016 09:39 AM
අනේ අහිංසක සිංහ හාමි! දුකයි. ඔයත් මැඩගස්කාර් ෆිල්ම් එකවත් බලලාද මෙහෙම කරගත්තේ? (නි)
රසික Friday, 30 September 2016 07:36 AM
සිංහයො මොකටද මිනිස්සුන්ට කීකරු වෙන්න ඔන? උන් ඉන්න ඕන උන්ගෙ කැලේ නිදහසේ. මිනිස්සුයි උන්ව නගරෙට ගෙනත් වැරැද්ද කලේ. (ර)
දිනේෂ් Saturday, 01 October 2016 01:17 PM
වැරදීමකින් අහිංසක ළමයෙක් වෙඩි කා නසී කියලා තිබුනොත් කව්රුත් ගණන් ගන්න එකක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් වෙයි. ලෝකයේ කොයිතරම් ඒ වගේ දේවල් වෙනවද? (නි)