IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාධ්‍ය කලාව වෙනුවෙන් දිවිපිදූ මාරි කොල්වින්

බි‍්‍රතාන්‍යයේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන මාරී කොල්වින් පසුගිය 22 වැනිදා සිරියාවේ හොම්ස් නුවරදී ෂෙල් වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය. මරණයට බියක් නොදැක්වූ, යුද පුවත් වාර්තාකාරිනියක යැයි බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු අන්තර්ජාතික මාධ්‍ය ඇය හඳුන්වයි. ඇමෙරිකාවේ උපන් කොල්වින් ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වෙනුවෙන් ඇගේ ජීවිතයෙන් වසර 25 ක කැප කළා පමණක් නොව අවසානයේදී ඇගේ ජීවිතය ද පූජා කළාය. මාරී කොල්වින් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත්තී ලෝකයේ වඩාත් භයානකම ස්ථානවල යුද ගැටුම් වාර්තා කිරීමේ ශූරියක වශයෙනි. 1990 දශකයේ දී ඇය රුසියානු ගුවන් හමුදාවේ ප‍්‍රහාරවලින් බේරී, වෙච්නියාවේ ඉටුකළ මාධ්‍ය මෙහෙවර බටහිර පැසැසුමට ලක්විය. ඒ ඇය යුද පුවත් වාර්තා කිරීමේ ප‍්‍රමුඛයා වූ නිසාම නොව ඇය නිර්භීත ගැහැනියක ද වූ නිසාය. කොල්වින් අපට ද හුරු පුරුදු විදෙස් මාධ්‍යවේදිනියක වූවාය. වසර 30 කට ආසන්න කාලයක් අප රටේ පැවැති බිහිසුණු යුද්ධය අවසානයේ සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට කටයුතු කළේත්, අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මාධ්‍ය සංග‍්‍රාමයක් දියත් කළේත් මාරී කොල්වින් යැයි ඇයට චෝදනා එල්ල විය. ඇය ශ්‍රී ලංකාවේ යුද තත්ත්වය වාර්තා කිරීමට පැමිණියේ 2001 වසරේදීය. ඇගේ වචනවලින්ම පවසන පරිදි ඇයගේ එම ‘හිතුවක්කාර’ ගමනේ දී කොටි ත‍්‍රස්තයන් සහ හමුදාව අතර පැවැති වෙඩි හුවමාරුවකදී ඇගේ වම් ඇස ඇයට අහිමි විය. ඉන්පසු වසර 11 ක් තිස්සේ ඇය ඇගේ රාජකාරිය කළේ තනි ඇසකිනි. එනමුත් යුද පුවත් වාර්තාකාරිනියක ලෙස ඇය කිසිම අවස්ථාවක පසු බැස නොගියාය. ඇය සිරියාවට ගියේ ද ඒ බව සනාථ කරමිනි. ෂෙල් වෙඩි ප‍්‍රහාරයට හසුවෙද්දී මාරී සිටියේ හොම්ස් නගරයේ විපක්ෂ කි‍්‍රයාකාරීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේය. හොම්ස් නගරය සිරියා විරෝධතාකරුවන්ගේ මූලස්ථානය ලෙස ද සැලකෙයි. සිරියා රජයේ හමුදා නිරන්තරයෙන් හොම්ස් නුවරට බෝම්බ හෙලයි. වෙඩි තබයි. යුද ටැංකි ද යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරයි. ෂෙල් වෙඩි ප‍්‍රහාරයට හසුවී මිය යද්දී ඇය සිටියේ තනිවම නොවේ. ඇය සමඟ තවත් විදෙස් යුද පුවත් වාර්තාකරුවෝ ද කැමරා ශිල්පීහු ද සිටියහ. ප‍්‍රහාරයෙන් ඇය ද ප‍්‍රංශ ජාතික ඡායාරූප මාධ්‍යවේදියෙක් ද ජීවිතක්ෂයට පත්වූහ. ඔහු රෙමී ඔච්ලික් නමැති නිදහස් මාධ්‍යවේදියාය. මිය යද්දී මාරි කොල්වින් 56 හැවිරිදි වියෙහි පසුවූවාය.



අදහස් (0)

මාධ්‍ය කලාව වෙනුවෙන් දිවිපිදූ මාරි කොල්වින්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 94 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 77 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 64 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 21 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 130 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site