IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මියන්මාරයේ සූ කීට ඉතාලි පුරවැසිභාවය

ඉතාලියේ රෝම නගරයේ සංචාරයක යෙදෙන මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ට, ගෞරව පුරවැසිභාවයක් පිරි නැමීමට ඉතාලි රජය පෙරේදා (27) කටයුතු කළේය.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබ සිටින සූ කීට, ඉතාලි පුරවැසිභාවය ලබාදීමට තීරණය කෙරුණේ 1994 වසරේදීය.

කෙසේ නමුත් දශක දෙකක් තිස්සේ, හමුදා අත්අඩංගුවට පත්ව නිවාස අඩස්සියේ සිටි නිසා එය ලබා ගැනීමට ඉතාලි යෑමට ඇයට නොහැකි විය.
ඉකුත් 27 වැනිදා රෝම පුරහලේ පැවැති විශේෂ උත්සවයකදී ඇයට පිරිනැමුණේ එම ගෞරව පුරවැසිභාවයයි. එම උත්සවය පැවැත්වූයේ රෝම පුරපති ඉග්නාසියෝ මාරීනෝගේ ප‍්‍රධානත්වයෙනි.

 

අවුන් සාන් සූ කී රෝම පුරපති සමග

 



අදහස් (0)

මියන්මාරයේ සූ කීට ඉතාලි පුරවැසිභාවය

කුමාර් Tuesday, 29 October 2013 03:54 PM

අවුන් සාන් සූ කී, මිනිස් අය්තිවාසිකම් වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කළා. ඒ උනාට එයාට දැන් යම්කිසි බලයක් ඇවිත් තිබෙන වෙලේ, මියන්මාරයේ නැගෙනහිර හා බටහිර ප්‍රධාන වශයෙන් කෙරෙන මහා මිනිස් ඝාතන ගැන අවුන් සාන් සූ කී, කිසි කතාවක් නෑ. ඒ මා හිතේ බෞද්ධ බහුතරයේ සහයෝගය එයාට ඕන නිසා වෙන්න ඇති. (ස)

:       0       0

පාවුළු Wednesday, 30 October 2013 09:32 AM

මේක බුදු දහම විනාශ කිරීමේ අනාගත සැලසුමක කොටසක්. (ස)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 09:42 AM

බෞද්ධ ආගමට විරුද්ධව නැගෙන ඕනෑම බලවේගයක් කුමන විදියකින් හෝ මර්ධනය කරයි. (ස)

:       0       0

චමින්ද Thursday, 31 October 2013 11:26 AM

අසංග ,ඔබ හරි. (නි)

:       0       0

චමත් [ලංකාව] Saturday, 02 November 2013 01:06 PM

මොහාන් ,මා දන්නා විදියට දරුවෙකු යම් රටක ඉපදුනාට ඒ දරුවාට ,එම රටේ පුරවැසිකම ලැබෙන්නේ නැහැ. ඒ දරුවා ඉපදෙන අවස්ථාවේ දෙමවුපියන්ගෙන් එක් අයකුට හෝ එම ර‍ටේ පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය සදහා නිකුත් කරන ලද වීසා කාණ්ඩයක වීසා අවසර පත්‍රයක් තිබිය යුතුයි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ එම දරුවාගේ දෙමවුපියන්ට පුරවැසිභාවය හිමි රටේම එම දරුවාටත් පුරවැසිභාවය හිමි වීමයි. (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 05:49 PM

මේ රටේ විතරයි සියයට සියයක්ම බෞද්ධ ජනතාව ඉන්නේ .සෞදි අරාබියේ ඉස්ලාම් බැතිමතුන් ඉන්නවා වගේ.ඒ කොහොම වුණත් ඇය මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනිසිටියත් බෞද්ධ ජනතාවගේ වැඩි කැමැත්තක් නොමැතිව ඇයට එම රටේ බලය ලබා ගත නොහැක (නි)

:       0       0

අසංග Tuesday, 29 October 2013 06:46 PM

කුමාර්,ඔබට බෞද්ධයන් සමග ඔච්චරටම තිබෙන තරහා කුමක්ද...? (නි)

:       0       0

මොහාන් Tuesday, 29 October 2013 07:15 PM

ඉතාලියේ ඉපදුන ලාංකික දරුවන්ටවත් තාම නොදෙන ඉතාලි පුරවැසිභාවය? අනේ මගේ කට! (නි)

:       0       0

සෙනරත් Tuesday, 29 October 2013 03:03 PM

හමුදා නායකයින් හට රටක බපය ලබා දීමෙන් ලැබිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රතිළුල මොනවදැයි මියන්මාර් විපක්ෂ නායිකාවගේ ඉරණමෙන් පැහැදිලිවෙයි. (ස)

:       0       0

රාජිත Wednesday, 30 October 2013 09:01 AM

මිනීමරණ බෞද්ධ ජනතාවක් ඉන්න ඒකම රට තමයි මියන්මාරය කියන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 480 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 106 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 249 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1501 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 448 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site