ප්රජාතන්ත්රවාදය උදෙසා යන ගමනේදී මියන්මාරය ‘පළමු කඩඉම’ පසු කළ බවත්, එරටට ප්රජාතන්ත්රවාදය උදා වීමේ දිනය අත ළඟ බවත් ඇමෙරිකාවේ සංචාරය කරන මියන්මාර ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී පවසයි. මියන්මාර ප්රජාතන්ත්ර නායිකාව මෙන්ම එරට විපක්ෂ නායිකාව ද වන සූ කී මේ බව කියා සිටියේ පෙරේදා (18) වොෂින්ටන් නුවර ඇමෙරිකා සාම මණ්ඩලය ඇමැතූ අවස්ථාවේදීය. ප්රජාතන්ත්රවාදය උදෙසා යන ගමනේදී මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් කැපවීමෙන් කි‍්‍රයා කරන බවත්, නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ඔහුගේ රජය ඒවා නිසි පරිදි කි‍්‍රයාත්මක කරන බවත් සූ කී පැවැසීය. සූ කී ඉකුත් 17 වැනිදා ඇමෙරිකාවට පය තැබූ අවස්ථාවේ දේශපාලන සිරකරුවන් 500 දෙනකු නිදහස් කිරීමට ද මියන්මාර රජය කටයුතු කළේය. ඒ, තවත් දේශපාලන ප්‍රතිසංස්කරණ කිහිපයක් කි‍්‍රයාත්මක කරමින්ය. ඇමෙරිකාවට පැමිණි පසු සූ කී සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි. එහිදී සූ කී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරියට කියා සිටියේ මියන්මාරයට පනවා ඇති ආර්ථික සම්බාධක ලිහිල් කිරීමටත් පසුව ඒවා ඉවත් කිරීමටත් කටයුතු කරන ලෙසටය. ”මියන්මාරයට ප්රජාතන්ත්රවාදය ගෙන ඒමට ඇමෙරිකාව හුඟක් කැපවුණා. ඒක ප්‍රසංශනීයයි. ඒත් මියන්මාරයට ප්රජාතන්ත්රවාදය ගෙන ආ යුත්තේ මියන්මාර වැසියන්. තම රටට ප්රජාතන්ත්රවාදය අවශ්‍ය බවත් එය රටේ පැවැත්මට හා ඉදිරි ගමනට රුකුළක් බවත් මියන්මාර වැසියන් තේරුම් ගත යුතුයි. එවිට ඉඹේම ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වේවි” යැයි සූ කී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය හමුවූ අවස්ථාවේදී කියා සිටියාය. වසර 15 ක් තිස්සේ සූ කී නිවාස අඩස්සියේ රඳවා තැබුණේ මියන්මාරයේ හමුදා පාලනයක් පවතිද්දීය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මියන්මාරයට ප්රජාතන්ත්රවාදය උදාවන දිනය වැඩි ඈතක නොවේ
ගයාන් Thursday, 20 September 2012 04:30 PM
අහක ඉන්න නයි ලඟට අරන් පස්සේ කනවා කනවා කියයි (ස)
රාජා Thursday, 20 September 2012 11:54 AM
සුකී බුකී වෙන්නෙ ඇමරිකාවේ පදේට නටන්න ගිහින් තමයි. (ස)
මාධව Thursday, 20 September 2012 04:03 PM
බොරු ඔය