IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මියන්මාරයේ ආගමික ගැටුම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කළු පැල්ලමක්

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තියක් ලෙස සැලකෙන අවුන්ග් සාන් සුකි නිවාස අඩස්සියෙන් නිදහස් කොට ඇයගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට නිදහසේ දේශපාලනයේ නියැළීමට අවස්ථාව ලබා දීමත් සමග අඩ සියවසකටත් අධික කාලයක් හමුදා පාලනය යටතේ පැවැති මියන්මාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයට පිවිසෙනු ඇතැයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව විය. අවුන් සාන් සුකි නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමත් සමග එක්සත් ජනපදය හා යුරෝපා සංගමය වැනි රටවල් මියන්මාරය කෙරේ පනවා තිබූ සම්බාධක ඉවත් කොට නව සම්බාධක ගොඩ නගා ගැනීමට උත්සුක වූහ. අවුන්ග්සාන්සුකි යුරෝපයේ හා එක්සත් ජනපදයේ සංචාරය කරමින් මියන්මාරයේ නව දේශපාලන ගමන් මඟ ගැන ඒ රටවල බලාපොරොත්තු ඉහළ නැංවූවාය. ඒ සමගම බටහිර ආයෝජකයෝ මියන්මාරයේ ස්වභාවික සම්පත් උකහා ගැනීමට මෙන්ම සංචාරක ව්‍යපාරයට පිවිසීමට උත්සුක වූහ. එහෙත් මේ නව උදාව තුළ අඳුරු පැත්තක් පවතින බව පෙනෙන්නට වූයේ කලින් අරකන් ප‍්‍රදේශය නමින් හැඳින්වූ රකීන් ප‍්‍රාන්තයේ මුස්ලිම් බෞද්ධ ගැටුම් උත්සන්න වීමත් සමගය. පසුගිය ජුනි මාසයේදී රොහින්ගියා නමින් හැඳින්වෙන බටහිර බෙංගාලයෙන් සංක‍්‍රමණය වූ මෙම මුස්ලිම් ආගමිකයන් හා එම ප‍්‍රදේශයේ බෞද්ධයන් අතර ගැටුමක් ඇති වූයේ ස්ත‍්‍රී දූෂණයක් මුල් කර ගෙනය. සති ගණනාවක් පැවැති එම ගැටුම් නිසා පුද්ගලයින් 90 කට අධික සංඛ්‍යාවක් මිය ගිය අතර 75000 ක් අවතැන් වූහ. ඉන් අති බහුතරය වූයේ මුස්ලිම් ආගමිකයන්ය. නිවාස හා දේපොළ අහිමිවූ රොහින්ගියා වාර්ගිකයින් අසල්වැසි මුස්ලිම් රාජ්‍යය වූ බංග්ලාදේශයට පැන යෑමට උත්සාහ කළද බංග්ලාදේශ් රජය ඔවුන් පිළිගැනීමට කැමැති වූයේ නැත. මියන්මාරයේ රජයේ ආරක්ෂක අංශවලින් ද ඔවුන්ට රැකවරණයක් නොලැබෙන නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ විය. මෙම තොරතුරු විදේශ ජනමාධ්‍යවල පළ වීමත් සමග මියන්මාර් පාලකයන්ටද කිසියම් පියවරක් ගැනීමට බල කෙරිණ. තත්ත්වය නැවත සන්සුන් වූ විට තම ගම්බිම් අතහැර පලා ගිය රොහින්ගියා ජන කොටසට නැවත පැමිණීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක්ද විය. එහෙත් පසුගිය සතියේ නැවත වරක් රකින් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමික රොහින්ගියා වාර්ගිකයන් හා බෞද්ධයන් අතර ගැටුම් පැතිර යෑමෙන් තත්ත්වය වඩාත් උග‍්‍රවන බවත් පෙනේ. මියන්මාර රජය පවසන ආකාරයට එම ගැටුම්වලින් පුද්ගලයන් 67 ක් මිය ගොස් 95 ක් තුවාල ලබා ඇත. විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 3000 කි. තවත් 20,000 ක් සරණාගත තත්ත්වයට පත්ව ඇත. මින් අති බහුතරය වන්නේද රොහින්ගියා වාර්ගිකයින්ය. පරම්පරා ගණනාවක් රකින් ප‍්‍රදේශයේ ජීවත් වන රොහින්ගියා වාර්ගිකයින් මියන්මාර පුරවැසියන් ලෙස එරට රජය පිළිගන්නේ නැත. එය හමුදා පාලනය 1984 දී පැන වූ නීතියකින් තහවුරු කෙරිණ. කලින් බුරුමය ලෙසින් හැඳින්වූ මියන්මාරයේ බහුතර ජන කොටස බුරුම ජාතිකයන් වුවද තවත් සුළු වාර්ගික කණ්ඩායම් 135 ක් එහි වෙසෙති. එහෙත් රොහින්ගියා ජන කොටස එවැනි සුළු ජන කොටසක් ලෙස ගණන් ගන්නේ නැත. එම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා ඇති ආකාරයට 800000 ක් පමණ වන රෝහින්ගියා වාර්ගිකයන්ට මියන්මාර රජයෙන් කිසිම පහසුකමක් හිමි වන්නේද නැත. වෙනත් සුළු වාර්ගික කණ්ඩායමක් මෙන් නොව මොවුන් ආගමික වශයෙන් හා සමේ වර්ණයෙන් බුරුම ජාතිකයන්ගෙන් වෙනස් වන නිසා වෙනස් කොට සැලකීම වඩාත් තියුණුය. රොහින්ගියා වාර්ගිකයන්ගේ මෙම වෙනස්කම නිසා ඔවුන් නැවත මුස්ලිම් බහුතරයක් සිටින බංග්ලාදේශයටම යා යුතුය යන අදහස රකීන් ප‍්‍රාන්තයේ බෞද්ධයන් අතර පවතී. මේ අයුරින්ම බංග්ලාදේශයේ චිතගොං ප‍්‍රදේශයේද බෞද්ධ සුළුතරයක් සිටින බව අමතක නොකළ යුතුය. වඩාත් වැදගත් වන්නේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමයක් හා පාලනයක් ස්ථාපනය කිරීමට සැලසුම් කරන පසුබිමක මෙවන් වාර්ගික ගැටුම් ඇති වන්නේ ඇයිද යන්නයි. සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු පිළිගත් දේශපාලන පක්ෂවලට නිදහසේ ක‍්‍රියාකාරී වීමට ඉඩ සැලසීම පමණක් නොවේ. රටේ වෙසෙන සියලූ ජනකොටස්වල මූලික අයිතීන් සුරක්ෂිත වන නෛතික ව්‍යුහයක් පැවතීමද ප‍්‍රජාත්නත‍්‍රවාදී සමාජයක මූලික ලක්ෂණයකි. ආගම හෝ වර්ගය පදනම් කරගෙන කිසියම් ජන කොටසක ජීවත්වීමේ අයිතිය අහිමි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස කිසිසේත් හැඳින්විය නොහැක. එම නිසා ජනාධිපති තීන් සින් ගේ රජය සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් හා පාලනයක් ගොඩ නැගීමට පියවර ගන්නේද යන්න තීරණය වන්නේ රොහින්ගියා ඇතුළු මියන්මාරයේ වෙසෙන අනෙකුත් සුළු ජන කොටස්වල අයිතීන් ගරු කරන්නේද යන්න මතය. මෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකාව ලෙස හැඳින්වෙන අවුන්ග්සාන් සුකී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමද බොහෝ නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්ව ඇති කාරණයකි. සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට රකීන් ප‍්‍රාන්තයේ ගැටුම්වලට ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ සාමාජිකයෝද සම්බන්ධවී සිටිති. ඇත්තෙන්ම අවුන්ග් සාන් සුකි සිය අරගලය මානව අයිතිවාසිකම් සඳහා ගෙන යන්නක් නම් රොහින්ගියා වැනි සුළු ජන කොටස් ඉන් බැහැර කළ නොහැකිය. කිසිම ආකාරයක වෙනස් කොට සැලකීමක් පවතින්නේ නම් ජීවිතයේ වැඩිම කාලයක් මර්දනයට හා පීඩනයට ලක්වූ අවුන්ග් සාන් සුකිට තම ප‍්‍රාර්ථනාව වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වනු ඇත.

සටහන: මහින්ද හත්තක
බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විරෝධතාවක් ආගමික ගැටුම් නිසා අනාථ වූ පිරිසක් අවුන්ග් සාන් සුකී විහාරස්ථානයකදී මියන්මාර් ජනාධිපති තීන් සීන්



අදහස් (0)

මියන්මාරයේ ආගමික ගැටුම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කළු පැල්ලමක්

මාලිංග Monday, 05 November 2012 10:25 AM

ලෝක දේශපාලනය

:       0       0

මොහොමඩ් Monday, 05 November 2012 10:57 AM

අනෙක් ආගම් වලට නිගාකරන්නා ‍බෞද්ධයෙක් නොව අහිකුණ්ඨිකයෙකි. (නි)

:       0       1

සම්පත් Monday, 05 November 2012 11:15 AM

ලංකාවේ අපි එහෙම එහෙම හිතන මිනිස්සු නෙමෙයි . ඒක තේරුම් ගන්න. (ස)

:       0       0

සමන් Monday, 05 November 2012 11:10 AM

අයියෝ සල්ලි

:       0       0

ෂෙරීෆ් Friday, 02 November 2012 05:53 PM

අසිනි, ලංකාවේ කාන්තාවන්ට වීසා දෙන්නේ ගෘහ සේවය සදහා පමණයි. (නි)

:       0       0

ලුම්බිණි Friday, 02 November 2012 11:23 AM

මේක රාජ්‍ය අනුග්‍රහය ඇතුව කෙරීගෙන යන්නක්. ඉතාම වැරදි වැඩක්. හියුමන් රයිට්ස් වොච් රිපෝර්ට් එක බලන්න. ඒකෙන් පේනවා කරල තියෙන විනාසයේ තරම. බුදු දහමේ සංකල්ප වලට විරුද්ධයි මේ කරන වැඩේ. ඒත් විශාල වශයෙන් හාමුදුරුවරුත් සංවිධාන පිහිටුවාගෙන මේ අරගලය කරගෙන යනවා. ඉතාම කණගාටුදායකයි. (ස)

:       0       0

සම්පත් Friday, 02 November 2012 11:26 AM

මුස්ලිම් ව්‍යාප්තිය කෙසේ හෝ නතර කල යුතුයි (ස)

:       0       1

හෂාන් Sunday, 04 November 2012 01:06 AM

ප්‍රජාතන්ත්‍ර වාදයට ලොකු පහරක්

:       0       0

හර්ෂණ Friday, 02 November 2012 11:49 AM

ලුම්බිණි දක්වා ඇති අදහස් ඇයගේ නමටත් කැළලක්. (නි)

:       0       0

රාජා Sunday, 04 November 2012 06:56 PM

ඉස්ලාම් සහ කතෝලික ව්‍යාප්තවාදය නිසා තමයි ලෝකයේ විනාශකාරී ගැටුම් ඇතිවෙන්නේ. තමුන්ගේ රටේ ඉන්නේ නැතුව අනුන්ගේ රටවල් අස්සේ රිංගන්න යන නිසානේ ඔය ප්‍රශ්න ඇතිවෙන්නේ. මුස්ලිම් අයගේ ඔය කැත පුරුද්ද කවදා අත්හරියිද මන්දා ? (නි)

:       0       0

සෑම් Sunday, 04 November 2012 08:01 PM

බන්ගලිදේශයෙන් ආවනම්, බල්ගලිදෙශයටම යැව්වට වරදක් නෑ.... ලංකා ආණ්ඩුවත් ඔය බන්ගලිදේශයෙන්,පකිස්ථානයෙන්, මාලදිවයිනෙන්, ඉරානයෙන්,ඉරාකයෙන් හොරට ඇවිත් මෙහේ වීසා නැතිව ඉන්න අන්තවාදීන් ගැන හොයාබලා පිටුවහල් කරන්න ඕන කාලය ඇවිත් තියෙන්නෙ.... (ස)

:       0       2

සෑම් Sunday, 04 November 2012 07:54 PM

බටහිර රටවල් සහාය දක්වන්නේ කතෝලික, ක්‍රිස්තියානි ආගම් පැතිරවීමටය. ක්ෂමා, හියුමන් රයිට්ස් වොච් සංවිධාන මියන්මාරයට චෝදනා කරන්නෙ කොහොමහරි එක්සත් ජාතීන්ගේ හමුදා රට ඇතුළට ගෙන්වාගෙන විශාල වශයෙන් ඇති ස්වභාවික සම්පත්වලට ඇති කෑදරකමටය. (නි)

:       0       0

මුතු Friday, 02 November 2012 09:19 PM

ෂෙරිෆ් අන්න මසුරං කියුම (ස)

:       0       0

සමන් Monday, 05 November 2012 01:55 PM

මොහොමඩ් ඉතින් එහෙම වෙන්නෙ ආගමකට නිගරු කලොත්නෙ. (ස)

:       0       0

අසිත Sunday, 04 November 2012 11:24 AM

මෝඩයින් කොතැනද? එතැනයි ජාතිවාදය.... (නි)

:       0       0

අශාන් Saturday, 03 November 2012 06:03 PM

ඔහොම යන් ඔහොම යන් .. ඇමෙරිකාව තමා ඔය මීයන්ට හොඳ මී කතුර ....... (නි)

:       0       0

අශාන් Saturday, 03 November 2012 05:52 PM

මොහොමඩ් ටිකක් වෙලා යයි ඔයා හිතාගෙන ඉන්න විදිහට වෙන්න නම්. මම මේ බලන් ඉන්නේ සෞදි අරාබියට ගහන්නේ කවදාද කියලා. ළඟදීම බලමුකෝ. ලෝකෙටම විස දෙන්නේ ඔහෙන් තමයි. (නි)

:       0       0

ඩොන් Sunday, 04 November 2012 11:54 PM

රත්නායක මහත්තයා කතා කරන්නේ කටින්ද? (නි)

:       0       0

චමිල් Saturday, 03 November 2012 06:28 PM

මොහොමඩ් , අනෙක් ආගම්වල වර්ගයා බෝ කරගෙන, අනෙක් ආගමිකයින්ට විරුද්ධව ආගමික ජිහාඩ් ගැන උගන්නන්නේ නැහැ. ඔයා නොදන්නවා වගේ කතා කියන්න එපා. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 03 November 2012 03:24 AM

සම්පත්, ඔයා හිතන විදිහට එක කවදාවත් කරන්න බැහැ.හැබැයි ඔයාල ව‍ගේ කට්ටිය නිසා තමයි කවදා හරි බුද්ධාගමත් නැති වෙන්නේ. (ස)

:       0       0

වසීම් මොහොමඩ් Saturday, 03 November 2012 08:33 PM

බුද්ධාගම අනුකූලව ඉරිසියාව තන්හාව පිළිකුල් කරන දෙයක් මේ වගේ සමහර අය නිසයි බුද්ධාගමටත් අවනම්බුවක් වෙන්නේ..?(නු)

:       0       0

සේෆාක් Friday, 02 November 2012 03:35 PM

ලෝක සාමයට ප්‍රශ්නයක්

:       0       0

ලංකා Sunday, 04 November 2012 01:59 PM

කරුණාකර බුදුරජාණන් වහන්සේට අපහාස කරන්න එපා. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 04 November 2012 02:30 PM

ලෝකයම ඉස්ලාම් නිසා එය නොවැළැක්විය හැකියි. (නි)

:       0       0

අශාන් Friday, 02 November 2012 04:12 PM

රටේ `ප්‍රශ්න ආණ්ඩුව විසදන්නේ නැත්නම් ඉතින් විසදා ගන්න වෙන්නේ මහජනතාවට තමා.ආපහු බංගලි දේශයටම තමයි යන්න වෙන්නේ, සාමකාමී රටවල් කන්නේ නැතිව. (නි)

:       0       0

අසිනි Friday, 02 November 2012 04:27 PM

සෞදි අරාබියට යැව්වනම් හරි..අර දෙවියන්ගේ ළමයිනේ ....(ස)

:       0       0

නිමල් Saturday, 03 November 2012 10:09 PM

මේ කට්ටිය පුදුම කට්ටියක්. යන යන හැමතැනම තර්ජන. (නි)

:       0       0

රත්නායක Saturday, 03 November 2012 10:24 PM

ඉස්ලාම් ව්‍යාප්තවාදී බූවල්ලා ලෝකයම ගිලින්න මාන බලනවා. ලෝකෙට තියෙන ලොකුම තර්ජනය මේ ඉස්ලාම් යක්ශයායි. (නි)

:       0       0

දර්ශන Monday, 05 November 2012 10:30 AM

ලෝකෙ හැම රටකම මොකාක් හරි ප්‍රශ්නයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 794 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 297 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1515 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site