IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැමත් ඇටකටු සයිබීරීයාවෙන්

වසර 10,000 කට පමණ පෙර අයිස් යුගයේදී ජීවත් වුණු බව සැළැකෙන මැමත් සත්ත්වයෙකුගේ  සිරුරක  කොටස් සොයා ගැනීමට සයිබීරියාවේ විද්‍යාඥයෝ පිරිසක් සමත් වුහ.

සයිබිරීයාවේ හිමෙන් වැසුණු කදුකර ප‍්‍රදේශයක තිබී මළ සිරුර සොයාගෙන තිබේ.එය සම්පූර්ණයෙන්ම පාහේ මිදී තිබිණි.එසේ වුවත් මළ සිරුර තවමත් ජීවමාන ආකාරයෙන්ම පවතින බව විද්‍යාඥයෝ කියති.

අලියෙකුට සමාන එහෙත් ඊට වඩා ප‍්‍රමාණයෙන් විශාල මැමත් සත්ත්වයන් පෘථිවියෙන් වදව ගියේ මීට වසර 10,000 කට පමණ පෙරය.එවක පෘථිවියේ පැවැති අධි ශීත පරිසරයට ඔරොත්තු දීමට හැකිවන පරිදි සිරුර වසා පිහිටි ඝන ලෝම ආවරණයක්ද මැමත් සත්ත්වයන්ට තිබුණි.වදව යාමට හේතුවක් මෙතෙක් නිශ්විතව සොයාගෙන නැතත් පෘථිවිය ක‍්‍රමයෙන් උණුසුම් වීමට පටන් ගැනීම, ග්ලැසියර දියවී සාගර ජල මට්ටම ඉහළ ගොස් ජල ගැලීම් ඇතිවිම වැනි හේතු බලපාන්නට ඇතැයි සැක කෙරේ.

වසර දහස් ගණනක් තිස්සේ හිමෙන් මිදී ගල් ගැසී පැවැතියද මළ සිරුරේ පාද,හොඩවැල ආදී මාංශ කොටස් තවමත් ප‍්‍රකෘති ස්වරූපයෙන්ම පවතින බව සදහන්ය.වෙනකක් තියා මළසිරුරේ පටක වලින් රුධිර සාම්පල පවා ලබා ගැනීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥ පිරිස පවසයි.

මළ සිරුරේ පර්යේෂණ වටිනාකම නිසාම එය දැන තැන්පත් කර ඇත්තේ සයිබීරියාවේ ඇසමෝව් මැමත් කෞතුකාගාරයේ අධිශිතකරණයකය.මෙතෙක් කාලයක් නොනැසී පැවැතීමට හේතු සොයා පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට විද්‍යාඥයන් සූදානම්ය.ඔවුන් පවසන ආකාරයට පටක වලින් රුධිරය ලබා ගැනීමට හැකි වන්නේ නම් ක්ලෝනකරණ තාක්ෂණය මගින්  උපදවාගන්නා මැමත් සත්ත්වයෙකු මෙලොව එළිය දකින දිනය වැඩි ඈතක නොවන බවට මතයක් පවතී.



අදහස් (0)

මැමත් ඇටකටු සයිබීරීයාවෙන්

සුබසිංහ Thursday, 30 May 2013 04:00 PM

අර කොහෙද පල්ලියක් හාරලා ඇට කෑලි ටිකක් හොයා ගත්තම මැරෙන්න හදපු ඊනියා වර්ගවාදීන්ට මේ ඇට සැකිලිත් මෙහෙ තිබුනා නම් කියලා හිතෙනවා ඇති පුරාජේරු ගහන්න. (නි)

:       0       0

කෝලිත Thursday, 30 May 2013 11:23 PM

ලංකාවට අලි නම් අරහන්. බලමු ඊට වැඩිය ලොකු මැමත් එකෙක්වත් ආනයනය කරලා මොනවා හරි කරන්න පුලුවන්ද කියලා.කොහෙද ඒකටත් ඉන්න අලි කැමති වෙයිද දන්නේ නැහැනේ (නි)

:       0       0

සුදීර Thursday, 30 May 2013 04:00 PM

එහේ ඉන්න අයත් අපේ අය වගේ පුරාජේරු ගහනවාළුද දැන් හෝ ගාලා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 665 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 114 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 275 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 153 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1508 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 455 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site