මධ්‍යම ඇමෙරිකානු රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් එවන බවට චෝදනා කරමින් එම රටවලට ලබාදෙන ආධාර කපා හැරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.
මේ අනුව එල් සැල්වදෝරය, ගෝතමාලාව සහ හොන්ඩුරාස් යන රටවලට ආධාර ලබාදීම නවතා දැමීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
පසුගිය දින කිහිපයේදී එම රටවල සැලකිය යුතු පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකවරණ ඉල්ලමින් දකුණු දේශසීමාවට පැමිණ සිටිති.
එම රටවලට චෝදනා කර තිබෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාව වසා දමන බවට ද තර්ජනය කළේය.
මෙක්සිකෝව ඇමෙරිකාවට සංක්‍රමණිකයන් එවීම නැවැත්වීමට පියවර නොගන්නේ නම් දේශසීමාව වසා දමන බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බල කර කීවේය.
රොයිටර් ඇසුරිනි
055
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මධ්‍යම ඇමෙරිකානු රට වලට ලබාදෙන ආධාර කපා හැරීමට තීරණයක්
රවින් Monday, 01 April 2019 02:31 AM
මේ කථා කරන්නේ මානුෂික ආධාර ගැන පමණද? යුධ ආධාරත් නවත්තනවාද?