IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මූදු වතුරෙන් වාහන දුවයි?

මුහුදු ජලය ඉන්ධනයක් ලෙස යොදාගනිමින් ධාවනය කරවිය හැකි මෝටර් රථයක් නිපදවීමට ජර්මනියේ නැනෝෆ්ලොව්සෙල් නම් සමාගමක් සමත්ව තිබේ.

‘‘කුවාන්ට් - ඊ - ස්පෝර්ට්ස් ලිමොසින්‘‘ නම් වන මෙම මෝටර් රථයට අශ්ව බල 920 ක ජවයක් ඇතැයිද තත්ත්පර 3 කදී පැයකට කිලෝමීටර 100 ක වේගයක් අත් කර ගැනීමට හැකියාව ඇතැයිද සදහන්ය.

මෝටර් රථය ජව ගැන්වෙන්නේ එහි රෝද 4 කට සවිකර ඇති ප්‍රබල මෝටර 4 කිනි.

මෙම මෝටර ක්‍රියාත්මක වීමට අවැසි විදුලි බලය ලබාගන්නේ මුහුදු ජලය යොදාගෙනය.මුහුදු ජලය විශේෂ පටලයක් හරහා ගමන් කරවීමට සළස්වා එය ආධාරයෙන් විදුලිය නිපදවා ගැනෙන බව නිර්මාපකයෝ කියති.

මුහුදු ජලය ගබඩා කර තබා ගැනීම සදහා ලීටර 200 ටැංකි 2 ක් මෝටර් රථයේ තිබෙන අතර ටැංකි සම්පූර්ණයෙන් පිරවූ පසු රථය කිලෝමීටර 600 ක දුරක් නොනවත්වා ධාවනය කළ හැකියැයි පැවසේ.

නුදුරේදීම මෙම මෝටර් රථය පරීක්ෂණ සැසි සදහා යුරෝපයේ මාර්ග වල ධාවනයේ යෙදවීමට නියමිතය.

තාක්ෂණය සුපිරි නිසාම මිලද සුපිරි තලයේ වනු ඇතැයි සැළැකෙන අතර දැනට මෙවන් මෝටර් රථයක මිල පවුම් ලක්ෂ 10 ක් පමණ වනු ඇතැයි මත පළවී තිබේ.

1409575689958_wps_14_QUANT_e_Sportlimousine_fr 1409575699442_wps_16_QUANT_WALCH_T8B0552_2_jpg 1409575703776_wps_17_QUANT_e_Sportlimousine_in



අදහස් (0)

මූදු වතුරෙන් වාහන දුවයි?

සජීව Friday, 05 September 2014 06:42 PM

එහෙනම් මුහුදටත් අයිතිකාරයින් ඉඳීවී තව ටික දවසකින්. (නි)

:       0       0

එරංග Friday, 05 September 2014 06:58 PM

ලංකාවටත් නරකම නැහැ (නි)

:       0       0

එරංග Friday, 05 September 2014 08:02 AM

මොනවා වලින් වුණත් කමක් නැහැ, ගාන අඩුවෙන් එනවා නම්. පවුම් ලක්ෂ 10 කියන්නේ?? මම නම් පෙට්‍රල් ගහලම දුවනවා. (නි)

:       0       0

කමල් Thursday, 04 September 2014 04:45 PM

මීට ටික කාලෙකට කලින් ලංකාවේ කෙනෙකුත් කිව්වා මුහුදු වතුරෙන් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. නමුත් කව්රුත් උදව් කළෙත් නැහැ කතා කළෙත් නැහැ. ඔහුට මොනවා වුණාද දන්නේත් නැහැ. මේ නිසා තමයි අපි තාම එකම තැන. (නි)

:       0       0

රමේෂ් Friday, 05 September 2014 09:15 AM

වාහනයේ මිලම විතරක් රුපියල් මිලියන 200 ක් විතර වෙනවනේ. එතකොට මිලියන 10 කට වාහනයක් අරගෙන ඉතිරි මුදල බැංකුවක දාලා එම මුදලින් පෙට්‍රල් ලීටර් ලක්ෂ 11 ක් ගහලා දුවන්න පුළුවන්. ඉතින් මොකටද මුහුදු වතුර දාගෙන මළකඩ කන්නේ. (නි)

:       0       0

කුමාර් Thursday, 04 September 2014 05:57 PM

කෑගල්ල පැත්තේ කෙනෙක් මීට අවුරුදු 30කට විතර පෙර මේ විදියේ මෝටරයක් හැදුවා කියලා පත්තරේ දාලා තිබුණා නේද? ඒකට මොකද වුණේ? (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 04 September 2014 06:04 PM

ජලය මුහුදේම තිබෙන නිසා නාවික යාත්‍රා ගමනාගමනයටද මෙම සුත්‍රය යොදා ගන්නේ නම් මහඟු පිනක්. නැව් ගාස්තු අධික නිසා දිනපතා බඩු මිල නගිනවා. පසුව දුම්රිය ,බර වාහන ත්‍රීරෝද ගැනද කඩිනම් පියවරක් අවශ්‍යයි (නි)

:       0       0

ගාල්ලගේ නිශ්ශංක Saturday, 06 September 2014 02:22 AM

ලංකාවට ආවොත් මුහුදු වතුරින් පෙට්‍රල් හදයි (නදී)

:       0       0

දමිත් Saturday, 06 September 2014 02:53 AM

අාශ්චර්යය වෙන්නේ හතරවටෙන්ම මුහුදෙන් වටවුණ ලංකාවට ඕක අාවට පසු මුහුදු වතුර ඉන්ධන ලීටරයක් රු. 200ක් වෙන එකයි (නි)

:       0       0

සඳුන් මල්වත්ත Sunday, 07 September 2014 03:17 PM

නියමයිනේ (නදී)

:       0       0

යාපා Friday, 05 September 2014 01:29 PM

මට නම් මේක විශ්වාස නැහැ. ශක්ති සංස්ථිති නියමයේ හැටියට එහෙම වෙන්න බැහැ. (නදී)

:       0       0

තරංග Friday, 05 September 2014 01:39 PM

එලම තමයි (අ)

:       0       0

තරංග Friday, 05 September 2014 01:37 PM

නියමයි (නදී)

:       0       0

මනු Friday, 05 September 2014 01:59 AM

මම නම් වීශවාස කරන්නේ නැහැ (නදී)

:       0       0

යසිත් නයනජිත් Friday, 05 September 2014 02:44 PM

මේක මට නම් විස්වාශ කරන්න පුලුවන්. මොකද භෞතික විද්‍යාව ඉගෙනගෙන උසස් පෙලට ඒ සාමාර්ථයක්ද අරන් ඉන්න මට දැන් තේරෙනවා ඒ නියම සමහරක් වැරදිද මන්දා කියලා. කවදාවත් කෙනෙක්ගේ බහිර බලයක් නැතුව වස්තුවක් චලනය වෙන්න බෑ කියල භෞතික විද්‍යාවෙන් කිව්වට ඔන්චිල්ලාවක් පදිද්දි කෙනෙක් තල්ලු නොකර තමා විසින්ම කොහෙවත් ස්පර්ශ නොකර බලයක් සපයාගෙන දිගටම ඔන්චිල්ලාව පදින්නෙ කොහොමද කියල කෙනෙක් භෞතික විද්‍යාවෙන් පහදන්න බලන්න. බෑ නේද. ඒවගේම මේ ලඟදි ලංකාවේ කෙනෙක්ම හොයාගත්ත නිවසේ ටැංකියෙන් අරන් පාවිච්චි කරන ජලයෙන්ම විදුලිය නිපදවාගෙන ඒ නිපදවෙන විදුලියෙන්ම මෝටරයක් කරකවා යලි එම ටැංකියටම ජලය පොම්ප කලහැකි බව. ඊට අමතරව ඒ විදුලියෙන්ම ගෙදර අනෙකුත් විදුලි භාන්ඩද පාවිච්චි කරන බව ඔහු සඳහන් කලා. ඔහු ඒ දෙය ගෙදර කරන දෙයක් කිව්වා. ඉතිං ඒ විදියහ බැලුවාම ශක්ති සංස්ථිති නියමය වැරදියි. ඉතිං මට නං දැන් පේන්නෙ භෞතික විද්‍යාවේ සමහර නියම වැරදි බව දැන් මේ සිදු කරන නව සොයාගැනීම් වලින් උනත් තහවුරු වනවා කියලයි.(නදී)

:       0       0

දුමිදු Friday, 05 September 2014 02:52 PM

ගොඩක් හොද දෙයක්. චීනෙට මේක හදන්ට දුන්න නම් හරි (නදී)

:       0       0

සුදත් රෝහණ Friday, 05 September 2014 03:10 PM

ආතර් සී ක්ලාර්ක් මහත්මයා කිවුවනේ තෙල් වෙනුවට විකල්පයක් සොයා ගත යුතුයි කියල ,එහෙම කිවුවේ මොකක් හරි හේතුවක් නිසානෙ.ලෝකෙ වෙන දේවල් දැක්කම අපිට හේතුව නොදැනෙනවාම නොවෙයිනෙ.ඒ නිසා මේ ගැන සතුටු විය යුතුයි .තව තවත් සාර්ථක වේවා !!!කොහොමත් ජර්මන් වාහන උසස්නෙ. (දී)

:       0       0

දිනේෂ් Friday, 05 September 2014 03:54 AM

මේ වාහනයට යොදාගන්නේ මුහුදු වතුර යොදාගන්න බැටරියක්. විශේෂත්වය තමයි සාමාන්‍ය බැටරියකට වඩා වැඩි ප්‍රමාණයක් විදුලිය ගබඩා කරන්න හැකිවීම. මේ බැටරියත් අනෙක් ඒවා වගේම චාර්ජ් කරලා තමයි වාහනය දුවන්නේ. (නි)

:       0       0

චානක Friday, 05 September 2014 04:52 PM

තාක්ෂනය දියුණු වෙනවනේ දවසින් දවස (දී)

:       0       0

චමිලා Saturday, 06 September 2014 10:09 AM

මේක ආවම ආණ්ඩුවෙන් මුහුදු වෙරළට යනකොටත් බදු ගහයි (නදී)

:       0       0

අලහකෝන් Friday, 05 September 2014 05:00 AM

මනු-විස්වාසකරන්න, ලංකාවේ කීප දෙනෙක්ම මෙය අත්හද බලල ඔප්පු කරල පෙන්නුවා. එහෙත් අපේ රටේ ඉන්නේ ඉරිෂියා කරායෝ.කිසිම උපකාරයක් කළේ නැහැ.ලංකාව එහෙම රටක් (අ)

:       0       0

සසිඳු Sunday, 14 September 2014 06:03 PM

ඒකත් එහෙමද? (නි)

:       0       0

මාධව Friday, 05 September 2014 05:49 PM

ශක්ති සංස්ථිති නියමය නම් ඇත්ත. ඒක නෙමෙයි ප්‍රශ්නය. මුහුදු ජලයෙන් කොහොමද ඒ තරම් බලයක් නිපදවන්නෙ? (නි)

:       0       0

සිල්වා Thursday, 04 September 2014 02:27 PM

එහෙනම් තෙල් මිල අඩුවෙන්න පුලුවන් ලංකාවේ ඔය එන්ජිම දාල බස් ටිකකුත් හදාගත්තොත් ලංකාවට හොදයි (නදී)

:       0       0

මධුක Friday, 05 September 2014 06:22 AM

මේක නම් මිලියන 1.2ක් විතර වටිනවා (නි)

:       0       0

ප්‍රදීප් Friday, 05 September 2014 05:59 PM

මම පාසල් යන කාලයේදී ලංකාවේ කෙනෙක් මේ වගේ එන්ජිමක් හදලා පොලිසියේ ලොකු මහතාගේ කාර් එක දුවලා පෙන්වලා තිබුනා කියලා පත්තරරේක තිබුනා මතකයි. (නි)

:       0       0

ඉසුර දසනායක. Monday, 08 September 2014 03:48 AM

හොද නිර්මානයක් ලංකාවට නම් නියමයි . මිල කියක් විතර වෙයිද දන්නේ නැහැ නේද. (නදී)

:       0       0

බුද්ධික Friday, 05 September 2014 06:18 PM

එහෙම නම් නියමයිනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 363 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 101 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 237 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1499 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 445 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site